ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව හා සමස්ථ ලංකා කාරක සභාව අද සවස බත්තරමුල්ලේ අපේ ගම පරිශ්‍රයේ දී හමුවීමට පෙර පළාත් සභා මන්ත්‍රී සංසදයේ රැස්වීමක් බස්නාහිර ප්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලයේ පැවැත්විණි. එහිදී මාධ්‍යෙව්දින් කැඳවීමට මන්ත්‍රීවරු පිරිසක් විරෝධය දැක්වූහ. ඔවුන් කියා සිටියේ තමන් පැමිණියේ සාකච්ඡාවකට බවත් මාධ්‍ය හමුවේ කරුණු දැක්වීමට නොවන බවයි. දකුණු පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය යූ.ජී.ඩී.ආරියතිලක මහතා අදහස් දක්වමින් විධායක සභාවට ඉදිරිපත් කරණ නව ප්‍රතිසංස්කරණ යෝජනා ගැන අදහස් දැක්වීම ආරම්භ කළේය. එහිදී පසුගිය ජනාධිපතිවරණයේ පරාජය විශේලේෂණය කැර එය පක්ෂයට ඉදිරිපත් කළ යුතු යැයි කීමත් සමග පැමිණ සිටි මන්ත්‍රීවරු පිරිසක් කියා සිටියේ තමන් පැමිණියේ ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කැර ගැනීමේ යෝජනාවක් ගෙන ඒමට බවයි. තමන් පක්ෂය ආරක්ෂා කළ යුතු බවත් පක්ෂය කැඩීයාමට ඉඩදිය නොහැකි බවත් ආරියතිලක අමාත්‍යවරයා කියා සිටියේය. පසුව සංසදයේ සාකච්ඡාවක් පවත්වා පසුව යලි ඔවුන් මාධ්‍ය හමුවට පැමිණියහ. මුලින් මුලසුන දැරූ ආරියතිලක පළාත් අමාත්‍යවරයා එහි සිටියේ නැත. හදිසි පණිවිඩයක් පැමිණ ඔහු ඉවතට ගිය බව දෙවැනිවර මුලසුන දැරූ පළාත් සභා මන්ත්‍රී විමලවීර දිසානායක මහතා කීවේය.
එහිදී කතා කළ පළාත් සභා මන්ත්‍රී විමලවීර දිසානායක මහතා කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ජනාධිපතිවරුන්වන චන්ද්‍රිකා බණ්ඩාරනාක කුමාරතුංග මහත්මිය හා මහින්ද රාජපක්ෂ මහතාගෙන් සමන්විත නායකත්ව මණ්ඩලයක් සකස් කළ යුතු යැයි තම සංසදය තීරණය කළ බවයි.
එමෙන් ම ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත්කිරීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වී සිටි සියළු පක්ෂ ඒකරාශී කරගෙන මැතිවරණයට යා යුතු බවටත් යෝජනා තුනක් සම්මත කැර ගත් බවත් ඒවා සවස සමස්ථ ලංකා කාරකසභාවට ඉදිරිපත් කරණ බවත් ඔවුහු කීහ.
කලින් මුලසුන දැරූ යූ.ජී.ඩී.ආරියතිලක පළාත් සභා අමාත්‍යවරයාගෙන් මේ ගැන විමසූ විට ඒ මහතා කියා සිටියේ පක්ෂය දෙකඩ කරණ කිසිදු තීරණයකට තමන් එකඟ නොවන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොපි කරලා වගේ (නදී)
විමලවීර මහත්තයා කියන විදියට ගියොත් ශ්‍රී ලංකා එකට ගමනක් යන්න පුලුවන් කියලයි මට නම් හිතෙන්නේ. (නි)
ශක්තිමත්ව තිබුන මේ පක්ෂයේ මේ විදිහට ප්‍රශ්න ඇතිකරන්න මුල්වුණේ කවුද කියලා අපි දන්නවා. දැන් ඉතින් සමහරුන්ට නින්දයයි.රටට ගිය කලක්! (නි)
පක්ෂය මංකොල්ල කන්න දීල පාර්ලිමේන්තුවේ නිවටව බලන් ඉන්න චීත්ත ඇදගත් පිරිසට ඇස් ඇරෙන්නේ අවුරුදු 10ක් 15ක් 20ක් ආයේ විපක්ෂයේ ඉන්න සිදු වුනාම තමයි. මහින්ද මහත්තය නැති උනොත් අපි කවුරුත් චන්ද පොලට යන්නේ නැහැ. කරපු කුමන්ත්‍රණ ගහපු ඩබල් ගේම් තමන්ටම ආයෙත් පාරා වළලු වන දිනය වැඩි ඇතක නැහැ. ඔය පත්තු වෙන්නේ කස. පෙරහැර ලග එනවා. (නදී)
මත ගැටුම් රට වෙනුවෙන්ද ? (නදී)
අපි හිතුවා මෙහෙම වෙයි කියලා (දිල්)
සිංහලයිනි, මහින්ද සමග පෙරට ගියොත් අපි දිනුම් නැත්නම් අපේ රට අපිට නැති වේවි (නදී)