හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට චෝදනා ද නොකියවා සාක්කි අඥා පනතද උල්ලංඝනය කරමින් නඩු විභාගයට සැරැසෙතියි මෝසමක් මගින් අද (30) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් උසාවියේදී කරුණු දැක්වු ජනාධීපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි මහතා කියා සිටියේ පරිගණක සාක්කි ඉදිරිපත් කිරීමට දින හතලිස් පහකට කලින් එම සාක්කි ද සමග විත්තියට දැනුම් දිය යුතු බවයි.
ඒ බව සාක්කි ආඥා පනතේ සඳහන් වෙතත් මේ නඩුවේදී එසේ නොකරන බව පෙනෙතියි ඔහු කීවේය.
වත්කම් හෙළි නොකළැයි අල්ලස් හෝ දුෂණ කොමිසමෙන් ඇයට එරෙහිව මේ නඩුව ගොනු කැර ඇත.
පැමිණීල්ලේ නීතීඥ දිලාන් රත්නායක පැවසුයේ චෝදනා කියවා දී නැත්තම් එසේ කළ හැකි බවයි.
සාක්කි පිටපත්ද විත්තියට ලබා දෙනු ඇතැයිද ඔහු සදහන් කළේය.
විත්තියේ මෝසම අනුව කැදැවු නඩුවේදී චෝදනා කියවීමට ඉඩ නොදිය හැකි බව ලද්දුවහෙට්ටි මහතා කීය.
ලද්දුවහෙට්ටි මහතා දැක්වු කරුණුවලට විරෝධතා ඇත්නම් ලබන නොවැම්බර් 14 ට පෙර ගොනු කරන ලෙස දැන්වු ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නඩුව එදිනට කල් තැබීය.
ශිරාණි බණ්ඩාරණායක මහත්මිය ද අද උසාවියට පැමිණ සිටියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නීතියේ තියෙන්නේ කෙනෙකු වරදකරු බව ඔප්පුකරන තුරු ඔහු හෝ ඇය අහිංසක බවයි. කොහේ හරි රටක තියෙනවද දන්නේ නැහැ කෙනෙකු වරදකරු බවට පුර්ව නිගමනය කරලා තමාගේ නිවැරදි බව ඔප්පුකරන්න කියල චුදිතයට නියම කරන නීතියක් එහෙම. මං මේ දන්නේ නැති හින්දයි අහන්නේ. (නදී)
අල්ලස් හා දුසන කොමිසම පනතින් නඩු දාන්නේ කොහොමද කියලා ගැටළු සහගතයි. විස්වාසය බිදුනොත් කොමිසමට දෙවිපිහිටයි.(නදී)
දැන් බලාගෙන ගියහම නීතිය ගැන හරි දැනුමක් උගත් නීතිඥ මහතුන්ට තිබේ දැයි කියාත් සැකයි (නදී)
සරත් හරි, නීතිඥ මහතුන්ගේ නීතිය පිළිබදව දැනුම වර්ෂ 04 කට වරක් හෝ විභාගයක් පවත්වා හෝ යාවත් කාලීන දැයි සොයා බැලිය යුතුයි. ඊට පසුව වෘත්තීයේ යෙදීමට යෝග්‍යතා සහතිකයක් ලාබා දිය යුතුයි. නැත්නම් මේ යන ආකාරයට මේ වෘත්තියත් හෑල්ලුවට ලක්වෙයි(නදී)
කවුරු මොනවා කිව්වත් ඔබයි අපට තවම නිත්‍යානුකුල අගවිනිසුරු (නි)
"චෝදනා කියවා දේ නැත්නම් කියවා දිය හැක".කාටද මේ කියන්නේ (නදී)
ඇයි උපාලි එකමත් එක රටක හමුදා නිලධාරියෙකුට ඒ වගේ නීතියක් ක්‍රියාත්මක උනා කියලා පොත්වල කියවලා නැද්ද? (නදී)
චෝදනාවක් හරියට ගොනු කරන්නේ නැතුව නඩු දාන්නේ කොහොමද? මේ විකාර නිසා විනාශ වෙන්නේ ලංකාවේ කිර්ති නාමයයි. දැන් අපට ඉදිරියට තිබෙන ප්‍රශ්නය ශිරාණි බණ්ඩාරනායක නෙමෙයි. (නි)
අනේ මන්දා අපේ රටෙත් වෙන දේවල්? (නි)
