(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාව පැහැදිලි ශක්තිමත් ප්රජාතන්ත්රවාදී පදනමක් තිබෙන රටක් බව ඉතා සතුටෙන් සහ ආඩම්බරයෙන් ප්‍රකාශ කළ හැකි යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) කොළඹදී ප්‍රකාශ කළේය.
අපට අවශ්‍ය වන්නේ මිනිස්සුන්ගේ නිදහස, ප්‍රජාත්නත්‍රවාදය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස් ශක්තිමත් කිරීම යැයි ජනාධිපතිවරයා එහිදි පැවැසීය.
“ප්රශස්ත විනිවිදබවක් හා සුපිළිපන්න බවින් යුත් මැතිවරණ ප්රජාතන්ත්රවාදය ප්‍රවර්ධනය හා සුරැකීම සඳහා වූ සාමූහික ප්රයන්තය” යන මැයෙන් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව සහ නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලය එක්ව සංවිධානය කළ සමුළුවේ සමාරම්භක සැසියේ මුඛ්‍ය දේශනය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව සඳහන් කළේය.
රාජාණ්ඩු ක්‍රමයට යමින් තිබූ අසීමිත විධායක බලතල අහෝසි කර එම බලතල පාර්ලිමේන්තුවට සහ ස්වාධීන කොමිෂන් සභාවලට පැවැරීමට තමන් කටයුතු කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදි කීය.
ජනාධිපතිවරයා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම සමුළුව පැවැත්වුණේ සිව්වැනි වරටය. කොළඹ ගලධාරී හෝටලයේ පැවැති මෙම සමුළුව හෙටින් (28) අවසන් වේ.
එහිදි අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.
“දහනවවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කළා. නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමක් බලය සහිතව ශක්තිමත් අයුරින් ස්ථාපිත කිරීමට අපට හැකියාව ලැබුණා. මේ රටේ නිදහස් හා සාධාරණ මැතිවරණවලට ශක්තිමත් පදනමක් අද වනවිට ඇති කර තිබෙනවා.
මේ අවුරුදු තුනහාමාරක කාලයේදී ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ගයක්ම ගෙන තිබෙනවා. ජනතාවගේ නිදහස, මානව හිමිකම් ශක්තිමත් කළ හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම අරගෙන තිබෙනවා. දූෂණයෙන් තොර අපක්ෂපාතී නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට පූර්ණ බලතල දී තිබෙනවා.
අපට අවශ්‍ය වන්නේ මිනිස්සුන්ගේ නිදහස ශක්තිමත් කිරීමයි. අපට අවශ්‍ය වන්නේ ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීමයි. මානව හිමිකම්, මාධ්‍ය නිදහස ශක්තිමත් කිරීමයි අපට අවශ්‍ය වන්නේ. අපි ඒ සියල්ල කර තිබෙනවා. අපට අවශ්‍ය වන්නේ නිහඬ, ප්රජාතන්ත්රවාදී, සාමකාමී, නිදහස් හා සාධාරණ ලෙස පවත්වමින් ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමයි”.
( ඡායාරූප -ඉෂාන් සංජීව )



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මලකෙලියයි මම දැන්නේ ඕක දන්නේ... කෝ වෙලාවට ඡන්දෙ නැහැනේ...
කතාව සම්පුර්ණ ඇත්ත. ප්‍රශ්නේ තියෙන්නේ ඒ පදනම උඩ ඉඳගෙන ඒක හරියට පිළිපදින්නේ නැතුව වැඩ කරන ඒක නේ. කියන්න වගේම කරලත් පෙන්නන්න.
ශක්තිමත්කම පේනවා මේ කට්ටිය පාරේ යනකොට, අනිත් අය බල්ලෝ බලල්ලු වගේ කාණුවට පැන ගන්න ඕනේ.
මම ඔබතුමාගේ කතාව පත්තරෙන් දකිනකම් දැනගෙන හිටියේ නැහැනේ ලංකාවේ මෙච්චර විශාල දේශපාලන පරිවර්තනයක් වෙලා කියල , මම මෙච්චර කාලයක් හිතන් හිටියේ ලංකාව තවමත් පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු , පළාත්සභා , ප්‍රදෙශිය් දේශපාලකයෝ , රජයේ ලොකු නිලධාරීන් එකතුවෙලා ඔවුන්ගේ බඩ වඩගනිමින් කරන පාලනයක් යටතේ , ජනතව ඔවුන්ගේ වහලුන් ලෙස තැලී පොඩිවී ජීවත්වෙන රටක් කියල . එහෙනම් ඔබතුම ප්‍රමුක ආණ්ඩුව අර චනේදට කලින් ප්‍රසිද්ධ කල මෛත්‍රී පාලනයක් කියන පොරොන්දු පත්‍රය අකුරටම ඉෂ්ට කරලා , ප්‍රීති, ප්‍රීති, ඔබතුමාට ස්තුති
මම මේදවස්වල පසුගිය වකවානුවල කටින් හිටවපු ඇපල් වතුවල ඇපල් නෙලමින් ඉන්න නිසා මටනම් ඔය එක එක තැන්වල ගිහින් අර සමුළුවේ මේ සමුළුවේ අර සමාරම්භක උළෙල මේ සමාරම්භක උළෙලේ මෙන්ම එක එක්කෙනාගේ නම් ගහපු නාමපුරුවක්වත් රෙදි ගලවල විඋර්ත කරන්න වෙලාවක් නැහැ අයුබෝවන්...එතරම්ම මහජනතාවගේ වැඩ නිසා ඕවට ගිහින් බේගල් දෙසන්න අපට අකැපයි ඔං කිව්වා හරිය....
