ශ්‍රීලංකා රතු කුරුස සංගමය හිටපු ජනපති බිරිය වන ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය සවිය වැඩසටහනට ලබාදී තිබූ ඩබ්ලියු.පී කේ.ඒ.0642 දරන ඩිෆෙන්ඩර් රථය ඇප කොන්දේසි වලට යටත්ව නැවත රතු කුරුසයටම මුදා හරින ලෙසත් මැයි 11 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසත් රතු කුරුස සංගමයේ අධ්‍යක්ෂක ජනරාල්වරයාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නොතීසි නිකුත් කළේය.
මෙම රථයේ චැසි අංක සහ එන්ජින් අංක වෙනස් කිරීමක්,විකෘති කිරීමක් හෝ මකා දැමීමක් සිදුකර නැතැයි රජයේ රස පරික්ෂකවරයා අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ වාර්තාව සැළකිල්ලට ගෙන ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිලිය සවිය කිවේ අර එකම ඉලක්කකම නමයක් සහිත හැදුනුම්පතක් තිබුණු එකද?(කෞ)
ඉස්සරහට එන්න තියෙන බදු ප්‍රශ්න වැහෙන්නත් එක්ක රාජපක්සලට තව මඩ ගහමු. අපේ ඇටිකෙහෙල් කාපු ජනතාව ඒසදහා දැනටමත් අවි අමෝරාගෙන ඉන්න බව පේනවා. (බ)
මේවත් නිකන් චිනෙට වරායට විරුද්ධ වුණා වගේ මාධ්‍ය සංදර්ශන විතරයි කියලයි අපි හිතන්නේ. සමාජ සේවා ආයතනයක් තවත් සමාජ සේවයකට වාහනයක් දීම වරදක් වෙන්නෙ කොහොමද? (නි)
ඔක්කොම ආපසු ගත්තහම පයින් යන හැටි මට මැවිලා පේනවා. (නි)
මහින්ද මහත්මයාගේ හොඳ වගේම නරකත් තිබුනා තමා. නමුත් දැන් ඉන්න සමහරුන්ට වඩා ඔහු හොඳ නායකයෙක්. එහෙම නොවන්නට දැන් ඉන්න පාලකයන්ට බලය ගන්න රටක් අද වෙනකොට ඉතිරිවෙලා නැහැ. මේක අද බොහෝ දෙනකුට අමතකවෙලා. (නි)
හොරකම් ගැන හොරු ගැන කියා කියා ඉදල වැඩක් නැහැ ඔවුන්ට නිතිය ක්‍රියාත්මක කරන්න ....අපිටත් හොරකම් ගැන අහලම එපා වෙලා ... හොරුන්ට දඩුවම් කරන්න (බ)
එහෙම චැසි අංක ආදිය වෙනස් කරන්න ඕනෑ නීතියට අහුවෙයි කියල බය නම්නේ. එක අතකට ඉතින් නීතිය අතේ තියාගෙන හිටපු අය මොකටද බයවෙන්නේ.
බලය තිබෙද්දී මෙයාලා හැසිරුනු විදිය අපිට තවම මතකයි (නි)
ජනතාව කතිරය ගහලා රට පාලනය කරන්න දුන්න එක හරි. ඔවුන්ට ඒකට පඩියක් ලැබුණනේ. නමුත් ඔවුන්ට රටේ සාරය උරාගෙන බොන්න පුලුවන් කියලා ජනතාව කතිරය ගැහුවේ නැහැනේ. (නි)
කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි. වරදට දඬුවම් හිමියි (නි)
අපි හැම ප්‍රශ්නයකම දෙපැත්තක් ඇති බව තේරුම් ගතයුතුයි (නි)
රටේ සාරයම උරාගෙන බිවුවත් සමහරුන්ට මොවුන් දෙවිවරු වගේ පෙනෙන එකනේ පුදුමේ. (නි)
එහෙනම් ඉතින් ප්‍රශ්නයක් නැහැනේ (නි)
රතු කුරුසය කියන්නෙත්, සිරිලිය සවිය කියන්නෙත් සමාජ සේවයක්. මෙතන තියන වරද සිරිලිය සවිය රාජපක්ෂ ආණ්ඩුවෙන කරපු එක කියලයි අපි නම් හිතන්නේ (නි)
මහින්ද මහත්තයගේ කට්ටියම කරලා තියෙන දේවල් තවම නැහැ කියන්න බැරි කට්ටිවාදී දේශපාලකයෝ කටේ පිට්ටු තියාගෙන රට රවටන එක මොළය ඇති මිනිසුනේ, තේරුම් ගනිල්ලා! (නි)
වෙිලාරත්න, කටේ පිට්ටු තියෙන්නේ ඔයාලා වගේ දේශපාලන කුහකයන්ගේ. නැත්තම් මහින්ද මහත්තයා වගේ නායකයෙකු අපිට ආයෙත් ලැබෙන්නේ නැහැ. (නි)
ඇසළ , සුදේශ් වගේ දේශප්‍රේමින් ඉන්නකන් මේ රට ගොඩයන්නේ නැහැ. (නි)
සුදේශ්, බය වෙන්න එපා. මහින්ද මහත්තයා වගේ නායකයෝ තමයි වැඩියම පහළ වෙන්නේ. ඔන්න ඒ අතරෙ අයිස්ලන්තේ හිටපු එක නායකයෙක් ඉල්ලා අස්වෙලා. (නි)
සුදේශ්, ඔයා හොඳ අයෙක් බව මම දන්නවා. (නි)
අනේ! ඩිෆෙන්ඩර් එක නම් ගන්න එපා. (නි)