තිස් වසරක් තිස්සේ පැවති යුද්ධය හා බැඳුණු අභියෝග බ්‍රිතාන්‍ය කිසිවිටෙකවත් අවතක්සේරු නොකරන බවත් ,එම ප්රයත්නයේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය හා දිරිය බ්‍රිතාන්‍ය අඛණ්ඩව ලබා දෙන බවත් එරට එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිබද නියෝජ්‍ය ඇමතිනී ජොයිස් ඇනිලේ සාමිවරිය කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී කීවාය.
තිරසාර සාමයක් වෙනුවෙන් ඇති කැපවීම මෙන්ම ගැටුම් තුළදී සිදුවන ලිංගික හිංසනයන් පිළිබද විවෘතව කතා කරමින් ඒ ගැන වැඩි අවධානයක් යොමු කිරීමටද ලංකාව කටයුතු කළ යුතු යැයි ද ඇය කීවාය.
වසර 2020 වන විට ලංකාවෙන් සියලු බිම්බෝම්බ ඉවත් කිරීමේ ශ්‍රී ලංකාවේ ඉලක්කය සැපිරීම වෙනුවෙන් ඉදිරි වසර තුනකට පවුම් මිලියන 1.5 ක මුදලක් ලබා දීමට තම රජය තීන්දු කළ බව ද ඇය සඳහන් කළාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ඔබලාගේ වැඩක් බලාගන්නලා. අපේ රටේ වැඩ අපි බලාගන්නම්. (අ)
යුද්ධය නිම කිරීමට ඔබ අපට පවුම් කීයක ආධාර දුන්නාද.(සඳු)
උදවු ගත්තට කමක් නැහැ. යටත් නම් වෙන්න එපා. උදවු ගනිද්දී බලාගෙන, අනන්‍යතාවය රැකෙනවද කියලත් බලන්න. එකිනෙකාව කොටවනවද කියලත් බලන්න. (නි)
බිම් බෝම්බ කියා පිටරැටියන්ට පොල් කෝම්බ පෙන්වා හරි ආධාරයක් ලබාගෙන, බයිසිකලයක් ගන්න සල්ලි නැතුව අඬන දිළින්දන් සිටින රටේ සුපිරි වාහන නැතැයි කියා හඬන "දුප්පතුන්" ගේ මනදොළ සංසිඳවන්න ඔය මුදලත් මකර කටටම දාන්න. (නි)
යුද්දේ කාලේ නම් ඔහොම උදව් කළේ නෑ නේද ? (බ)