මොන්ගෝලියාවේ පැවැති හයවැනි ආසියානු කාන්තා බොක්සිං තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩිකා ශිරෝමාලි වීරරත්න කිලෝග‍්‍රෑම් 69 වෙල්ටර් බර පංතියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්වුවාය. පොලිසිය නියෝජනය කරන ශිරෝමාලි තරගාවලියේ අවසන් පුර්ව වටයේදී ඉන්දිය ක‍්‍රීඩිකාවක් හමුවේ පරාජය ලබා තිබේ.
අන්තර්ජාතික තරග අත්දැකීම් හෙබි කිලෝග‍්‍රෑම් 51 ෆ්ලයි බර පංතියේ තරග වදින ශ්‍රී ලංකා ක‍්‍රීඩිකා අනුෂා කොඩිතුවක්කු ආබාධයක් නිසා තරගාවලියෙන් ඉවත්ව ඇතැයි වාර්තාවේ. සෙසු ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවන් වන නිල්මිණී ජයසිංහ, සිතාරි සඳලේඛා, කෝසලා නිල්මිණී සහ විදුෂිකා ප‍්‍රබාදි තරගාවලියේ මුලික වටයේදීම පරාජයට පත්වුහ.
චීනය, ඉන්දියාව, උස්බකිස්ථානය, පිලිපීනය, කාම්බෝජය, මොංගෝලියාව, සිංගප්පුරුව, ශ්‍රී ලංකාව, තුර්ක්මෙනිස්ථානය හා සත්කාරක කසකස්තානය ඇතුළු රටවල් 17 කින් ක‍්‍රීඩිකාවෝ 84 දෙනෙක් ඊට සහභාගිවුහ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් කාන්තාවක් මව්බිමට විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කැර දීම ආඩම්බරයක්. මේ ශ්‍රී ලංකා පොලීසියේ තවත් උදාර නිෂ්පාදනයක්.