සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වන "සුජාතා" ටෙලිනාට්‍යයේ තේමා ගීත ගායනා කරමින් බොහෝ දෙනා අතර ජනප්‍රියව සිටින ශිරෝමි රත්නායක සිරස "සුපර් ස්ටාර්" හයවැනි අදියරය හරහා සංගීත ක්ෂේත්‍රයට එක්වූ අයෙකි. පසුගියදා ඇයගේ කුලුඳුල් ගීත රූප රචනාව වූ "ඔයා හැරෙන්නට" එළිදක්වනු ලැබීය. එම ගීත රූප රචනාව සඳහාද රංගනයෙන් දායක වූ ශිරෝමි රංගනයටද ඉදිරියේදී එක්වීමට කැමැත්තෙන් සිටියි. මේ ඒ පිළිබඳව හා සිය අලුත්ම කලා කටයුතු පිළිබඳව ශිරෝමි අපට පැවසුවේ මෙසේය.
"ඔයා හැරෙන්නට" ගීතය මේ දිනවල බොහෝ දෙනා අතර ජනප්‍රිය වෙලා තියෙන ගීතයක් හා රූප රචනාවක් වෙලා තියෙනවා. ඇත්තටම මම බලාපොරොත්තු නොවුණ ආකාරයේ රසික ප්‍රතිචාර මගේ ගීතයට ලැබෙමින් පවතිනවා. බොහෝ දෙනෙක් මගේ ගායන හැකියාවටත් වඩා රංගන හැකියාව පිළිබඳව කතා කරනවා. ඒ අතරින් බොහෝ පිරිසක් කියන්නෙ රංගනය පැත්තටත් යොමුවෙන්න කියලා. දැනටත් ආරාධනා කිහිපයකුත් ලැබිලා තියෙනවා රංගනය පැත්තට එන්න කියලා. මටත් ආසාවක් තියෙනවා ඒ පැත්තට යොමු වෙන්න. ඒත්, දැනට මම මගේ අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දීලා තියෙන නිසා ඒ පැත්තට යොමුවෙන්න වෙලාවක් නැහැ. දැනට මම ඉන්නෙ මගේ අධ්‍යාපන කටයුතුවල අවසන් අදියරේ. ඒනිසා ඉදිරියේදී රංගනය පැත්තට යොමු වෙන්න වෙලාවක් හොයාගන්න පුළුවන් වේවි කියලා හිතනවා. තව මගේ අලුත් ගීතයක් මේ මාසේ අන්තිමට වගේ එළිදක්වන්නත් කටයුතු යොදාගෙන තියෙනවා. හිතනවා "ඔයා හැරෙන්නට" ගීතයට ලැබුණ රසික ප්‍රතිචාර මේ අලුත් ගීතයටත් ලැබේවි කියලා."
බුද්ධික සේනාධීර / ඡායාරූප අනුග්‍රහය - ලයාල් එදිරිසිංහ
2025 දෙසැම්බර් මස 18
650
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශිරෝමි රඟපාන්නත් කැමැත්තෙන්