ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 91කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
තරගයේ වැඩි විස්තර සඳහා https://tinyurl.com/yxfut69w වෙත පිවිසෙන්න.


ඡායාරූප - ශාන්ත රත්නායක
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී අද (26 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 91කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.
තරගයේ වැඩි විස්තර සඳහා https://tinyurl.com/yxfut69w වෙත පිවිසෙන්න.


ඡායාරූප - ශාන්ත රත්නායක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලිංග තමන්ගේ අවසන් එක්දින පන්දුවේදීත් කඩුල්ලක් දවාගෙන තවත් කාලයක් කඩුලු දවාගන්න පුළුවන් බව ඔප්පු කළා... හරියට මුරලි තමන්ගේ අවසන් ටෙස්ට් පන්දුවේදී කඩුල්ලක් දවාගත්තා වගේමයි. ඊළඟ තරඟයේ අපේ පන්දු යවන්නෝ බන්ගලින්ට කොච්චර ලකුණු ප්‍රමාණයක් දෙයිද කියලා හිතාගන්න බැහැ.
ඊළඟ තරගයේ සිට අනාගත සාර්ථකත්වයට පත්වෙයි කියා සිතිය හැකි කිසිම පන්දු යවන්නෙක් මේ ඉන්න සංචිතය තුළ නැහැ. අලුතෙන්ම රට පීරලා හොයන්න වෙන තත්වයක් තියෙන්නේ...
මාලිංග T20 වලට රට වෙනුවෙන් තව සෙල්ලම් කරනවට කැමති අය ලයික් ටිකක් දීලා මාලිංගටයි තේරීම් කමිටුවටයි පෙන්නමු. තේරීම් කමිටුව සමග ඔහුට මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉදිරියේදී තිබෙන බව ඔහු කලින් පවසා තිබුණා...
අපගේ උණුසුම් සුබපැතුම් කොල්ලනේ..!!!
ඉතා සතුටුයි.. නමුත් මාලිංගට වගේ අපේ රටට විශාල සේවයක් කළ කුලසේකරටත් අවස්ථාවක් දුන්නා නම් කොපමණ ලස්සනද?
කුලසේකර නිතරම ක්‍රීඩා පිටියේ සිනහ මුසු මුහුණින් සිටින කණ්ඩායම් හැඟීමෙන් රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් ,ඔහුට සාධාරණයක් ඉෂ්ඨ වුණේ නැත. දේශපාලකයන් පසුපස ගොස් කිසිම සුදුසුකමක් නොමැතිව තෙල් සංස්ථා සභාපතිකම ගෙන හෙජින් ගිවිසුමක් ගසා අපේ බදු සල්ලි ඩොලර් කෝටි කිහිපයක් විනාශ කරපු පුද්ගලයෙක්.., තේරීම් කමිටුවට පත් කරගත්තම මෙහෙම දේවල් වෙනවා.
ක්‍රිකට් ගැන මම එච්චර දන්නා කෙනෙක් නූනත් එය ආශාවෙන් එකල අහපු මෙකල නරඹන කෙනෙක්. ඒත් කලක සිට කලකිරුණු සිතෙන් සිටියේ මෙහි වෙන්නේ කුමක්ද කියලා. මහත්වරුන්ගේ ක්‍රීඩාවක් වුණු මෙය මහත්වරුන් නොමැති මහත්හොරුන් සිටින තැනක් බවට හැඟී ගිය අවස්ථාවන් එමටයි. අද අපේ රටේ සාධාරණය කියන එක තියන තැනක් හොයාගන්න එක කළු නික හොයාගන්නවා වගෙයි. ඒ සාධාරණය කියන එක අපේ රටේ ඇතිවෙච්ච දාට... අපි තමා ලෝකෙම ඉන්න වාසනාවන්තයෝ. මෙය නවත්වන්න ඉස්සර අපේ මාලිංග වසර කීපයකට පෙර කියපු කතාවක් කාටත් දැනගන්න කියනම්. “ගිරවා ගහේ රිලවා බෙනේ”. “ මාලිංග ඔබට ස්තුතියි.
