මීගමුව වෘත්තීය පිහිණුම් උපදේශකවරුන්ගේ සංගමය සංවිධානය කළ ආධුනිකයන් සඳහා වන (වයස 14 න් ඉහළ මීටර් 1500) මුහුදු පිහිනුම් තරගයේ බාලක තරග ජය රවිඳු ලක්‍ෂාන්ට ද, බාලිකා තරග ජය ආර්. ඉසොලා ප‍්‍රනාන්දුටද හිමි වූහ. මෙම මුහුදු පිහිනුම් තරගාවලිය වෙරළ උද්‍යාන මුහුුදු තීරයේදී පැවැත්විණි. තරගාවලිය සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ විශාල පිරිසක් සහභාගි වූහ.
තරග ප‍්‍රතිඵල:-
වයස 14 න් ඉහළ බාලක:- 1. රවිඳු ලක්‍ෂාන් (මීගමුව ලොයලා විදුහල), 2. සක්වාන් (මෆාස් - පිහිනුම් හා ජීවිතාරක්‍ෂක සංගමය), 3. රංග චරිත් (ඩොල්ෆින් පිහිනුම් හා ජීවිතාරක්‍ෂක සංගමය). වයස 14 න් පහළ බාලිකා:- 1. ජේ.එම්. සඳු සාවින්දි (සපුගස්කන්ද බාළිකා විදුහල), 2. එල්. අනුෂීකා දේව් (දංකොටුව බාලිකා විදුහල), 3. එම්. සුපුනි ඕබි‍්‍රස් (දංකොටුව බාලිකා විදුහල) වයස 14 න් ඉහළ බාලිකා:- 1. ආර්. ඉසොලා ප‍්‍රනාන්දු (මීගමුව දුටුගැමුණු විදුහල), 2. දෙව්නි සෙනාලි රණසිංහ (දංකොටුව බාලිකා විදුහල) 3. ඩබ්ලිව්. මධුෂිකා සෙව්වන්දි (දංකොටුව බාලිකා විදුහල)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවනි, ඔබ සියලුදෙනා බාල වයසේ පටන් කළ පරිත්‍යාගය නිසා මෙම ශූරතාව ලැබුණි. මේ සදහා ඔබගේ දෙමව්පියන්ට, ක්‍රීඩා පුහුණුකළ ගුරු උතුමන්ටත් පිහිණුම් තටාක පිලිබදව රාජකාරී කළ මහත්ම මහත්මියන්ටත් මගේ ප්‍රණාමය.
සුබපැතුම් !!!!!!