
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවට වසර 17 කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලක මලල ක්‍රීඩා ඉසව්වකින් පදක්කමක් ගෙන එමින් නදීෂා දිල්හානි ලේකම්ගේ චීනයේ දැන් පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ කාන්තා ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට සමත් වූවාය.
එහිදී නදීෂා නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවමින් මීටර 61.57 ක දක්ෂතාවයක් දැක්වීමට සමත් වූවාය.
හිටපු ඔලිම්පික් ශූරී සුසන්තිකා ජයසිංහ 2006 වසරේ ආසියානු ක්‍රීඩා උළෙලේදී අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් ආසියානු ක්‍රීඩා උලෙළකදී මලල ක්‍රීඩා ඉසව්වකින් පදක්කමක් දිනාගැනීමට සමත්ව සිටියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මලල ක්‍රීඩාවට කරන සැලකිලි මදි. සුසන්තිකාත් ඉන්නේ ක්‍රිකට් එක්ක. ඉතින් අනෙක් ඒවා ගැන කවර කතාද?
සුභ පැතුම්