( කටුනායක ටී.කේ.ජී.කපිල )

කටුනායක ගුවන් තොටුපළ , ශ්‍රී ලන්කන් " සෙරෙන්ඩිවා " විවේකාගාරය , මාස 11 ක් ප්‍රතිසංස්කරණ කටයුතු සදහා වසා තිබීමෙන් පසුව , පසුගිය දා විවෘත කිරීම සිදු විය.

දැකුම්කළු දුඹුරු වර්ණයෙන් නිමවා ඇති මෙම විවේකාගාරය , අභ්‍යන්තරය හරිත වර්ණයෙන් සහ ශ්‍රී ලංකාවේ ඓතිහාසික බිතුසිතුවම් වලින් හැඩ ගන්වා තිබේ.

එකවර පාරිභෝගිකයන් 50 දෙනෙකුට පමණ නවාතැන් පහසුකම් සහිත මෙම විවේකාගාරය වෙත , ප්‍රනීත ආහාර පාන බුෆේ ක්‍රමයට සම්පාදනය කෙරේ.

මෙම විවේකාගාරය තුළ නොමිලේ අන්තර්ජාල සහ වයිෆයි පහසුකම් සළසා තිබේ .

එළඹෙමින් තිබෙන ශීත ඍතුවේදී ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සංක්‍රමණික ගුවන් මගීන් ඇතුළු අනෙකුත් ගුවන් මගීන්ට  මෙම විවේකාගාරය අතිශයින්ම ප්‍රයෝජනවත් විය හැකි බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශ්වාසය පළ කරයි .

මෙම විවෘත කිරීමේ අවස්ථාවට සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති , විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි , උප සභාපති රජීව් සූරියආරච්චි , ක්‍රියාකාරී අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර යන මහත්වරුන් සහභාගී වී සිටියහ .