(සුනිල් ආනන්ද පැරීසියේ සිට)
සංචාරයක් සඳහා ශ්‍රීලංකාවට පැමිණි ප්‍රංශ ජාතික පවුලකට අයත් වයස අවුරුදු 10ක පිරිමි දරුවෙක් ජල භීතිකා රෝගය හේතුවෙන් ඹක්තෝම්බර් මස 19 වැනිදා මධ්‍යම ප්‍රංශයේ ලියෝන් නගරයේ රෝහලකදී මිය ගොස් ඇත
ජල භීතිකා රෝගය හේතුවෙන් සිදුවූ මරණයක් බැවින් මෙම සිදුවීම ප්‍රංශ මාධ්‍යයේ විශේෂ කතා බහට ලක්වූ මාතෘකාවක් විය.
එම ප්‍රංශ ජාතික පවුල ලංකාවට පැමිණි අවස්ථාවේ දික්වැල්ල ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටි අතර එම ප්‍රදේශයේ මුහුදු වෙරළේ සෙල්ලම් කරමින් සිටි මෙම දරුවා වෙරළේ දඩාවතේ යන බල්ලෙකු අත ගෑමට ගොස් සපා කා ඇත. එයින් සිදුවූ සුළු තුවාලයට ප්‍රතිකාර ලබා ගත් දෙමාපියන් නිවාඩුව අවසන් කොට ප්‍රංශයට පැමිණ ඇති අතර මසකට පමණ පසු දරුවාගේ සෞඛ්‍ය තත්වයේ අසාමාන්‍ය වෙනස්වීම් හේතු කොට රෝහල් ගත කිරීමෙන් දින කිහිපයකට පසු දරුවා මරණයට පත්වී ඇති අතර මරණයට හේතුව ජල භීතිකා රෝගය බව පැරීසියේ පිහිටි ලෝක ප්‍රසිද්ධ ලූවී පැස්ටර් රසායනා විද්‍යාගාරය කළ පරීක්ෂණ වලින් පසු නිගමනය කොට ඇත.
මේ හේතුවෙන් එම දරුවා අයත් පවුලට සම්බන්ධ 60 දෙනෙකුට සහ දරුවා ඉගෙනුම ලැබූ පාසලේ සියලූ දෙනාටම එන්නත් වාර දෙකක් ලබා දීමට ප්‍රාදේශීය සෞඛ්‍ය ආයතන බලධාරීන් කටයුතු කර ඇත. ජල භීතිකාව රෝගය වැළඳුණු රෝගියෙකුගේ රෝග ලක්ෂණ දින 20 ත් 60 ත් අතර කාලය තුල හඳුනා ගැනීමට හැකි අතර දින 20 කට පෙර රෝග ලක්ෂණ දැකීමට නොලැබෙන බව ලූවී පැස්ටර් විද්‍යාගාරයේ විශේෂඥයෝ පවසති.
1924න් පසු ප්‍රංශය තුලදී ජල භීතිකාව රෝගය වැළඳුනු රෝගියෝ සොයා ගෙන නොමැති අතර 1970 සිට මේ දක්වා මෙම රෝගීන් 23 දෙනෙකු ප්‍රංශයේදී සොයා ගෙන ඇති අතර 2014 දී අවසන් රෝගියා හමුවී ඇති අතර ඔවුන් සියලූ දෙනාම ප්‍රංශයෙන් පිට විදේශයකදී මෙම රෝගයට ගොදුරුවී ප්‍රංශයට පැමිණි අයය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ අසරණ මිනිසුන් ඇති ලංකාවේ එක්තරා ප්‍රසිද්ධ ගෑනු කෙනෙක් අසරණ බල්ලොන්ට පිහිට වෙන්න කියලා සංවිධානයකුත් පටන් අරන් තියෙන්නේ. මේ ළමයාට ප්‍රතිකාර කල පළමු දොස්තරට විරුද්ධව නඩු දැමිය යුතුයි ඔහුගේ නොසැලකිලිමත්කමට. මේ අහිංසක ළමයා මිය නොයායුතු අසරණයෙක්.
