ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරයට සහභාගී වන ලෙස පක්ෂයේ අනුශාසකවරයෙකු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අඟහරුවාදා රාත්‍රියේ ඇරයුම් කැරිණි.පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති කම්කරු ඇමති ජෝන් සෙනවිරත්න මහතා මිරිහානේ නිවසට ගොස් ආරාධනා පත්‍රය බාර දින්හ
කුරුණෑගල දී සැප්තැම්බර් 4 වැනි දා පැවැත්වෙන සමුළුවට සහභාගී වීමට බලාපොරොත්තු වන බව රාජපක්ෂ මහතා එහි දී කියා ඇත.ඔහු ඇරයුම සතුටින් බාරගත් බව ද ඇමැති කියයි.
පක්ෂයේ අනුශාසකවරුනක් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට හා මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂ නායක දෙපසින් අසුන් පැනවෙතියි දැනගන්නට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසංග ගේ කතාව 100% හරි. (අ)
එහෙම තමයි වෙන්න ඕනේ (අ)
වටේම ගිහින් දන්නා දහන් ගැට ඔක්කොම ගහල , පුළුවන් තරම් මෛත්‍රී ජනපතිගේ කකුලෙන් අදාල බැරිම තැන දෙන්න දෙපැත්තෙන් සාන්ති මැද්දෙන් වගේ, මම නම් හිතන්නේ නැහැ මෛත්‍රී ජනපති තුමන් මැද්දේ නම් වාඩි වේවි කියල (අ)
ජනපතිගේ නම් කිසිම කැමැත්තක් නැතිව ඇති මැද්දෙන් ඉදගන්න දුන්න කියල සේරම හරි උඩින් මිතුරු යටින් තුරු විමල් වසු ගම්මා මේ තුන්දෙනා නැහැනේ හිත සනසන්න මහින්දට සුරන්ගනා කතා කියන්න මහින්ද එන්නේ නැහැ එදාට වැලිකඩ යන්න තියෙනවා කියයි (අ)
පිටබැද්දර ජයා, කකුලෙන් අදින්න එයාලා අලුත් දේවල් කරගෙන උඩට ගියේ නැහැනේ. හිටියටත් වඩා පහළනේ ඉන්නේ. මම මහින්දගේ පැත්ත ගන්නවා නොවෙයි. ඇත්ත කිවුවේ (නි)
ලංකාවේ අයගේ සිරිත තමයි නිවසකට එන කෙනාගේ හිත රිදවන්නේ නැතුව ආපසු යවන එක. අපිට බලාගන්න පුලුවන් එදාට එතුමා යන නොයන එක. (නි)
ඒක තමයි වෙන්න ඕනේ.(හේ)
ලොක්කා කීකරු වෙලාද?(හේ)
එතුමා බොහොම නිහතමානී කෙනෙක් (නි)
ප්‍රවේශමෙන්...! පනින්නට පෙර සිතා බලන්න. (නි)
තමන්ගේ පක්ෂේ පරද්දන්න කටයුතු කරපු , අදටත් එහෙම කරන නායකයෙකු සිටින තාක් කල් , ඔබතුමා ඔය පක්ෂ උත්සව වලට නොයා යුතුයි (බ)
බැහැ කියන්න බැරි නිසා බාරගත්තට පස්සේ කියයිද දන්නේ නෑ එදාට පිටරට සවාරියක් යන්න තියෙනවා කියලා (බ)
පිටබැද්දර ජයා පුදුම කඩේ යාමක්නේ වෙන්නේ (නි)
පිටබැද්දර ජයා... උම්බෑ හඩ දෙනා... දකින දකින දෙනා.... උඩ පැන පැන හිනා... (නි)
