ශ්රී ලංකාව සහ දකුණු අප්රිකාව අතර ජොහැන්නස්බර්ග් නුවරදී අද (22) පැවැති දෙවැනි විස්සයි20 තරගයේදී කඩුලු 3 ක ජයක් අත්කරගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්රිකානු කණ්ඩායම ලකුණු 113 කට සීමා කළ ශ්රී ලංකා ක්රීඩකයෝ පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලු 7 ක් දැවී ලකුණු 119 ක් ලබාගත්හ.
තරගයේ විස්තරාත්මක වාර්තාවක් සඳහා http://sinhala.wisdensrilanka.lk/ වෙත පිවිසෙන්න.
තරගයේ පන්දුවෙන් පන්දුවට විස්තර විචාරය සඳහා http://tinyurl.com/jalos98 වෙත පිවිසෙන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නායක මැතිව්ස්ගේ නියම නායකත්වයේ ඉනිමක්. විශිෂ්ටයි (නි)
අපේ මිනිසුන්ට ඕනෑ හැමදාම දිනන්න. මෝඩ මිනිස්සු! (නි)
දිනන පරදින එකට වඩා අපේ සිංහල මිනිස්සුන්ට වෙන ප්රශ්නනේ තිබෙන්නේ (බ)
අශිකා කී දේ මම ඉහළින්ම පිළිගන්නවා
පහුගිය කාලේ නියඟෙට වැස්සා වගේ, යන්තම් එකක් හරි දිනුවා. එ්ක ලොකු දෙයක්. (නි)
දැඩි නියඟයකට පසුව සුළු වර්ෂාපතනයක්..... (නි)
මේකත් හරියට මේ දවස්වල වහින වැස්ස වගේ! (නි)
සමීර මුතුතන්ත්රීට අවස්ථාවක් දෙන්නේ නැත්තේ ඇයි? (නි)
සැමදා නියං එකදා වැහි වළාවේ.... සතුටුයි! (නි)
මේ තරඟය දිනපු එක ගැන සතුටක් තියෙනවා. ඒත් පළවෙනි මැච් එක පැරදුනත් ඒ පැරදුන විදිහ ගැන ආඩම්බරයි. නමුත් මේ තරඟය දිනුවත් ඒ දිනපු විදිහ දැක්කම “අයියෝ... කියලා වැඩක් නැහැ, යන්තමින් දිනා ගත්තා, තනිකරම අපේ අතේ තිබුන තරඟය නිකන් බොරුවට අමාරු කර ගත්තා“ කියලා හිතෙනවා (නි)