බොරැල්ල කැම්බල් පිටියේ බොලිවුඩ් නළු සල්මන් ඛාන් සහභාගීවූ ජන රැලියකදී නිවේදක මහතා සභාව අමතමින් කීවේ ‘‘ශාරුක් ඛාන්ට ජයවේවා‘‘ යනුවෙනි.
මන්ත්‍රී නාමල් රාජපක්ෂ එය නිවැරදි කළේය. මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාද වේදිකාවේ සිටියේය.
සල්මන් හා ශාරුක් බොලිවුඩ් තිරයේ තරහකාරයෝය.
රාජගිරියේ සල්මන් ඛාන්ද සහභාගිවූ උත්සවයකට ආ කාරයක් ගැටීමෙන් ළමයින් දෙදෙනෙක් තුවාල ලදහ.
එක් ළමයකුගේ පාදයකට බරපතල තුවාල සිදුවී ඇති අතර අනෙක් ළමයා ජාතික රෝහලට ඇතුළත් කෙරිණි.
පොලිසිය කියනුයේ එකම නොම්මරය ඇති කාර් දෙකක් ඇති බව සොයාගෙන ඇති බවයි. වැල්ලවත්තේ 23 හැවිරිදි තරුණයකු කාරය පදවන්නට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
ඊට සමාන අනෙක් කාරය පුත්තම් දිස්ත්‍රික්කයේ දේශපාලනඥයකුගේ බව පොලිසිය කියයි.
එම උත්සවයෙන් පසු සල්මන් ඛාන් යළි ඉන්දියාව බලා පිටත්ව ගියේය.
වීඩියෝ දර්ශන Lanka Truth වෙබ් අඩවිය අනුග්‍රහයෙනි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම බලය පතුරුවාගෙන හිටපු ආණ්ඩුවක්ද මේ තරමට බංකොලොත් වුනේ ?(හේ)
තමන්ගේ නම වැරදියට කියනකොට සල්මන් ඛාන් බොහොම නිහතමානීව හිනාවෙලා හිටියා. වෙනකෙනෙකුටනම් තරහා යයි නේද ? කොහොමටත් ආධුනික නිවේදකයෙකු වෙන්න ඇති. සලමන් එක්ක එක වේදිකාවේ ඉන්නකොට පොඩි තිගැස්මක් ඇතිව ඉන්න ඇති. ඉතින් අපිත් උපේක්ෂාවෙන් හිනා වෙලා ඉමු. (ර)
අපි නොදන්නා චෙස් (නදී)
ජීවමාන බුදුන්ට පමණක් දෙවෙනි දළදා හාමුදුරුවෝ, ජයසිරි මහා බෝ සමිඳුන්, අසූහාර දහසක් වෙහෙර විහාර නොතකා තිරුපති වඳින නායකයන්, මුළු ජීවිත කාලයම කලාවට කැප කරපු අසහාය කලා කරුවන්ට ආනයනික ස්ටාර්ලා ලවා කොකා පෙන්නන නායකයන්, නූගත් වාචාලයන් ලවා උගතුන්ට අපහාස කරන නායකයන්,දවස පුරාම විරුද්ධවාදීන්ට මඩ ගහන මාධ්‍ය ,වන්දි බට්ටයන්ගේ පුහු ප්‍රශස්ති ගායනා අපට හිරිකිතයි .ගරු ජනාධිපති තුමාට මේක නොතේරෙන එක ගැන ඡන්දය දීපු අපට මහා වේදනාවක් දැනෙනවා (බ)
අපට කෙළවේවා ! (බ)
මාරු වැඩේ. ඔක්කොටම අමු කැවිලා. සල්මන් ඛාන් ගෙන්නලා දේශපාලන වේදිකාවට නග්ගනවා. ගංවතුර ආදාර බෙදන්න ආවා කියනවා. ශාරුක් ඛාන්ට ජයවේව කියනවා. කලාකාරයෝ තමන්ටම ගහගත්තා කියනවා. නැ මන් ගැහෙව්වේ කියල මන්ත්‍රී කෙනෙක් බාර වෙනවා . අනේ මන්ද අපි මේවා බලන් ඉන්න ඕනේ ඔලුවෙන් කකුල් දෙකෙන් හිටගෙනද ඔලුවෙන් හිටගෙනද? (නදී)
එයාලට සලමන් ඛාන්.. අපි මෙහෙ හිඟා කාන්.. (නදී)
අපිට වගේම මේ හින්දි නළුවන්ටත් පිස්සුද කොහෙද. නිකන් ඉන්න බැරුවට අතින් කයිට් වෙලා රැස්වීම් වලට යනවා. පව් අනේ. කඩේ යනවනම් ගානක් හම්බු කරගන්න තිබුන. (නදී)
අනතුරෙන් පසුව තව කාර් එකක් ඒ නොම්මරයෙන්ම ඉපදිලා. නිවුන්නු වෙන්න ඇති. (නදී)
අපි මෝඩයෝ කියල හිතනවා ඇති මේවා විශ්වාස කරන්න. (නදී).
සලමන්ට ඉන්දියාවෙන් නොසෑහෙන්න දෙහි කපල කියල ආරංචියි! (නදී)
ශාරුක්ට ජය වේවා(නදී)
මෙවා තමයි කියන්නේ මෝඩ චුන් කියලා (නදී)
අනේ හැබෑටම මෙහෙමත් නාටක? (නදී)
දේශපාලනය තිත්ත වෙනවා කරන වැඩ වලට (නදී)
කට වැරදි හෝ කියවෙන්නේ හිතේ තියන දේ තමා. (හේ)
මට නම් මේ හින්දි කෝලම ඇති වෙලා තියෙන්නේ. (ර)
පිස්සු ඩබල්
සල්මන් දැන ගත්ත සලමන් නෙමේ ලකාවේ ශාරුක් දිනලා බව (නදී)
ඔය රිය අනතුර ගැන දන්නෝ දනිති. (ර)
මේ කාන් මහතා දොස්තර කෙනෙක්ද? (ර)
බොරු වැඩක්. සලමන් මොකටද ලංකාවේ ඡන්ද වලට. (හේ)