(හර්ෂණ තුෂාර සිල්වා)
ඇමෙරිකානු පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ දී දෙවැනි මට්ටමේ සංචාරක අවදානමක් පනවා තිබෙන බව මෙරට ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කරයි.
එළැඹෙන නිවාඩු කාලය සැලකිල්ලට ගනිමින් ඇමෙරිකානු තානාපති කාර්යාලය මෙම නිවේදනය නිකුත් කර ඇති අතර ත්රස්තවාදීන් කිසිදු පූර්ව දැනුම්දීමකින් හෝ අනතුරු ඇඟවීමකින් තොරව සංචාරකයන් ගැවසෙන ස්ථාන, ප්‍රවාහන කේන්ද්‍රස්ථාන, වෙළෙඳ සැල්, සාප්පු සංකීර්ණ, රජයේ ආයතන සහ ගොඩනැගිලි, හෝටල්, ආපනශාලා, පූජනීය ස්ථාන, සංස්කෘතික ඉසව්, අධ්‍යාපන ආයතන, ගුවන් තොටුපොළ, රෝහල් සහ මහජනතාව ගැවසෙන ස්ථානවලට ප්‍රහාර එල්ල කළහැකියැයි එම නිවේදනයේ සඳහන් වේ.
ඇමෙරිකානු පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ දී පනවා තිබූ සංචාරක අවදානම ලිහිල් කිරීමට ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය ජූනි මාසයේදී පියවර ගත්තේය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී ඇමෙරිකා පුරවැසියන්ට තුන්වැනි මට්ටමේ අවදානමක් පනවා තිබූ අතර එය දෙවැනි මට්ටම දක්වා ලිහිල් කර තිබේ. පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසුව සංචාරක අවදානම තෙවැනි මට්ටම දක්වා ඉහළ දැමීය.
මේ අතර තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනය පැහැදිලි කරමින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත.
එහි මෙසේ දැක්වේ.
“ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ අපගේ ආරක්ෂක දැන්වීම සම්බන්ධයෙන් මාධ්‍ය සහ අනෙකුත් පාර්ශව යොමු කර ඇති අවධානය මට තේරෙනවා. විශේෂ නිවාඩු සහ විශාල මහජන උත්සව පැවැත්වෙන අවස්ථාවලදී යහපත් පිළිවෙතක් ලෙස සංචාරකයන්ට අප මෙවැනි සිහිපත් කිරීම් කරනවා.” යනුවෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙන් ඇමෙරිකාවේ සංචාරය කරන අයට දෙන අවවාදය මොකද්ද? සුපර් මාර්කට්වල වෙඩි තියනවනේ..
රනිල් කියනවා ත්රස්තවාදීන් එකෙක්වත් නැහැ කියලා. හමුදාපති කියනවා තව ඉන්නවා කියලා. ෆොන්සේකා කියනවා ඒ කතාව ඇත්ත කියලා. ඒ අතර මුට්ටිකාරයන් කියනවා එ්ක ෆොන්සේකාගේ පුද්ගලික මතය කියලා. නමුත් මේ ප්‍රවෘත්තිය දැක්කම ඇත්ත වැටහෙනවා.
පැය 24ක් තුළ ඇමරිකාවේ තවත් වෙඩි තැබීමක් සිදුව තිබේ.
ඒ අයට ඇමරිකාව නම් කොහෙත්ම ආරක්ෂා නැහැ. ඊයෙත් 29 දෙනෙක් වෙඩිතියල මරල. ලංකාවේ ඉන්න එක ආරක්ෂාව වැඩියි කියන්න ඕනෑ.
තමන්ගේ රටේ අමු අමුවේ වෙඩිතියල මරණ වෙලාවේ ලෝකය ඇමරිකාවට යන එකට අවදානම් බව පෙනෙද්දී අපේ රටට එන අයට ඒගොල්ලෝ බන කියනවා. මෙහෙ ගැන වදවෙන්නේ නැතිව එයාලගේ දිනපතා සමුහ ඝාතන ගැන බලාගන්න කියල පිටරට වල ඉන්න ලංකාවේ අය ලෝකයාට තමන්ට පුළුවන් විදියට ප්‍රචාරයක් දෙන්න. ලෝකයටම පිළිකාවක් වූ එක ජාතියක් ඇරුණු කොට අපේ රටේ අනිත් අය ඉතාම සාමකාමී අය බවත් මත කරලා දෙන්න.
කරුණාකර ඇමෙරිකාවට ට්‍රැවල් බෑන් හෝ වෝනින්ග් එකක් දාන්න ලංකාවේ අයට යන්න එපා කියලා. එහෙ සංචාරය කරන්න අනතුරුදායකයි. කොයි වෙලේ කොහෙන් කවුරු වෙඩි තියනවද දන්නේ නැහැ...
අහ්හා... අබ කාපු එකා ගේ මොලේ දානවාලු කියලා ඉස්සර කාලේ කිව්වලුනේ ... මේකෙන් මොකද්ද ගම්‍ය වෙන්නේ ?? ඇයි ඔක්කොම රටවල වලින් මේ රට ඉස්සර වුනේ ? අනිත් එක එක දවසක් ඇතුලත වෙඩි තියා ගැනීම් වලින් වැඩිම ගණනක් මියගියෙත් එයාලගේ අපුරු රටේ .. එහෙව් කොට .. කොහොමද මේගොල්ලෝ අපේ රට ගැන අවදානම් නිවේදන දෙන්නේ ? කවුරු කවුරු කොහොම සම්බන්ධ වෙලාද කියලා මොලයක් තිබේ නම් තේරුම් ගන්න පුළුවන් කැමති කෙනෙකුට ..
අපි නොගියාම ඇමරිකන් ආර්ථිකය කඩා වැටෙයි නේද? ඇඟිල්ලේ තරමට ඉදිමෙමු? ඇමරිකානුවන්ට අපේ පැමිණීම වටින්නේ නැත.