අපේ ඡන්දෙත් මේපාර ශ්‍රීලංකා නිදහස් පක්ෂයට දෙන්නේ නැහැ.(බ)
මහින්ද එයට යා යුතුමයි. ඉන්පසුව ගන්න තීරණයක් ගන්න පුළුවන්. කවුරුත් එකපාරටම කලබල වෙන්න එපා. කොහෙද එතකොට වාඩිවෙන්න ඕනෑ. මිනිස්සු උස්සලාම පුටුවෙන් තිබ්බ නිසා නේද වැරැද්දක් කළත් තැන දුන්නේ. කියන්නේ බලෙන් ගත්තේ නැහැ කියලනේ. වැරදි කරපු අයම නේද ඔතන එකතුවෙලා ඉන්නේ. කටවල් ප්‍රවේශම් කරගෙන කටයුතු කළොත් පක්ෂයත් රටත් රැකේවි. (නි)
මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිතුමා ඔය උත්සවයට සහභාගී වන්නේ නම් එතුමාටද දේශපාලන වශයෙන් ආයුබෝවන් කීමට මෙරට දේශප්‍රේමී ජනතාවට සිදුවනු ඇත. තවද එතුමා මේ සම්බන්දයෙන් නොපමාව තම ස්ථාවරය ප්‍රකාශ කිරීම එතුමාට ගරුකරන ජනතාවට කරන සාධාරනයක් බවද මම විශ්වාස කරමි.(හේ)
පිටබැද්දර ජයා, ඔබ වැනි අය හිටියා සුද්දා රට පාලනය කාලෙත් (නි)
ටිකිරි බණ්ඩාර මොකද මේ නහයෙන් අඬන්නේ? (නි)
නියම නායකයෙක් මහින්ද මැතිඳුන් (නි)
මම සහ පවුලේ කිසිම කෙනෙක් ආයේ ශ්‍රී ලංකා එකට ඡන්දෙ දෙන්නේ නැහැ මේ අය ඉන්නකම්. (නි)
දහම් මහතා තමන් කුමනාකාරයේ පුද්ගලයෙක්ද යන්න ඔප්පුකර ඇත.
පිටබැද්දර ජයා, එකට කාලා නොකියාම පිටිපස්සෙන් පිහියෙන් අනින එකද හොඳ? ඔය පුටු තුනෙන් එකක් හිස්වෙයි වැඩි ආරක්ෂාවට. මේ පාර ළඟින් ගියොත් ඇසත් නැතුව තමයි ඉන්න වෙන්නේ. ඒ තරම් විශ්වාශ කරන්න බැරි මිනිස්සු අපි අතර ඉන්නේ. (නි)
මහින්ද මැතිතුමනි, ඔබත් යහපාලනයට සහයෝගයදී මෙම ප්‍රශ්නය කෙළවරක් කරන්න. එතකොට හැමෝම සතුටු වේවි. අනේ මෙහෙම රටක්? (නි)
ඕනෑම තැනක මුකුත්ම නොකරම ඉන්න අයගෙන් කිසිම වැරද්දක් වෙන්නේ නෑ, වැඩ කරොත් වැරදි වෙනවා ,(හේ)
එහෙම තමයි එතුමා. හොඳ බුද්ධියක් ඇති දුරදිග හිතන නායකයෙක් (නි)
නොගිහින් බැහැනේ මහත්තයෝ යන තත්ත්වයත් එක්ක. ගියත්, වැඩිකල් යන්න කලින් මෙතුමටත් "සොරිම තමයි". (නි)
ඒක එතුමාගේ මහත්මා ගුණය! (නි)
"කපන්න බැරි අත සිඹිනවා වගේ" කියලා අපේ පුරාණ මුතුන් මිත්තෝ කිව්වේ අද කාලෙටත් ගැළපෙන්න. "අනේ කාලේ වනේ වාසේ....." (නි)
රට එක්සේසත් කළ වීරයා. ඔබතුමා සදා සැරදේවා! (නි)
මහින්ද මහත්තයාගේ මනුස්සකමයි මේ (නි)
ඇමරිකාවෙන් කැමති කරවාගත්තද දන්නෙ නැහැ කලින්ම මහින්ද මහත්තයා ගෙන්නාගන්න (නි)
මොකට ආරාධනා කරන්න ගියාද මන්දා? අපිට/රටට දෙවියන්ගේම පිහිටයි. බුදුන්ගේ සරණයි. (නි)
