ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරු ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී තීරණයකට පැමිණ සිය අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වන බව ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා අද ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවීමට පක්ෂ සභාපති ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇති බවත් එයට ඉක්මනින් අවසර ලැබෙනු ඇති බවත් පැවසූ අමාත්‍යවරයා එජාපය ක්‍රියාකරන ආකාරය දෙස බැලූ විට තවදුරටත් අමාත්‍යධූර දැරීම අවශ්‍ය නොවන බව පෙනී යන බවත් කීවේය.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රීලනිප ඇමැතිවරු ඉල්ලා අස්වෙති?
අරුණ Thursday, 23 July 2015 02:28 AM
ඔයාලා ගියාට අපිට නම් කිසි දුකක් නැහැ (නි)
අජිත් කරුණාරත්න Thursday, 23 July 2015 02:42 AM
හිටිය කියල මොකටද, කොහොමත් ඔයාලට අයින් වෙන්න තව දවස් කීයද තියෙන්නේ (ම)
කාලින්ග පෙරේරා Thursday, 23 July 2015 02:54 AM
මධ්‍යම කාරක සභාව මොකටද අයින් වෙන්න අයින්වෙලා යන්නකෝ ඔය හදන්නේ ජනාධිපති සභාපතිකමෙන් අයින් කරන්න (ම)
මහනාම Thursday, 23 July 2015 03:39 AM
මෙතෙක් පැවතී අසාර්ථක ම එජාප රජයෙන් වහාම ඉවත් විය යුතුයි. නැතිනම් මේ මහා බැංකු මංකොල්ලේ කොටස්කරු වේ. ඩයස්පෝරවට නම් නිදහසින් පසු පත් වූ හොඳම රජයයි.(ම)
සනත් Thursday, 23 July 2015 07:39 AM
අගෝස්තු 17 වෙනිදගෙන් පස්සෙ ඇමතිකමක් ගන්න ඕනවෙනකොට ආයෙත් එජාපය ක්‍රියා කරන ආකාරය හොඳ වෙයි නේද......ඇමතිතුමෝ...(ම)
මහින්ද ආර් කිතුල්ගොඩ Wednesday, 22 July 2015 03:40 PM
බලය අඩුවෙන් තියෙද්දිත් ඔහොම නම් ....කුට්ටිය ලැබුනොත් ඉතින් එයාලට ඔයාලගේ අතින් වැඩක් නෑ...ඕන තරම් අලි පැටව් ඉන්නවා අවුරුදු ගානක් මොකුත්ම නැතුව හිටපු...එනිසා දැන්මම මොලේ පාවිච්චි කරපු එක වඩාත්ම හොඳ බව කාට කාටත් තේරේවි...(බ)
සුරනිමල Wednesday, 22 July 2015 05:07 PM
දැන්ම සද්දයක් දාලම අස්වෙන එක හොඳයි (නි)
සුමනදාස Wednesday, 22 July 2015 05:14 PM
වස් කවියක්වත් කියමුද හොඳට ගණ පිහිටුවලා? (නි)
කැනඩා දිසා Thursday, 23 July 2015 05:05 AM
පිට පොට ගහන්නේ මොකටද කියල රටම දන්නවා , නමුත් වැඩක් නැහැ.(බ)
නිමප් Wednesday, 22 July 2015 12:12 PM
අනේ හොඳයි අස්වෙලා ගෙදරම යන්න (අ)
අතුල Wednesday, 22 July 2015 08:45 PM
නම්බුපිට අයින්වෙලා යන එක කොහොමටත් හොඳයි (නි)