ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් අහුංගල්ලේ හෝටලයක පැය හතක් පුරා පැවැත්වූ විශේෂ සාකච්ඡාව අද පස්වරු 5.30ට පමණ අවසන් විය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනියගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.30ට පමණ ඇරැඹි මෙම සාකච්ඡාවට සන්ධාන මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර, ශ්‍රීලනිප මහ ලේකම් ඇමැති දුමින්ද දිසානායක, උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ සහ දකුණු මහ ඇමැති ශාන් විජයලාල් සිල්වා, නන්දිමිත්‍ර ඒකනායක, අතාවුද සෙනවිරත්න ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්න ගැන එහිදී සාකච්ඡා කළ බව කී ශාන් විජයලාල් මහතා වැඩි විස්තර මාධ්‍යයට ලබා දිය නොහැකි බව ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇය තවමත් රට පාලනයට සම්බන්ධද? (නි)
හිතාගන්න පුලුවන් මොන වගේ සාකච්ඡාවක් වෙන්න ඇද්ද මේක කියලා! (නි)
මොකක්ද ගැනද ඔය කතාව කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)
මෙච්චර වෙලා කතාකළේ මොනවද කියලා මම දන්නවා. මාතෘකාව මහින්ද වෙන්න ඇති. ඉවර වෙනතුරුම මහින්ද. මම හරිනේ... (නි)
මේ ඔක්කොම ප්‍රශ්න වලට බොහොම සුළු විසඳුමයි තියෙන්නේ (නි)
තාත්තා බිහිකළ අම්මා රැකබලා ගත් පුතා සහ දුව විනාශ කළ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂය කුමක්ද? ශ්‍රීලනිපය රැක ගැනීමට කළ යුත්තේ කුමක්ද? සභාපති පත් කිරීම පිළිබද ව්‍යවස්ථාව ඉවත් කරන්න.එහි බලය කෘත්‍යාධිකාරී මංඞලයට පවරන්න. (බ)
බලය තිබුණු කාලේ මොනවද කලේ? මහින්දට මල් තියල වදපියවූ ඒ මනුස්සයා රටත් ගොඩ දාලා පක්ෂයත් ගොඩ ගත්තට. (ම)
සාකච්ඡාව හැකි ඉක්මනින් මහින්ද, ප්‍රසන්න, බන්දුල, කුමාර වෙල්ගම, ඩලස්, මහින්දානන්ද, රෝහිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කරන්න ගන්න පුළුවන් ක්‍රියා මාර්ග මොනවද කියල හොයල බලන්න. (බ)
අපි පාරම්පරික ශ්‍රී ලංකා කාරයෝ . එ්ත් ඔය ලොකු නෝනා දෙවෙනි පාර ජනාධිපතිවරණයට ඉල්ලනකොට අපි ඡන්දය දුන්නේ එජාපයට , මොකද ලොකු නෝනා කළේ රටම විකුණාෙ ගෙන කන එක. (බ)
චන්ද්‍රිකා මහත්මිය දැන්වත් ඔය දේශපාලනෙන් අයින් වෙන්න, රාජපක්ෂලාගෙන් පළිගන්න තුරු ඉන්නවා කියල නේද හිත ගෙන ඉන්නේ , නැවතත් රාජපක්ෂ ලේ තියෙන අය බලයට අවොත් ඔබ තුමියට රට ආල යන්න වෙන එක සිකුරුයි නෝනේ (බ)
චන්ද්‍රිකාට අදාල නැහැනේ . මොනවද ඉතින් මහින්ද ගැන කතා කරන්න ඇති . මේ සමුළු වලට බටහිර රටවල් වලින් මුදල් වියදම් කරනවා .තාමත් බූවල්ල වගේ එල්ලිලා ඉන්නවා .ඉන්න කාලේ මුකුත් කළේ නැහැ (බ)
මේ කිසි කෙනෙකුට අදාල නැති කතා වගේ (බ)
මැඩම් වෙලාවට ඇවිල්ලා. ඒකාලේ වෙලාව කෙසේ වෙතත් පැය ගණන් මිනිස්සු රස්තියාදු කරනවනේ . මේ ඉන්න අයට නැවත ඡන්දෙ නම් ලැබෙන්නේ නැහැ. ලැයිස්තුවෙන් තමයි ඉතින් (බ)
අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවශ්‍ය නැහැ. විකල්ප ගොඩක් තියනවා. මේ කට්ටිය කොහොමත් හොඳ අය නෙමෙයි. (නි)
නියම කට්ටියනේ එකතුවෙලා තියෙන්නේ (නි)
මුලසුන ගත් එක්කෙනා ගැන හිතනකොට වැඩේ දුවන හැටි හිතාගන්න පුළුවන්. (නි)
රටට යම් යහපත් වැඩක් නොකළ පිරිසක් රට බේරාගත්, සංවර්ධනය කළ රාජපක්ෂලාට එරෙහිවී රට නැවත අගාධයට දැමීමට දරන උත්සාහය හෙළාදකිමු (නි)
ඔව් මහින්දට මල් තියලා වඳින්න ඕනෑ පක්ෂය ගොඩ දැම්මට (නි)
අනේ! මෙයාලත් සමඟ තවත් මොන සාකච්ඡාද? (නි)
ළඟදිම දැනගන්න පුලුවන්වෙයි සාකච්ඡාවේ අන්තර්ගතය? (නි)
මොනවද දන්නෙ නැහැ ඔච්චරටම තිබෙන ප්‍රශ්න? (නි)
අනේ අම්මපා හැබෑට! අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේවට තමයි (නි)