ශ්‍රී ලංකා කැරම් සංගමය සංවිධානය කළ ශ්‍රේණිගත කිරීමේ කැරම් (කේවළ) තරගාවලියේ (2012) පිරිමි ශූරතාව දිනා ගැනීමට නිශාන්ත ප‍්‍රනාන්දු සමත්විය. ජෝශප් රොෂිටා කාන්තා ශූරතාව දිනා ගත්තාය. මහරගම නේෂන්ස් ට‍්‍රස්ට් බැංකු පරිශ‍්‍රයේ පිහිටි කැරම් සංගම් ශාලාවේදී පැවැති මෙම තරගාවලියට ජාතික ශ්‍රේණිගත කිරීම් අතර ඉදිරියෙන් සිටින පළමු ක‍්‍රීඩකයන් 16 දෙනෙක් සහ ක‍්‍රීඩිකාවන් 12 දෙනෙක් සහභාගිවුහ. ජයග‍්‍රාහී නිශාන්ත සහ රොෂිටා වත්මන් ජාතික කැරම් ශූරයා සහ ශූරිය වෙති. පිරිමි අවසන් මහා තරගයේදී චමිල් කුරේ පරදවා (25/22, 25/14) නිශාන්ත ජය ලැබීය. යොවුන් ක‍්‍රීඩකයකු වන ප‍්‍රමේද මෙන්ඩිස් පිරිමි තරගයේ තුන්වැනි ස්ථානය දිනා ගැනීම තරගාවලියේ කැපී පෙනෙන සිදුවීමක් විය. 17 හැවිරිදි ප‍්‍රමේද මොරටුව වේල්ස් කුමර විදුහලේ සිසුවෙකි. කාන්තා අවසන් මහා තරගයේදී පසුගිය වසරේ ශූරතාව දිනාගත් චලනි ලක්මාලි තරග වට 2-1 කින් පරාජය කිරීමට රොෂිටා සමත්වුවාය. තියුණු තරගයකින් පසුව 25/16, 20/25 සහ 25/15 ක් ලෙස රොෂිටා තරගය ජය ගත්තාය. කාන්තා තෙවැනි ස්ථානය දිනා ගැනීමට මධුෂිකා කාංචනමාලා සමත්වුවාය. පසුගිය වසරේ පිරිමි ශූරතාව දිනාගත් එම්. ෂෙරිෆ්ඞීන් මෙවර අවසන් පුර්ව වටයේදී පරාජය විය.
2025 දෙසැම්බර් මස 18
278
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රේණිගත කිරීමේ කැරම් තරගාවලියේදී නිශාන්ත - රොෂිටා ශූරතා දිනා ගනිති
සමන් Tuesday, 15 May 2012 09:12 AM
නැවතත් ජාතික ශූරයා වීමය ඔබට ශක්තිය!!!
හර්ෂ ප්‍රදීප් Wednesday, 16 May 2012 10:30 AM
අපිත් ආසයි ටූනමන්ට් එකේ සෙල්ලම් කරන්න...