IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ශිරාණිගේ නඩුව යළිත් කල් යයි

හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද යළිත් කල් තැබීය.

අල්ලස් කොමිසම විසින් පැවැරුණු මේ නඩුවෙන් ඇයට චෝදනා කර ඇත්තේ වත්කම් හෙළි නොකළ බවටයි.

ඇගේ බැංකු ගිණුම්වල පරිගණක ලොග් හා ප්‍රකාශන ලොග් සටහන් පිටපත් දීමට නොහැකි බව ජාතික සංවර්ධන බැංකුව අධිකරණයට කියා සිටියේය.

එම සටහන් නිකුත් කරන ලෙස උසාවියෙන් ද නියම කර ඇත.

ඇගේ නීතීඥවරුන් කියා සිටියේ උසාවි නියෝගය නොසළකා බැංකුව ක්‍රියා කරන බවයි.

ඒ ගැන තීරණයක් දීම සඳහා නඩුව ලබන ජූනි හය වැනි දා තෙක් කල් තැබිණි.

 



අදහස් (0)

ශිරාණිගේ නඩුව යළිත් කල් යයි

ප්‍රියන්ත Friday, 23 May 2014 05:06 PM

කෝටි 3 ට මෙහෙම නං කෝටි 17ට කොහොම තියෙයිද?ලම්බෝගිනි කාර් වලට නං අවුලක් නැතුව ඇති. (ස)

:       0       0

ලංකා තිලක් Friday, 23 May 2014 06:00 PM

අනේ මන්දා, ඉක්මනට නඩුව ඉවර කර ගන්නකො.අපි මේ ඔබ තුමී පොදු අපේක්ෂිකාව වෙලා එනකම් බලන් ඉන්නවා. ඔහොම ගියොත් ජනාධිපතිවරණෙ එනකනුත් උසාවියේ තමයි ඉන්න වෙන්නේ. අපිට හරි ආසයි ඔබ තුමියට මේ රටේ මිනිස්සු කොච්චර සලකනවද කියල දැනගන්න මේ රටේ මිනිස්සුන්ට කරලා තියෙන සේවයට. ඉතින් ඒක බලන්න නම් ජනාධිපතිවරනෙට එන්නම ඕනා. අර උපුල් ජෝශප් මහත්තය පුන පුන කියනවා වගේ මේ රටේ මිනිස්සු මග බලාගෙන ඉන්නේ ඔබ තුමී එනකම් චන්දෙට ඔබ තුමිව ජනාධිපති කරවන්න.(නදී)

:       0       0

ලක්ෂමන් Friday, 23 May 2014 06:06 PM

මැති ඇමති කී දෙනෙක් වත්කම් හෙළිකරලා තියෙනවද කියලනේ මුලින්ම බලන්න ඕනා. කාට කියන්නද මේවා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site