මිලානෝ හරි. සාමාන්‍යයෙන් අපි දන්නවා, බල්ලෙක් නෙමි, පුසෙක් හපා කෑවත් දැන් ජලභීතිකා එන්නත ගහනවා. ළමයව දොස්තර කෙනෙක් පරීක්ෂා කරා නම් අනිවාර්යෙන් ඒ දොස්තරට නඩු දැමිය යුතු අතර, එහෙම නැතුව ළමයාගේ දෙමව්පියන් විසින් නිකන්ම බෙහෙත් දැම්ම නම්, ඒ දෙමව්පියෝ තමයි වැරදි. ඒ කෙසේ වෙතත් මේ සම්බදයෙන් මව්පියන් මෝඩ විදිහට හැසිරිලා තියෙන්නේ, පව් ළමයා.
ඇත්තටම පාරක යන්න බැහැ. විකන්න එලවනවා. බයිසිකල් වලට පැනලා මිනිසුන්ගේ අතපය කැඩෙනවා. පාර පුරා ජරා කරනවා. කවුද මුන්ව හදන්නේ?
බටහිර රටවල පොලිස් නිලධාරීන් කුඩා කඳුළු ගෑස් බෝතල් සාක්කුවේ දාගෙන යනවා. ඒවා මේ වගේ බල්ලන්ගේ ඇස්වලට විදින්න පුළුවන්. දිගුකාලීන හානියක් නැහැ. කරදරයක් කරන්න එන මිනිස්සුන්ට විදින්නත් පුළුවන්. ඒ රටවල කාන්තාවෝත් මේ වගේ දේවල් ළඟ තියාගෙන ඉන්නවා. එකම ගැටලුව මේවා අනෙක් පැත්තටත් පාවිච්චි වෙන්න පුළුවන්.
මෙහි අදහස් වලින්ම පේනවා අපේ රටේ දුප්පත් මානසිකත්වය, මේ අය හිතන්නේ ලෝකේ ජිවත් විය යුත්තේ මිනිසුන්ම විතරයි කියලයි, එහෙම කලාම කියමු , හැබැයි මේකේ බහුතරය අර බල්ලෝ හරක් බුරුවො නැති අඩුව අපුරුවට පුරවනවා මිනිස් වෙසින් ඉඳන්. තමන් නොදන්නා පළාතක රටක සතෙක් සපා කෑ විට හෝ දෂ්ට කල විට ඒ සඳහා නිසි ප්‍රතිකාර කල යුතු ආකාර එකිනෙකට වෙනස් වෙනවා. මොකා මොනා කිව්වත් තමන් දැනුවත් විය යුතුයි තම දරුවාට නිවැරදි ප්‍රතිකාර ලබාදීමට. ලංකාවෙත් ගමේ සාමාන්‍ය කෙනෙක් හෝ දන්නවා නොදන්නා බල්ලෙක් පුසෙක් සපා කෑ විට කල යුතු දේ . සැකය ඇත්නම් ජලභීතිකා එන්නත් අනිවාර්යෙන්ම දෙනවා.එකට ප්‍රන්සේට යනකන් නොඉඳ ලංකාවේදීම කලානම් ළමයත් ජිවතුන් අතරේ .. රටේ නමත් බේරිලා ...
දඩාවතේ යන බල්ලන් දැන් සමාජයට හරිම හිරිහැරයක් වෙලා. බල්ලන් ඇතිකරන මිනිසුන්ගෙන් වාර්ෂික බද්දක් අයකළ යුතුයි. මහමග ගැවසෙන බල්ලන් මරා දැමිය යුතුයි. මේ බලු ප්රශ්නය විසඳන්න වෙනත් විකල්පයක් නැහැ!
