ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරකව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දි රැස්විය. එහිදී පක්ෂයේ ජාතික සංවිධායක ලෙස සුසිල් ප්‍රේමජයන්ත්, උප සභාපති ලෙස රාජිත සේනාරත්න සහ භාණ්ඩාගාරික ලෙස එස්.බී නාවින්න මහත්වරු පත්කර ගනු ලැබූහ. අනුශාසකවරු ලෙස හිටපු ජනාධිපතිරුන් මෙන්ම අගමැතිවරුන් ද පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන අලෙවි මව්ලනා මහතාද පත් කිරීමට අද තීරණය කළ බව ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.
පක්ෂයේ අනුශාසකයින් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අවස්ථාවට සහභාගී නොවූහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ ඩලස් අලහප්පෙරුම මහතාට එම තනතුර අහිමි වු අතර ඔහු උප සභාපතිවරයෙක් වශයෙන් පත් කරගනු ලැබීය. පර්ලිමේන්තු මන්ත්‍රී විනයාග මූර්ති මුරලිදරන් (කරුණ අම්මාන්) දරු උප සභාපති තනතුර ඔහුට අහිමි වී ඇත.
තේරි පත්වු නිලධාරී මඩුල්ල මෙසේය
අනුශාසකවරු - හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, හිටපු අගමැතිවරුන් වන රත්නසිරි වික්‍රමනායක දීමු ජයරත්න, බස්නාහිර පලාත් ආණ්ඩකාර අලෙවි මවුලනා, කතානායක චමල් රාජපක්ෂ සහ විශ්වා වර්ණපාල
සභාපති - ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා
ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරු - නිමල් සිරිපාල ද සිල්වා, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, ඒ.එච්.එම්. පවුසි, ජනක බණ්ඩාර තෙන්නකෝන්
උපසභාපතිවරු - සී.බී රත්නායක, කුමාර වෙල්ගම,ඩලස් අලහප්පෙරුම, එස්.බී. දිසානායක, පියසේන ගමගේ, රාජිත සේනාරත්න, සරත් අමුණුගම, පිලික්ස් පෙරේරා, එම්.ඒ.ඩී.එස්. ගුණවර්ධන, මහින්ද යාපා අබේවර්ධන.
ප්‍රධාන ලේකම් - අනුර ප්‍රියදර්ශන යාපා
උප ලේකම්වරු - ජගත් පුෂ්පකුමාර, දුමින්ද දිසානායක, මහිපාල හේරත්, ඩිලාන් පෙරේරා, මහින්ද සමරසිංහ, රංජිත් සියඹලාපිටිය, මහින්ද අමරවීර
නිරීක්ෂක සභිකයෝ - ගුණරත්න වීරකෝන්, නන්දිමිත්‍ර ඒකනායක, ජයරත්න හේරත්, ප්‍රියංකර ජයරත්න, චන්දිම වීරක්කොඩි, සරත් ගුණරත්න, ටී.සුමතිපාල, ඉන්දික නලින් ජයවික්‍රම, රංජිත් සෝමවංශ
නිලබලයෙන් පත් වු නිරීක්ෂක සභිකයෝ - සරත් ඒකනායක, දයාසිරි ජයසේකර, සහන් විජයලාල් ද සිල්වා, පේෂල ජයරත්න, ශෂීන්ද්‍ර රාජපක්ෂ, අබ්දුල් මජීඩ්, ඒ රාමනාදන් යන මහත්ම මහත්මීහු තේරීපත් වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජගත්, මේ මිනිස්සු රට වෙනුවෙන් කරපුදේ හරි. (ර)
මේ හැමෝම තනතුරු වලට මිසක් රටට වැඩ කරන්න එනවා නෙමෙයි. (නදී)
අලුත් මුහුණු කිව්වට පරණ ශරිරමයි අයියේ. 60% ක්ම 60 පැනපු බිම යන්න බැරි අය. ඊළඟ පෙරළියට ඊළඟ දසකයට ගැලපෙන තරුණ හා කාන්තා නියෝජන නැහැ. මොකක්ද මේ නාඩගම. (නදී)
හිසේ කැක්කුමට කොට්ටේ මාරු කරනවා කියන්නේ මේ වගේ වැඩවලට නේ. (නදී)
මේ කෝලම් මඩුකාරයින්ට අමතකවෙලා ලක්ෂ 58 ක් ඡන්ද ගත්ත මහින්ද මහත්තයව. මම හිතන්නේ කොටි හිතවාදී රටවල් නියෝග දීල ඇති මහින්දට ලොකු බලයක් දෙන්න එපා කියලා. දැන් ඔක්කොම වෙන්නේ එහෙමනේ. (නදී)
දැන්නම් අච්චාරු හැළියක් වගේ මට නම්. සියලු සංස්කාරකයෝ නැසෙන සුළුයි කියලා බොරුවට නෙමෙයි කිවුවේ බුදුරජාණන් වහන්සේ (නි)
ආ ඇසිලින් නෝනෝ, ඒත් ඉතින් මේකේ ඉන්න හුඟ දෙනෙක්ම අතිගරු උතුමානන් වහන්සේට එහෙයි කියපු අයලු කියන්නේ.(නදී)
60 පැනපු අයනේ (නදී)
ඉතින් ඇසිලින් නෝනාටත් හැට පැනල මෙතැන ලියන්න පුළුවන් නම් අර හැට පැනපු කට්ටිය පත් වුනාම මොකෝ ? (නදී)
ජනතාව හරි කැමතියි ඔයාලට ශෝක් අනේ (නදී)
නෝනගේ කතාවට මන් එකඟයි. අලුත් මුහුණු වලට තැනක් නැතුව ඉදිරියක් නෑ (නදි)
අනුශාසක මඩුල්ලක් ඉන්න නිසා මහ ඡන්දයට හොඳයි (නි)
මහින්ද මහත්තයා නැතුව ඔය කට්ටය දිනන්නේ නැහැ (නදී)
බලාගෙන යනකොට අපිනේ වැරදි කරලා තියෙන්නේ? (නි)
ඔව් ඉතින් අයෙත් ගෙන්නාගෙන මාලිගාව ඉස්සරහ රේස් එකක් එහෙම යවල බැරිය වැඩ භාර ගන්න. (අ)
කියන තැනකට වදින්නම් අනේ මේ රට දැන් හොදින් යනවනේ ,රට ගැන ,රටේ මහා ජනතාව ගැන හිතලා, අනේ වදින්නම් ආයිත් ඔයාලා ඡන්දෙකට නම් ඉල්ලන්න එන්න එපෝ ..(අ)
මේ එපා කිව්ව අයම නේද ඉන්නේ (දිල්)
කොහොමටත් ඔය හැමෝම ගැන ජනතා මනාපයක් නැහැ. තවත් අවුරුදු 30 විපක්ෂගතවන්නට දරන උත්සාහයක්. ජනතා ඉල්ලීම, දුෂණ නැති සාදාරනව කාර්යක්ෂමව වැඩ කරන තරුණ පෙළක් (නදී)
මහින්ද මහත්තය පාවා දීල ඔහෙලා ඔක්කොම කරපු පවට කවදාවත් ඔහෙලට බෑ සමාව දෙන්න. ලබන ඡන්දෙදි ඔහෙලගෙන් 80% දෙනා ජනතාව හැටියට අපි ගෙදර යවන එක යවනවා. (නදී)