මොන්ගෝලියාවේ පැවැති හයවැනි ආසියානු කාන්තා බොක්සිං තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩිකා ශිරෝමාලි වීරරත්න කිලෝග‍්‍රෑම් 69 වෙල්ටර් බර පංතියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්වුවාය. පොලිසිය නියෝජනය කරන ශිරෝමාලි තරගාවලියේ අවසන් පුර්ව වටයේදී ඉන්දිය ක‍්‍රීඩිකාවක් හමුවේ පරාජය ලබා තිබේ.
අන්තර්ජාතික තරග අත්දැකීම් හෙබි කිලෝග‍්‍රෑම් 51 ෆ්ලයි බර පංතියේ තරග වදින ශ්‍රී ලංකා ක‍්‍රීඩිකා අනුෂා කොඩිතුවක්කු ආබාධයක් නිසා තරගාවලියෙන් ඉවත්ව ඇතැයි වාර්තාවේ. සෙසු ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවන් වන නිල්මිණී ජයසිංහ, සිතාරි සඳලේඛා, කෝසලා නිල්මිණී සහ විදුෂිකා ප‍්‍රබාදි තරගාවලියේ මුලික වටයේදීම පරාජයට පත්වුහ.
චීනය, ඉන්දියාව, උස්බකිස්ථානය, පිලිපීනය, කාම්බෝජය, මොංගෝලියාව, සිංගප්පුරුව, ශ්‍රී ලංකාව, තුර්ක්මෙනිස්ථානය හා සත්කාරක කසකස්තානය ඇතුළු රටවල් 17 කින් ක‍්‍රීඩිකාවෝ 84 දෙනෙක් ඊට සහභාගිවුහ.
2025 දෙසැම්බර් මස 18
361
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශිරෝමාලිට ලෝකඩ පදක්කමක්
ප්‍රියන්ත ජයකොඩි, පොලිස් ක්‍රීඩා අධ්‍යක්ෂ Tuesday, 27 March 2012 07:27 AM
පොලිස් කාන්තාවක් මව්බිමට විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කැර දීම ආඩම්බරයක්. මේ ශ්‍රී ලංකා පොලීසියේ තවත් උදාර නිෂ්පාදනයක්.