බල්ලන් ඉන්න රටක බල්ලන් වෙනුවෙන් සංවිධාන ඇති නමුත් මිනිසුන් වෙනුවෙන් නැත. දඩාවතේ යන බල්ලන් අල්ලා විනාශ කිරීම අත්හිටුවා ඇත. ජලබීතිකව ඉතා දරුණුය. ඔබද මෙයට ගොදුරු විය හැක
නිශාන්ත ඇතුළු සැමට, පාරේ යන බල්ලෙක් හපා කෑවොත් ඔය අදහස් වෙනස් වෙනවා ජලභිතිකාව ඉතාම දරුණු උවදුරක් ජිවිත හානිය ඉතාම කණගාටුදායක ලෙස වෙනවා ගලවා ගන්න ඉතාම අපහසුය
මේකට නිසි ප්‍රතිකාර නැහැ බල්ලා සතුව පවතින විෂ බීජයේ දරුණුකම අනුව තීරණය වෙනවා තව තවත් බල්ලන් දඩාවතේ යවමු බලු රක්ෂණ මානව හිමිකම් ගැන කතා කරමු
හරියටම හරි දවල් රෑ දෙකේම මේ බලු කරදරේ කෙලවරක් නැතිව .....බුරනවා මිනිසුන් සපා කනවා ගිය ගිය තැන ජරා කරනවා දහසක් කරදර බල්ලන්ට ආදරේ නම් බල්ලන් ගෙදර ඇතිකරන්න කාගෙවත් විරුධයක් නැහැ .ලෝකයේ අනික් රටවල් ඕනේ තරම් බල්ලෝ ඉන්නවා එත් උන් මේ වගේ පාරවල් දිගට වතු පිටිවල් ගිය ගිය තැන නැහැ.අපේ රටේ මොන දේත් පිළිවෙලක් නැහැ.අනික ළමය සපා කෑවාට පසු දොස්තරලා ළඟට ගියාම ඔහු දැන ගන්න ඕනේ නියම ප්‍රතිකාර ලබා දෙන්න .මුල්ම වරද මේ දොස්තරගේ ඔහුට දඩුවම් දෙන්න ඕනේ නියම ආකාරයට ප්‍රතිකාර කර නැති නිසා.අපිට කිසිවෙකුගෙන් බලාපොරොතු වෙන්න බැහැ....
රටේ බල්ලෝ හරක් සේරම පාරවල් වල ඉන්නේ මිනිස්සු දමන කුණු ජරාව කනවා. සේරම ලෙඩ හැදෙනවා. මේ සත්තුන්ගේ අයිතිකාරයෝ මේ වගකීම බාරගන්න ඕනේ. මේ රටේ ඉන්න දොස්තරලා හරියට මිනිස්සුන්ට බෙහෙත් දෙන්න ලෙඩ හොදකරන්න දන්නේ නැහැ ඒ හින්ද තමයි ඉස්පිරිතාල වල මිනිස්සු පිරිලා ඉන්නේ
අනේ පව්! ඒ දරුවා හිතන්න ඇති ප්‍රංශයේ බල්ලෝ වගේ කියලා ලංකාවේ බල්ලොත්, අනික ප්‍රංශයේ මනුස්සයෝ ඉන්න නිසා ඒ අය දන්නවා බල්ලෙකුව උනත් හරියට හදන්න. අපේ රටේ දෙගොල්ලන්ගේම වැඩි වෙනසක් නැති නිසා සමහර වෙලාවට බල්ලෝ, ඉදිරියෙන් ඉන්න අවස්ථා අපි දකිනවා. දැන් ලංකාවේ ඔය දරුවාව පරීක්ෂා කල දොස්තරට උනත් බල්ලා ගැන තිබෙන අවබෝධය හා වටිනාකම දරුවා කෙරෙහි නොතිබෙන්නට ඇති. අනික ඉතින් බල්ලන්ට තියන තැන මනුස්සයින්ට කොහෙද මේ සිරි ලංකාවේ??
"රට බල්ලට ගිහින්, බල්ලෝ රට ගිහින්" කියල කට කසනවට වගේ මිනිස්සු කිව්වේ මන්ත්‍රී ඇමති ධුර දරන අය ගැනත් හිතල. දැන් කියනවා නම් නිකම්ම බල්ලෝ නොවෙයි පිස්සු බල්ලෝ කියල කියන්න වෙන්නේ නිතර පොරකන හින්ද. මුහුදු වෙරළවල් වල පිස්සු බල්ලොත් නිවාඩු ගත කරන රටක සංචාරක ව්‍යාපාරයේ අනාගතය පිස්සු බල්ලන්ටම බාර දීල නිහඬ වෙන්නයි වෙන්නේ.
සංචාරක කර්මාන්තය කරන රටක් සංචාරකයාගේ ආරක්ෂාව උපරිමයෙන් ලබාදීම කල යුතු ය . සීගිර්යේදී සන්චාරයෙකුට දෙබරු දෂ්ට කර තිබුන .සංචාරක කතුන් දුෂණය කරනවා .මරනවා .මේවා පිටු දැකීම පවතින රජයක වගකීම වෙනවා .දික්වැල්ල මුහුදු වෙරළේදී ජලාභීතිකා රෝග කාරක බල්ලකු සපකාමෙන් මරණයට පත්වූ දරුවා ගැන කනගාටුවෙමි