ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරු ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී තීරණයකට පැමිණ සිය අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වන බව ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා අද ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවීමට පක්ෂ සභාපති ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇති බවත් එයට ඉක්මනින් අවසර ලැබෙනු ඇති බවත් පැවසූ අමාත්‍යවරයා එජාපය ක්‍රියාකරන ආකාරය දෙස බැලූ විට තවදුරටත් අමාත්‍යධූර දැරීම අවශ්‍ය නොවන බව පෙනී යන බවත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා ගියාට අපිට නම් කිසි දුකක් නැහැ (නි)
හිටිය කියල මොකටද, කොහොමත් ඔයාලට අයින් වෙන්න තව දවස් කීයද තියෙන්නේ (ම)
මධ්‍යම කාරක සභාව මොකටද අයින් වෙන්න අයින්වෙලා යන්නකෝ ඔය හදන්නේ ජනාධිපති සභාපතිකමෙන් අයින් කරන්න (ම)
මෙතෙක් පැවතී අසාර්ථක ම එජාප රජයෙන් වහාම ඉවත් විය යුතුයි. නැතිනම් මේ මහා බැංකු මංකොල්ලේ කොටස්කරු වේ. ඩයස්පෝරවට නම් නිදහසින් පසු පත් වූ හොඳම රජයයි.(ම)
අගෝස්තු 17 වෙනිදගෙන් පස්සෙ ඇමතිකමක් ගන්න ඕනවෙනකොට ආයෙත් එජාපය ක්‍රියා කරන ආකාරය හොඳ වෙයි නේද......ඇමතිතුමෝ...(ම)
බලය අඩුවෙන් තියෙද්දිත් ඔහොම නම් ....කුට්ටිය ලැබුනොත් ඉතින් එයාලට ඔයාලගේ අතින් වැඩක් නෑ...ඕන තරම් අලි පැටව් ඉන්නවා අවුරුදු ගානක් මොකුත්ම නැතුව හිටපු...එනිසා දැන්මම මොලේ පාවිච්චි කරපු එක වඩාත්ම හොඳ බව කාට කාටත් තේරේවි...(බ)
දැන්ම සද්දයක් දාලම අස්වෙන එක හොඳයි (නි)
වස් කවියක්වත් කියමුද හොඳට ගණ පිහිටුවලා? (නි)
පිට පොට ගහන්නේ මොකටද කියල රටම දන්නවා , නමුත් වැඩක් නැහැ.(බ)
අනේ හොඳයි අස්වෙලා ගෙදරම යන්න (අ)
නම්බුපිට අයින්වෙලා යන එක කොහොමටත් හොඳයි (නි)