කෝලම් බොස් මහතා ප්‍රකාශ කරලා තිබෙනවා ලබන තරගයේදී මාලිංග නොමැති නිසා බන්ගලින් විශාල ලකුණු ප්‍රමාණයකට යන්න පුළුවන් කියා... ඔහුගේ අදහස මමත් අනුමත කරනවා. හේතුව දැනට ඉන්න අලුත් පන්දුයවන දක්ෂතා තිබුණට ඔවුන්ට මග පෙන්වන්න, පළපුරුදු පන්දු යවන්නෙක් නැති එක... පසුගිය තරග කිහිපය විශ්ලේෂණය කරලා බලනකොට නවකයන් මාලිංග වටේ එක් රොක් වෙලා දක්ෂතා පෙන්නුවා. දැනට කරන්න පුළුවන් එකම දෙය දිගින් දිගටම අසාර්ථක වෙන තිසර පෙරේරා ඉවත් කර, එම ස්ථානයට නුවන් කුලසේකර ගෙනියන එක, කුලසේකරගේ අතීත පන්දුවෙන් සහ පිත්තෙන් දක්වපු දක්ෂතා විශ්ලේෂණය කරලා බලනකොට ඔහු තිසර පෙරේරාට වැඩිය බොහෝ ඉදිරියෙන් ඉන්නේ..., අපි පහුගිය තරග පරාදයි. ඒ අපේ ක්‍රීඩකයන් අතර බොහෝවිට එකමුතු කමක් නොතිබුන නිසායි. කුලසේකර වැනි මිත්‍රශීලි ක්‍රීඩකයෙක් කණ්ඩායමේ ඉන්න කොට කණ්ඩායමේ මානසිකත්වය ඉහළ යනවා. ක්‍රීඩා ලෝලීන් බලාපොරොත්තු වෙන්නේ කුලසේකරට සාධාරණයක් ඉෂ්ට වෙන එකට... ක්‍රීඩා ඇමැතිතුමනි, ජනාධිපතිතුමනි, මේ ගැන සොයා බලන්න...
ක්‍රිකට් මහත්මයෙකුගේ සමුගැනීම... මාලිංග තමන්ව ක්‍රිකට් වලට ගෙනාව පුහුණුකරුගේ, පන්තියේ උගන්නපු චිචර්ගේ ඉදන් අන්තිම මොහොත දක්වාම තමන්ට උදව් පදව් කරපු හැමෝවම කිසිඳු පැකිලීමකින් තොරව මතක්කරමින් ස්තුති කරා. රටේ ක්‍රිකට් පතාකයින්, රජවරුන්, මහත්වරුන් ලෙස හදුන්වන සංගා සහ මහේල යන දෙපලගේන්වත් අපි මෙවැනි මහත්මා ගුණයක් දැක්කේ නැහැ. (මුරලි ඇර) ඒ වගේම මොහු (දැනගන්නට ඇති පරිදි) තමාගේ පවුල සමගත් ඉතාම ආදරයෙන් කල් ගෙවන ක්‍රීඩකයෙක්. (බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයින්ට ජනප්‍රියත්වය සහ මුදල් සමග මුලින්ම වෙනස පටන්ගන්නේ තමාගේම බිරිඳව දික්කසාද කරමින්) මාලිංග, ඔබට තවත් චිරාත් කාලයක් ක්‍රීඩාව වෙනුවෙන් කැපවීමට ශක්තිය ලැබේවා!!!
කවුද කුලසේකර කියන්නේ...?
මාලිංග ඔහුගේ ක්‍රිකට් දිවියේ යවන ලද සුපිරිම "යෝකර්" පන්දුව යැව්වේ මේ තරඟය අවසානයේදී සිදුකළ ස්තුති කතාවේදී කියලයි මම නම් කියන්නේ. මාලිංග මීළඟ මහමැතිවරණයේදී මතුගම ආසනයේ පොදුජන පෙරමුණේ අපේකෂකයා වශයෙන් ඉදිරිපත් වුවහොත් පුදුම වෙන්න එපා ෆ්‍රෙන්ඩ්ස්...
අපේ රටට කීර්තිනාමයක් ලබාදුන්න හැම ක්‍රීඩකයෙකුටම ඔහුගේ නම ඉතිහාසයේ රන් අකුරෙන් බැබලෙන්නට සැලැස්විය යුතුයි.