මෙම නඩු පැවරිම ලොව ඕනෑම කෙනෙකුට පෙනෙනවා අසාධාරණ බව .බලධාරින් සිහියට ගන්න ඕන මෙහි අවසන් ප්‍රතිපලය කුමක් ද කියලා? ජාත්‍යන්තර වශයෙන් අප තවත් අගාදයට ඇද වැටිමක් මෙම ක්‍රියාවලිය තුලින් සිදුවෙනවය කියල තේරුම් ගන්න තරම් මෙම නඩු පවරන අය බබ්බු ද කියලා මට හිතෙනවා. මෙම සියලුම නඩු හබ දැන්වත් අවසන් කර හිටපු අගවිනුසුරු තුමියට තමන්ගේ කටයුතු ඇති අයිතිය තහවුරු කිරිමට කටයුතු සැලසිය යුතුයි. ඇය කල වැරදි වලට වඩා සමහර දේශපාලනඥයන් අල්ලස් දුෂණ සිදුකලත් දඩුවමක් නුදුන්නත් ඇයි මෙතරම් තලන පෙලන තරමට අපේ රටේ ප්‍රථම අග විනිසුරු තුමියට පියවර ගන්නේ කියන එක මා මෙරට හිටපු හා නිතී ය හා සම්බන්ධ්ව පිටරටක විසිපස් වසරක පමණ අත්දකීම් ඇති අයෙකු ලෙස අවංකවම ශෝක වෙනවා.පාර්ලිමේන්තුව තුල ඉතා විශාල පිරිසක් නීථි අධ්‍යාපනය හැරු අයවීම තුල මෙම තත්වය මතුවිම ඉතා ශොච්නීය කරුණක්.සිංහල පත්‍රවල මෙම කරුණු දමන්නට අපට ඇති ඉඩ සිමා වෙලා.කතුවරු පවා තර්ජනවලට බිය වෙලා.මෙම ප්‍රජාතන්ත්‍රවාදී සාකච්චාවලදී ලංකාදීපය කරන සේවාව අගය කල යුතුයි. මෙම නඩු පැවරිම ලොව ඕනෑම කෙනෙකුට පෙනෙනවා අසාධාරණ බව.බලධාරින් සිහියට ගන්න ඕන මෙහි අවසන් ප්‍රතිපලය කුමක් ද කියලා? ජාත්‍යන්තර වශයෙන් අප තවත් අගාදයට ඇද වැටිමක් මෙම ක්‍රියාවලිය තුලින් සිදුවෙනවය කියල තේරුම් ගන්න තරම් මෙම නඩු පවරන අය බබ්බු දකියලා මට හිතෙනවා. මෙම සියලුම නඩු හබ දැන්වත් අවසන් කර හිටපු අගවිනුසුරු තුමියට තමන්ගේ කටයුතු ඇති අයිතිය තහවුරු කිරිමට කටයුතු සැලසිය යුතුයි.ඇය කල වැරදි වලට වඩා සමහර දේශපාලනඥයන් අල්ලස් දුෂණ සිදුකලත් දඩුවමක් නුදුන්නත් ඇයි මෙතරම් තලන පෙලන තරමට අපේ රටේ ප්‍රථම අග විනිසුරු තුමියට පියවර ගන්නේ කියන එක මා මෙරට හිටපු හා නිතී ය හා සම්බන්ධ්ව පිටරටක විසිපස් වසරක පමණ අත්දකීම් ඇති අයෙකු ලෙස අවංකවම ශෝක වෙනවා.පාර්ලිමේන්තුව තුල ඉතා විශාල පිරිසක් නීථි අධ්‍යාපනය හැරු අයවීම තුල මෙම තත්වය මතුවිම ඉතා ශොච්නීය කරුණක්.සිංහල පත්‍රවල මෙම කරුණු දමන්නට අපට ඇති ඉඩ සිමා වෙලා.කතුවරු පවා තර්ජනවලට බිය වෙලා.මෙම ප්‍රජාතන්ත්‍රවාදී සාකච්චාවලදී ලංකාදීපය කරන සේවාව අගය කල යුතුයි. ශාන්ත සේනාධීර කිම් ඇයගේ අත්තටු කපලා දමලා. ඇයි තවත් වධ දෙන්නනේ කියලා මොහොතකටවත් හිතල බලාල දැන්වත් මේ හිසා නීම a
නීතිය කියන්නේ මකුළු දැලක්, බලය නැති කෙනාට එලලා අල්ලා ගන්නවා. බලය ඇති කෙනා ඒක කඩාගෙන යනවා. (නි)
ඔහොම තමා නෝනේ ඕවා (නි)
එකෝමත් එක රටක තිබුනලු මතක නැහැ කියලා බේරෙන්න පුළුවන් අධිකරණයක්. හැබැයි ඒ රටෙත් ඒ හැමෝටම එහෙම කියන්න බැහැ. (නි)
අනේ බන්දුල නොදිටි මොක්පුර කිවුවලු.... (නි)
කරන කලට පව් මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ (නි)
බන්දුල මහත්මයාගේ කථාව සහතික ඇත්ත (නි)
අග විනිසුරුතුමියට ගහන අයට තේරෙන්නෙ නැහැ තමන්ටම ඒක වදින බව (නි)
ජීවිත කාලය තුරාම ,පවරපු එකම අල්ලස් දුෂණ නඩුව මේක නම්, එතකොට කෝ මේ දේශපාලන හොරුන්ට ගෙන එන පැමිණිලි වල ප්‍රගතිය? (නි)
බන්දුල පෙරේරා නිකන් ආණ්ඩුවට කඩේ යන්නේ නැතුව ඉන්න. ශිරාණි මහත්මිය නිවැරදි බව මුළු ලෝකෙම දන්නවා.ඇයට ලංකාවෙන් සාධාරනයක් නොලැබුනොත් දෙවියන්ගෙන් හරි සාධාරනය ඉටුවේවි. ඒක විශ්වාසයි (නි)
