IMG-LOGO

ශි‍්‍රයන්ත කුසුම් ගැන මෙතෙක් නොකී කතාවක්

2016-07-24-ent-37

රංගනයට කැපවූ ජීවිතය සමග ගෙවෙන දවස් අතරේ මේ ප‍්‍රවීණ රංග ශිල්පියා මේ දිනවල අපට හමුවන්නේ සීතල ගිනිදැල් (ජාතික රූපවාහිනිය), උරුමක්කාරයෝ (හිරු), මාද ඔබම විය (ITN), චක‍්‍ර (ITN), යන ටෙලි නාට්‍ය සහ වේදිකාවේ සුදු සහ කළු සමගය. මෙලෙසින් දශක තුනකට එහා ගිය චරිත රංගනයේදී ශ්‍රීයන්ත මෙන්ඩිස් විවිධ රංග ශිල්පිනියන් සමග විවිධ චරිත රඟපාන්නට ඇත. එහිදී විවිධ ශිල්පිනියන් සමග සැමියාගේ චරිතය ද රඟපාන්නට ඇත. නමුත් ඔහුගේ සැබෑ ජීවන චරිතයේදී සදාදරණීය බිරිඳ වන්නේ කුසුම් රේණු රංග ශිල්පිනියයි. ශ‍්‍රියන්ත - කුසුම්ගේ ආත්මය හඳුනාගෙන සිටින්නේ මොන විදියටද?

 

කොහොමද බිරිඳට කතා කරන්නේ?

2016-07-24-ent-36එක එක කාලවලදී එක එක විදියට.

 

ඇයි ඒ?

සමහර විට ඒක වෙන්නට ඇත්තේ වයසත් එක්ක වෙන්න ඇති. මම හිතන්නෙ ඒකට තර්ක ඕනෑ නෑ.

 

මුලින්ම ඔබ ඇයව ඇමතුවේ කොහොමද?

‘‘බබා’’ කිව්වා

 

ඒ මොන කාලයේදී ද?

විවාහයට පෙරදී

 

විවාහයෙන් පසුව?

ඇයට බබා හම්බවුනාට පසුව නෝනා කියලා කිව්වා. ඒ කියන්නෙ අපේ ලොකු ලැබුණාට පසුව. දෙවැනියා ලැබුණාට පස්සෙ ‘‘කුසුම්’’ කියලා කිව්වා. පසු කාලීනව අපේ දරුවන් ලොකු වෙලා විවාහ වූ පසු ලොකු දුවට දියණියක ලැබුණාට පස්සෙ මම කුසුම්ට ‘‘අම්මා’’ කියන්න පටන් ගත්තා. මොකද අපේ මිණිපිරිය අම්මා - අම්මා කියලා තමයි ආච්චිව අමතන්නෙ. ඉතින් ශ‍්‍රියන්ත මෙන්ඩිස් කියන මේ සීයාත් ඇයට ‘‘අම්මා’’ කියන්න පටන් ගත්තා.

 

බිරිඳට තෑගි එහෙමත් අරන් දෙනවද?

එයාට මම හැමදාම තෑග්ගක් කියලයි හිතන්නෙ. මටත් එයා හැමදාම ඒ විදියට තමයි සළකන්නෙ. භෞතිකව තෑගි අරන් නොදුන්නට, අපි අතර ඇති බැඳීම ඊට වඩා වෙනස් සිංහල අලූත් අවුරුද්දට, නත්තලට වගේ භෞතික වශයෙන් තෑගි අපි අතර හුවමාරු වෙනවා. ඒත් ජීවිතයේ අපි දෙන්නගෙ බැඳීම තමයි නියම තෑග්ග.

 

තදින්ම බැඳුණු ඇය වෙත ඉහවහා ගිය ආදරයක් ඇති වෙච්ච අවස්ථාවක් සිහිපත් කෙළොත්?

ඇත්ත වශයෙන්ම එවැනි මොහොතකට කියන්නෙ ඉමෝෂනල් රිකෝලිස් හෙවත් ක්‍ෂණිකව දැනෙන හැඟීම් කියලයි. ලොකු දුව නිපුණි උපන් දවසේ, මම තාත්තා කියන සමාජයට ඇතුළත් වූ දිනයේ පියෙක් යන මාතෘකාව යටතේ සමාජයේ වටිනාකමක් ලැබෙනවා. ස්වාමිපුරුෂයකු මිනිසකු ලෙස එතෙක් තිබූ ජීවිතයට එතැන්සිට ඇය ලබාදුන් ගෞරවය එක්ක අපිරිමිත සෙනෙහසකින් ඇය හා බැඳෙනවා.

 

ඊට පෙර ඇය කෙරෙහි එවැනි බැඳීමක් දැනිලා නැද්ද?

ඊට පෙර නැත්තේද නොවෙයි. නමුත්, ඒ සියල්ල ලැබෙන්නෙ ඇය ලබාදුන් ත්‍යාගය නිසයි.

 

ඇය ඔබ ළඟ නොමැති අවස්ථාවලදී පාළුව දැනිච්ච අවස්ථා තියෙනවද?