ලෝකය වටේ ගිහින් අපිට කියනවා ලංකාවේ පිටරටවල ඉන්න අය පරිත්‍යාග කළා කියලා. එසේ මෙසේ මුදලින් නෙමෙයි මිලියන් ගණනින් (නි)
මම නම් හිතන්නේ නැහැ මහින්ද දුරදිග නොබලා තීරණ ගන්න කෙනෙක් කියලා (නි)
බාරනොගෙන ඉතින් වෙන මොනවා කරන්නද? (නි)
පිටබැද්දර ජයා, එහෙම කකුලෙන් අදින්න එයාලා මොනවහරි රටට වැදගත් වැඩක් කළාද? (නි)
දැන් වෙන මොනවා කරන්නද සහයෝගයෙන් වැඩකරනවා මිසක් (නි)
අනේ හැබෑට, ද සිල්වාගේ මෝඩ කතා! (නි)
ඒක තමයි මහින්දට තිබෙන එකම විසඳුම (නි)
දේශපාලනය ඔහොම තමයි. අපි මරාගන්නවා. ඒගොල්ලෝ හිටපු ගමන් පාට මාරු කරනවා. අපි තමා මෝඩයෝ (නි)
මේවට හිනාවෙන්නද අඬන්නද කියලා තේරෙන්නෙ නැහැ (නි)
අනේ මන්දා මෙහෙමත් විහිළු! (නි)
ද සිල්වා මහතාණෙනි, ඔබේ පවුලේ ඡන්ද 100 ලබාගැනීමට පක්ෂ නායකයාගේ පවුලේ අයට කිසියම් චෝදනාවක් තිබිය යුතුද? අපි භක්තිමත් දේශපාලන වන්දනාකරුවන් වෙමුද? රටේ අනාගතය වෙනුවෙන් නිවැරදි ගමනක් සොයමුද? අවුරුදු 68 ක් අප විසින් කර ඇති දේශපාලන වන්දනාවේ ප්‍රතිඵල තවමත් අප තේරුම් නොගැනීම ගැන කණගාටු වියයුතු නොවන්නේද? (නි)
ලෝකයේ විෂකුරුම නාග විශේෂය ඉන්නේ මැදපෙරදිග වැලි කතරේ කියලයි මම ඉස්සර හිතාගෙන හිටියේ. එ්ත් ලෝකයේ දරුණුම විෂඝෝර සර්ප විශේෂය ඉන්නේ ලංකාවෙනේ බලනකොට. (නි)
ද සිල්වාගේ පවුලෙන් ඡන්ද සීයක්? බුදු අම්මෝ! (නි)
අනේ බොරු නාඩගන්... අපි මෙහෙ හාමතේ... (නි)
ද සිල්වා මහත්තයා වගේ අයගේ ඡන්ද තමයි මේ රට විනාශ කළේ. අවුරුදු 68ක්ම ඔය විදිහට හිතපු අයගේ ඡන්ද නිසා රට පිරිහුණා. බුද්ධිමත් ජනතාවගේ ඡන්ද වැඩිවෙන්නයි ඕනෑ (නි)
ඔන්න නියම නායකයා (ම)
මේ දක්වා කරපු වැඩ වල හැටියට මම හිතුවේ ඇරයුම සතුටින් ප්‍රතික්ෂේප කරයි කියලා. (නි)
මොගොල්ලන් හැමදාම දිනුම්. අපි තමයි හැමදාම පරදින්නේ.(ම)
දෙපසින් අසුන් පනවන එක බොහොම බුද්ධිමත් වැඩක් . නැත්නම් තුන්වන ලෝක සංග්‍රාමය එදාට සිද්ද වෙයි (ම)
බුද්ධික, නැහැ එහෙම වෙන්නේ නැහැ. වාසියට රාජපක්ෂලාට ලැජ්ජාවක් කියලා දෙයක් නැහැ. (නි)
මොකට ඇරයුම් කළාද මන්දා? (නි)
එයාලට ලැජ්ජත් නැහැ. මෙයාලට ලැජ්ජත් නැහැ. (නි)
අපිට ඕනේ අලුත් පක්ෂයක් මහින්ද මහතා කිවත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට චන්දෙ දෙන්නේ නැහැ මගේ පවුලේ ඔක්කොම ඡන්ද 100 විතර තියෙනවා අපි කිසි කෙනෙක් ආයේ මෛත්‍රී සිටිනතුරු දුමින්ද සිටින තුරු දෙන්නේ නැහැ (අ)