හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පවරා ඇති නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද යළිත් කල් තැබීය.
අල්ලස් කොමිසම විසින් පැවැරුණු මේ නඩුවෙන් ඇයට චෝදනා කර ඇත්තේ වත්කම් හෙළි නොකළ බවටයි.
ඇගේ බැංකු ගිණුම්වල පරිගණක ලොග් හා ප්‍රකාශන ලොග් සටහන් පිටපත් දීමට නොහැකි බව ජාතික සංවර්ධන බැංකුව අධිකරණයට කියා සිටියේය.
එම සටහන් නිකුත් කරන ලෙස උසාවියෙන් ද නියම කර ඇත.
ඇගේ නීතීඥවරුන් කියා සිටියේ උසාවි නියෝගය නොසළකා බැංකුව ක්‍රියා කරන බවයි.
ඒ ගැන තීරණයක් දීම සඳහා නඩුව ලබන ජූනි හය වැනි දා තෙක් කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි 3 ට මෙහෙම නං කෝටි 17ට කොහොම තියෙයිද?ලම්බෝගිනි කාර් වලට නං අවුලක් නැතුව ඇති. (ස)
අනේ මන්දා, ඉක්මනට නඩුව ඉවර කර ගන්නකො.අපි මේ ඔබ තුමී පොදු අපේක්ෂිකාව වෙලා එනකම් බලන් ඉන්නවා. ඔහොම ගියොත් ජනාධිපතිවරණෙ එනකනුත් උසාවියේ තමයි ඉන්න වෙන්නේ. අපිට හරි ආසයි ඔබ තුමියට මේ රටේ මිනිස්සු කොච්චර සලකනවද කියල දැනගන්න මේ රටේ මිනිස්සුන්ට කරලා තියෙන සේවයට. ඉතින් ඒක බලන්න නම් ජනාධිපතිවරනෙට එන්නම ඕනා. අර උපුල් ජෝශප් මහත්තය පුන පුන කියනවා වගේ මේ රටේ මිනිස්සු මග බලාගෙන ඉන්නේ ඔබ තුමී එනකම් චන්දෙට ඔබ තුමිව ජනාධිපති කරවන්න.(නදී)
මැති ඇමති කී දෙනෙක් වත්කම් හෙළිකරලා තියෙනවද කියලනේ මුලින්ම බලන්න ඕනා. කාට කියන්නද මේවා.(නදී)