කවුරුහරි මට මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙනවද? ඇයට එරෙහිව තිබෙන චෝදනා වල අඩංගු ගනුදෙනුව සහ එහි සඳහන් ගිණුම් පවත්වාගෙන යාම දිවි නැගුම පනතේ තීන්දුව දීමට බොහෝ කල් පෙර සිදු වී ඇත. ඇයි මේවා නඩුවේ තීන්දුව දුන්නට පස්සේ එලියට ආවේ? ඇයි කලින් මෙම චෝදනා ඉදිරිපත් නොකළේ? (නි)
දිසානායක, කවුද අනේ සිරෝමි නෝනා කියන්නේ? මා නොදන්නා කෙනෙකුට කොහොමද කඩේ යන්නේ? පණ්ඩිතකන් නැතුව ඉස්සෙල්ල මගේ ප්‍රශ්නෙට පිළිතුරක් දෙනවද? (ස)
බන්දුල පෙරේරා මහත්තයෝ, එතකොට අර ලක්ෂ ගාණක ඔරලෝසුව ගැන කතාවට මොකද දන්නේ නැහැ වුනේ නේද? (නි)
උපාලි, එහෙම නීතිත් ලෝකයේ තියෙනවා (නි)
සේනාදීර මහත්තයෝ, මේ ඉන්නේ අල්ලසට දුෂණයට යට වුනු දේශපාලකයෙක් නෙමෙයි. ව්‍යාපාරිකයෙක් නෙමෙයි. අල්ලස් ගන්න රාජ්‍ය සේවකයෙක් පොලිස් කාරයෙක් නෙමෙයි. ඒ මිනිස්සු එහෙමයි කියල රටේ මිනිස්සු දන්නවා. මේ මේ රටේ හිටපු අග විනිසුරු . අදිකරණ නීති පද්දතියේ මුල් පුටුව..එහෙම කෙනෙකුට චෝදනාවක් එල්ල වීම මුලින් කියපු පුද්ගලින්ට එල්ල වුනු චෝදනාවකට සමාන වෙන්නේ නැහැ..මෙයා රුපියල් 100ක් වංචා කරන එක සාමාන්‍ය මිනිහෙක් මිනිස්සු දෙතුන් දෙනෙක් මරනවට වඩා බර පතලයි. මෙයාගේ දරපු තනතුර අනුව තමයි වරදේ ස්වභාවය බලන්න ඕනා. මේ තනතුර මොන යම් හෝ චෝදනාවකට ලක්වෙන්න බැහැ. එහෙම උනොත් මේ රටේ සමස්ත අදිකරණ පද්දතිය පිලිබදම විස්වාසය බිද වැටෙනවා. ඒ වගේම අග විනිසුරු කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට සංවේදී චරිතයක් නෙමෙයි. ඔය තනතුරේ උෂ්ණය මිනිස්සු දන්නවා. මේක දේශපාලනිකව අලෙවි කරන්න හදන උත්සාහය කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. තමන් නිවරදි තමන් මුලිකත්වය දරපු අදිකරණ පද්දතියෙන්ම තමන්ගේ නිවරදි කම ඔප්පු කරන්න මෙයට අවස්ථාව ලැබිලා තියෙනවා. ගොයම් කොලේට මුවා උනා වගේ බොලද නීති තර්ක නැතුව තමන්ට විරුද්දව තියෙන සාක්ෂි මොනවාද බලල ඒවාට පිළිතුරු දීල නිවරිදිකම සනාථ කරන එක තමයි මෙයාගෙන් විය යුත්තේ. මෙයා ඔය කියන තරමට සුපිරිසිදු නම් මොකටද කට්ටිය ඔච්චර බය වෙන්නේ. දේශපාලන පලිගැනීම් කරනවානම් කරන්න හදන්නෙත් උසාවිය හරහා නීත්යනුකුලවනේ. අපි බලමු නඩුව මොකද වෙන්නේ කියල.පොඩ්ඩක් ඉවසල ඉන්න. ඔය නඩුකරයාවත් ලෝයවත් ශිරාණි බණ්ඩාරනයකවත් නීතිපතිවත් නෙමෙයිනේ.(නදී)
මෙතුමිය ආණ්ඩුවේ මතයන්ට විරුද්දව ගිය නිසා තමා ඕවා හොයන්නේ. නැතිනම් කප්පරක් වැරදි කලත් හොයන්නේ නෑ. මේ දෙන්නේ පණිවිඩයක්,උඹලා කොච්චර හොරකම් කලත් වංචා කලත් කමක් නෑ,හැබැයි අපට විරුද්දව ගිය දවසට බලාගන්නම්.(නදී)
නිතිය දන්නවා වැඩි උනාමත් කරදරයි (දී)
රකිත් බන්දුල පෙරේරා කියපුව ඇත්ත ...මම දන්නේ නැහැ ඔබ ඇයි සිරෝමි නෝනට කඩේ යන්නේ කියල.ඔය හිනාව ඇතුලේ සිටින රාක්ෂයා හරිම භයානකයි (දී)