ඉන්දීය සැටලයිට් රූපවාහිනි නාළිකාවක් වන "ලයිෆ් ඕකේ" රූපවාහිනි නාළිකාව තුළ විකාශය වීමට නියමිත "රෝ ස්ටාර්" නම් රියැලිටි වැඩසටහනක් සඳහා එක්වීමට ජනප්‍රිය සිනමා නිළි ශ්‍රද්ධා කපූර්ට අවස්ථාව ලැබී ඇති බවට තොරතුරු වාර්තා වේ.
සංගීතමය රියැලිටි වැඩසටහනක් වන "රෝ ස්ටාර්" සඳහා ශ්‍රද්ධා සමගින් ජනප්‍රිය චිත්‍රපට පසුබිම් ගායක අර්ජිත් සිංද එක්වීමට නියමිතව ඇත. මෙම රියැලිටි වැඩසටහන කැලයක් තුළදී සිදු කරන්නට කටයුතු යොදා ඇති අතර, එය කවදා කොතැනකදී සිදු කරන්නේද යන්න නිශ්චිත තොරතුරක් වාර්තා නොවේ.
මේ දිනවල දකුණු අප්‍රිකාවට ගොස් සිටින ශ්‍රද්ධා එහි රූපගත කෙරෙන "හාෆ් ගර්ල් ෆ්‍රෙන්ඩ්" චිත්‍රපටයට සම්බන්ධ වී සිටින්නීය. එහි ඇය ගායිකාවක් මෙන්ම ගිටාර් වාදන ශිල්පිනියක් ලෙස රංගනයේ යෙදේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd