
( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාව පිළිබඳ ඇමෙරිකාවේ කොංග්‍රස් සභාවට ( පාර්ලිමේන්තුව) ඉදිරිපත් වී ඇති යෝජනාව ක්‍රියාත්මක නොකරන ලෙස රජය එම කොංග්‍රස් සභාවේ විදේශ කටයුතු කමිටුවෙන් නිල වශයෙන් ඉල්ලීමක් කළ බව විදේශ අමාත්‍යාංශය පවසයි.
රජය වෙනුවෙන් ඇමෙරිකාවේ වොෂිංටන් හි ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා මෙම ඉල්ලීම කළ බව ද ඒම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රීවරුන් පස්දෙනා ඉදිරිපත් කළ එම යෝජනාව මේවනවිට කොංග්‍රස් සභාවේ විදේශ කටයුතු පිළිබඳ කමිටුව වෙත යොමු කර ඇති හෙයින් මෙම ඉල්ලීම කළ බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
උතුරු කැරොලිනා හි ඩිමොක්‍රටික් පාක්ෂික කොන්ග්‍රස් සභික ඩෙබෝරා රොස් මහත්මිය ප්‍රධානත්වයෙන් ඇමරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ නියෝජිත මන්ත්‍රීවරුන් පස් දෙනකු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාවක් ඉකුත් මැයි 18 වැනි දින එරට කොංග්‍රස් සභාවට ඉදිරිපත් කෙරිණි.
මේ යෝජනාවට ශ්‍රි ලංකා රජය ඉකුත් සතියේදී ඇමෙරිකාවට දැඩි විරෝධය පළ කළේය.
මෙම යෝජනාව ඉදිරිපත් වී ඇති ආකාරය පිළිබඳව සලකා බැලීමේ දී, මෙය හුදු මානව හිමිකම් යෝජනාවක් නොවන බැවින් , ශ්‍රී ලංකා රජය වොෂිංටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති හරහා කොන්ග්‍රස් සභාවේ විදේශ කටයුතු කමිටුවට නිල වශයෙන් විරෝධය දැන්වූ බවද එම අමාත්‍යාංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඔක්කොම බොරු... මේවට කියන්නේ ඔවුන්ගේ භාෂාවෙන් දේශපාලන සහ ව්‍යාපාර අදහස් කියලා..
මම හිතුවේ අපේ පාලකයන් ඇමරිකානු කියලා...