2016-11-08-ent-06

කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රීපාලි මණ්ඩපයේ නව එළිමහන් රංග පීඨය කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය උපදේශක ආචාර්ය එම්.ටී.එම්. මහීෂ් මහතා සහ ශ‍්‍රීපාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති ආචාර්ය රන්ජන් හෙට්ටිආරච්චි මහතාගේ විසින් පසුගියදා (01දා) විවෘත කෙරිණි.

ප්‍රසංග කලා අධ්‍යයන අංශයේ විද්‍යාර්ථීන් ඉදිරිපත් කළ ප්‍රාසාංගික සංස්කෘතිකාංගවලින් අලංකාර වූ මෙම උත්සවය, ප්‍රසංග කලා අධ්‍යයනාංශයේ නාට්‍ය විෂය භාර කථිකාචාර්ය තුමිඳු දොඩන්තැන්න මහතාගේ සංකල්පයක් අනුව නිර්මාණය වී තිබේ.

මේ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයීය ශ‍්‍රීපාලි මණ්ඩපයේ ප්‍රසංග කලා අධ්‍යයනාංශයේ අංශාධිපති ආචාර්ය කුමුදුනී මද්දුමාගේ, ප්‍රසංග කලා අධ්‍යයනාංශයේ බාහිර කථිකාචාර්ය ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, පරිගණක අංශයේ අංශාධිපති ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී රන්ජන්, භාෂා අධ්‍යයනාංශයේ අංශාධිපති ආචාර්ය කේ.වී. ධනපාල සහ ශ්‍රීපාලි මණ්ඩපයේ සහකාර ලේඛකාධිකාරී එල්.පී. ගුණවර්ධන යන මහත්ම මහත්මීන්, ජනමාධ්‍ය සහ ප්‍රසංග කලා අධ්‍යයනාංශයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්යමණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 

සටහන - මාලන් විදානපතිරණ / ඡායාරූප - සමන් කාරියවසම්

 

2016-11-08-ent-11
2016-11-08-ent-10
2016-11-08-ent-09
2016-11-08-ent-08
2016-11-08-ent-07
2016-11-08-ent-05
2016-11-08-ent-04
2016-11-08-ent-12