IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ශූරයන්ගේ කුසලාන අවසන් තරගයේ ශී‍්‍ර ලාංකිකයෝ

ඉන්දියාව සහ එංගලන්තය අතර ලබන ඉරිදා (23 වැනිදා) එංගලන්තයේ එජ්බැස්ටන් නුවරදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය විනිශ්චය කිරීමේ අවස්ථාව ශී‍්‍ර ලාංකික විනිසුරු කුමාර් ධර්මසේන මහතාට ලැබී ඇතැයි අන්තර්ජාතික කි‍්‍රකට් සභාව අද (21 වැනිදා) නිවේදනය කළේය. මෙම තරගයේ තීරකවරයා වශයෙන් කටයුතු කරන්නේ අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තීරක මඬුල්ලේ ප‍්‍රධානියාද වන, ශී‍්‍ර ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක රන්ජන් මඩුගල්ලේ මහතාය.

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම අසමත් වීම නිසා ධර්මසේන මහතාටත් මඩුගල්ගේ මහතාටත් මෙම අවස්ථාව උදා වී තිබේ.

රන්ජන් මඩුගල්ලේ මහතා වසර 13 කට වැඩි කලක් අන්තර්ජාතික කි‍්‍රකට් තීරක මඬුල්ලේ සාමාජිකයකු වශයෙන් කටයුතු කරන අතර 2003 වසරේ ජොහැන්නස්බර්ග් නුවරදී  ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර පැවැති ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේද තීරකවරයා වශයෙන් කටයුතු කළේය. එහෙත් ඉන් අනතුරුව පැවැති ලෝක කුසලාන තරගාවලි හතරකදීම ශී‍්‍ර ලංකා කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම නිසා අවසන් මහ තරග හතරකම තීරකවරයා වීමේ අවස්ථාව මඩුගල්ගේ මහතා වෙතින් ගිළිහී ගියේය.

පසුගිය වසරේ ශී‍්‍ර ලංකාවේදී පැවැති විස්සයි/20 ලෝක කුසලාන තරගාවලියේදී අවසන් පූර්ව තරගයක් විනිශ්චය කිරීමේ අවස්ථාව ලද නමුත් ශී‍්‍ර ලංකා පිල අවසන් තරගයට පැමිණීම නිසා කුමාර් ධර්මසේන මහතාගේ අවස්ථාව ගිළිහී ගියේය. අන්තර්ජාතිත කි‍්‍රකට් සභාවේ වාර්ෂික සම්මාන උළෙලේදී 2012 වසරේ විශිෂ්ටතම විනිසුරුවරයා ලෙසින් සම්මාන දිනාගත්තේද ධර්මසේන මහතාය.

ඉරිදා පැවැත්වෙන අවසන් මහ තරගය විනිශ්චය කිරීමේ අවස්ථාව ලද අනෙක් විනිසුරුවරයා වන්නේ  ඕස්ටේ‍්‍රලියානු ජාතික රොඞ්නි ටකර් මහතාය.

 



අදහස් (0)

ශූරයන්ගේ කුසලාන අවසන් තරගයේ ශී‍්‍ර ලාංකිකයෝ

ආනන්ද Friday, 21 June 2013 09:45 PM

අපේ රටට ඔබ දෙදෙනා ආඩම්බරයක්. සුබ පැතුම්! (නි)

:       0       0

අමිල Friday, 21 June 2013 10:41 PM

අපි ඒ දෙදෙනාට හදවතින්ම සුබපතනවා (ත)

:       0       0

රන්ජනී ලන්ඩන් Friday, 21 June 2013 11:39 PM

ඔබලා දෙදෙනාටම සුබ පැතුම්! (නි)

:       0       0

පහන් Friday, 21 June 2013 11:46 PM

ධර්මසේන මහතාණන්ගේ දබර ඇගිල්ල ඉන්දියාව ගහනකොට ඕවරයකට එක්වරක් බැගින් ඔසවන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි (නි)

:       0       0

තුසාන්ත වික්‍රමනායක Saturday, 22 June 2013 12:20 AM

ක්‍රීඩාවෙන් ඔබ්බට රටේ නම රැගෙන ගිය ඔබ දෙදෙනාට සුබ පැතුම්. (ත)

:       0       0

අපි සහ අපි Saturday, 22 June 2013 10:53 PM

ඉන්දියාව මේ දෙන්නා ගැනත් දැන් මොන තීරණයක් අරගෙනද දන්නෙ නැහැ (නි)

:       0       0

නිල්මිණි Friday, 21 June 2013 08:11 PM

අපි අවසාන තරගෙට එන එක ගැන සියුම් තරහක් ඇති නේද මොනවා වුනත් (නි)

:       0       0

සුදේශ් Friday, 21 June 2013 08:26 PM

ඒක හරි. අපේ රටට මේ අය විශාල කීර්තියක් ගෙනවිත් තිබෙනවා (නි)

:       0       0

අෂාන් සිල්වා Friday, 21 June 2013 09:27 PM

දැනටම පගා අරන් ඉවර ඇති.(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site