(විමුක්ති එස් රුද්‍රිගු)
නිදහස් වෙළඳ ගිවිසුමකට එළඹීම සඳහා ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවති සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් එම ගිවිසුමට අත්සන් තැබීම සඳහා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ලබන පෙබරවාරි මස ශ්‍රී ලංකාවට පැමිණෙන බව බැංකොක් පෝස්ට් පුවත්පත වාර්තා කළේය.
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නව වෙනි වටයේ සාකච්ඡා පසුගිය 18 සිට 20 දක්වා පැවැත්වූ අතර එම සාකච්ඡාව සඳහා තායිලන්තයේ ව්‍යාපාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ නිදහස් වෙළඳ ගිවිසුම් සාකච්ඡා කණ්ඩායමේ උපදේශක ඕරාමොන් සුප්තවීතුම් සහභාගී වූවේය.
නිදහස් වෙළඳ ගිවිසුමක් සඳහා සාකච්ඡා පසුගිය නොවැම්බර් මාසයේදී නැවත ආරම්භ විය.ශ්‍රී ලංකා රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවීමත් කොවිඩ් වසංගතයත් හේතුවෙන් දෙරට අතර සාකච්ඡා වසර හතරක කාලයක් නැවතී තිබිණ.
නවතම සාකච්ඡාවටයේදී වෙළඳාම, සේවා, ආයෝජන සහ ආර්ථික සහයෝගීතාව පිළිබඳ නීති රීති පිළිබඳව දෙපාර්ශවය එකඟ වූ බව තායිලන්ත බලධාරීන් ප්‍රකාශ කළේය.’
මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළදී ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 320.37 ක වෙළඳ ගනුදෙනු සිදුව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තායිලන්ත කාන්තාවන් කරන ලෝකයේ පැරැණිම රැකියාව කිරීමට ශ්‍රී ලාංකික කාන්තාවන්ටත් අවස්තාවක් මේ ගිවිසුම හරහා ලැබෙනවා නම් ගොඩක් හොඳයි... ලංකාව තුළ හොරෙන් හා පිටරටවලදී ප්‍රසිද්ධියේ කරනවට වඩා මෙරට තුළ නිදහසේ නීත්‍යානුකූලව මේ රැකියාව කිරීමට ලැබෙනවා නම් කාන්තාවන්ට ඉමහත් අස්වැසිල්ලක්... පුරාජේරු ඉතිහාස කතාකියමින් වන්ශේ කබල් ගානවාට වඩා මේ ඉන්න ටික කාලේ කාලා ඇඳලා ජීවත් වෙලා මැරිලා යන්නයි ඕනෑ... ගන්න හිඟන වැටුපෙන් ජීවත් වෙන්න බැරි නිසා අමතර ආදායමක් ලබාගැනීමේ අවස්ථාවකුත් මේ තුළින් ඇතිවෙනවා.