අපොයි, අනන්තයි - අප‍්‍රමාණයි. මේ මෑතකදී රූගත කිරීමකට ගිහින් දවස් 12 ක් විතර ඇයට ඒ පසුතලයේ ඉන්නට සිදුවුණා. ඒක මට කල්ප කාලාන්තරයක් වගේ දැනුණෙ.

 

ඇයි එහෙම වුණේ?

අපි විවාහ වන විට බයිබලයේ එන විදියට සපතවන්නේ ”දුකේදීත් සැපේදීත් එකට එක්ව ඉන්නට ප‍්‍රාර්ථනා කරන දෙදෙනා අඹුසැමියෝ වෙති” යනුවෙන් කියලයි. එය තදින්ම හිතේ තියෙන දෙයක්.

 

ඔබ දෙපළ මොන වගේ අඹු සැමි යුවළක්ද?

බොහෝම ආදරණීය, සමාජයට ආදර්ශවත්, හැකි විදියට උදව් කරන, හැමෝගෙම දුක - සැප බෙදා හදා ගන්න, සමාජයට බරක් කරදරයක් නොවන, නිදහස් සාමකාමී යුවළක්.

 

ආදරණීය බව රඳවා ගන්නෙ මොන වගේ දේ එක්කද?

ආදරය නිසාමයි. සමහරවිට එය මලක සුවඳ වගෙයි. මලක සුවඳ විස්තර කරන්නට බැහැනෙ. ඒ වගේ ඒ ගැන කියන්නත් බැහැ.

 

ඇය වෙතින් වඩාත් පේ‍්‍රමාන්විත බවක් ඔබ දුටුවේ ඇය ඔබට හමුවී මොන කාලයේදී ද?

මගේ ආදර ලෝකයේ සංකල්පයට ඇය ඇතුළු වූ දා සිට මගේ පේ‍්‍රමය දළුලන්නට පටන් ගත්තා. අද එය මහා වෘක්ෂයක් බවට පත්වෙලා. ඒ වෘක්ෂය යටතේ දරුවෝ, මිණිපිරිය, බෑනාවරු හෙවණ ලබන්නෝ බවට පත්වෙලා.

 

ඇයට ඔබ කවි එහෙමත් ලියලා තියෙනවද?

2016-07-24-ent-38ඇය මට මියෙනතුරාවටම කවියක්. ඔව්. ඇය මට කවිත් ලියලා තියෙනවා.

 

මතකද එක් කවියක්?

‘‘ජීවිතයේ සිතුම් පැතුම් සමුදාය

එකතු කර මගේ හදවතේ

රඳවා ගතිමි

අප හිතන පතන දේවල්

ඉටුවුවත් නැතත්

මගේ එකම පැතුම ඔබයි’’ කුසුම්

 

කුසුම්ට ඔබ වඩා ආදරය කරන්නෙ මොන වගේ සුන්දරත්වයක් නිසාද?

අවංක භාවයේ සුන්දරකම නිසයි.

 

ඔබත් ඇය තරමටම අවංකද?

‘‘ඔව්’’

 

ඇය වෙතින් ඔබ දකින්න අකමැතිම දේ?

අනවශ්‍ය කලබලකාරී බව

 

ඇය මොන විදියට හැඩ වෙනවටද ඔබ වඩා කැමති?

ඔසරියෙන්

 

ඇයට රසට උයන්න පුළුවන් නේද?

ඔව්.

 

ඇය උයන කෑම වලින් ඔබ වඩාත් කැමැති මොනවටද?

කරවල තෙල්දාලා, කොස් මැල්ලූම, සම්බෝලය එක්ක රතු බත්.

 

ඇය මෙතෙක් රඟපෑ චරිත අතරින් ඔබ සිත්ගත් විශිෂ්ටම චරිතය වන්නේ?

මහරජ ගැමුණු චිත‍්‍රපටයේ ඇය රඟපෑ - විහාර මහා දේවියගේ චරිතයට

 

ඇය බිරිඳවීම ගැන අද ඔබට කොහොමද හිතෙන්නෙ?

මම කල්පනා කරන්නෙ පෙර බවයකදීත් ඇය මගේ බිරිඳවී සිටින්නට ඇති. මේ බවයේදීත් ඇය මගේ බිරිඳවී ඇත. මතු බවයකදීත් එය මා පතමි.

 

ඇය වෙත ගීතයක් පිදුවොත්?

’‘රැළකින් තනි වී

වන මැද සරණා

කැකුළු තුරුණු යාමේ

ඇතෙකුට ඇත්දළ

යුවළක් වාගේ

මට ඔබගේ පේ‍්‍රමේ’

 

මේ දිනවල ඔබ බොහොම ‘‘කිති’’ යෙන් ඉන්නෙ ඇයි?

මේ කිව්ව ඔක්කෝම විස්තර නිසා සහ එළැඹෙන අගෝස්තු 13 ටවර්හිදී වේදිකාගත වන ජයන්ත චන්ද්‍රසිරිගේ ’‘හංකිති 13’’ පුහුණුවීම් වන නිසයි.

 

සටහන / ඡායාරූප - සඳුන් ගමගේ

 

sandalla

 

2016-07-24-ent-39



අදහස් (0)

ශි‍්‍රයන්ත කුසුම් ගැන මෙතෙක් නොකී කතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 359 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 823 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site