ජනාධිපතිතුමනි, ඇත්තද මේ අජිත් මහත්මයා කියන කතාව? ඔබතුමාලා පෙරගමන රථ පිරිවරාගෙන එනකොට එතුමන්ලා කාණුවට බැහැල ඉඩ දෙන්න ඕනේ කියලා...
රටේ ජනතාව ඉස්සරහද මේ ප්‍රකාශය කරන්නේ?
අපේ රට ගැන දෙඇසින් නොව මනැසින් බැලිය යුතු කාලය වසර 203කට පසු නැවතත් උදා වී තිබේ. අපේ රට සහ ජාතිය අන්‍ය ජාතීන් සහ රාජ්‍යයන් ඉදිරියේ විහිළුවක් වී ඇත. අපේ මිනිස්සු මුහුණු පොතේ විහිලු සපයමින් සිටින අතර වගකිවයුතු කිසිවෙක් මේ රට ගැන කිසිවක් කතා නොකරයි. අද අපේ රටට මේ දේශපාලනික පිසාචයින් සිදු කරන දරුණු ව්‍යවසනය ගැන මහා සංඝරත්නය දැඩි නිහැඬියාවක පසුවීම මේ රටටත් පාරිශුද්ධ තථාගත ශාසනයටත් විශාල හානියක් පමුණුවයි. මේ රටේ ස්ථායිතාවය දැඩි ලෙස ව්‍යාකූලව ඇත. අපේ අක්-මුල් අන්‍යයන් විසින් අන් කවරදාකටත් වඩා ප්‍රබල ලෙස අපෙන් උදුරා දමමින් තිබේ. මේ ගතවෙන සෑම නිමේශයක් පාසා අපේ මාතෘ භුමියේ පැවැත්මට උපකාර කළාවූ සියලු ධර්මයෝ හඬා වැටෙමින් ඇත. මේ රට බේරා ගනිල්ලා යයි අයැදින්නෝය. එහෙත් අපේ මිනිසුන් අද දැඩි ආත්මාර්ථකාමි මානසික දෘෂ්ටියකට වහල්ව මේ රට ගැන නොසිතන්නෝය. කිහිපදෙනෙකු හැර මේ රටේ විලාපය වෙන කිසිවෙකුටවත් නොඇසෙන්නේය. මේ රට දේශපාලකයින්ගේ මර උගුලේ හසුවී උගුරු දණ්ඩෙන් රුධිරය වෑහෙමින් සිටියි. අපේ රටට තව වැඩි කාලයක් නැත...
වෙලාවට ඡන්දයක් තියන්න බැරි... මහජනතාව ප්‍රතික්ෂේප කළ අය පාර්ලිමේන්තුවට ගෙන ඒම, මහජන ඡන්දයෙන් ප්‍රතික්ෂේප වූ ආණ්ඩුවක් රට පාලනය කිරීම...
රජින්ද මහත්තයෝ, මේ රට මනසින් දකින්න කලින් නහය වහගෙන සිටින්න කියා මම ඔබට යෝජනා කරනවා. ලාංකික සිංහල සමාජය ඒ තරමටම අප්‍රසන්නයි, පිළිකුල් සහගතව වෛරයෙන්, එකිනෙකාට පරිභව කර ගනිමින් ගෝත්‍රික මිලේච්ජයින් ලෙස ක්‍රියා කරනවා. බලන්න බැරිම තැන ඇස් දෙක හා නහය වසා ගෙන අහක බලාගෙන සිටිනවා.
ශ්‍රී ලංකාව කිසිම පදනමක් නැති ශක්තිමත් පඹයින් නිර්මාණයට අති දක්ෂයින් බව මෑතකදී,ලොවටම ඔප්පු කර පෙන්නුවා. ප්‍රජාව නන්නත්තාර කරන වාදය ප්රජාතන්ත්රවාදය නොවන බව අපටත් දැන් හොඳටම අවබෝධ වුනා.
ඔය කියන ප්රජාතන්ත්රවාදයේ පිහිටෙන් ඉස්සර හාල් විකුණපු අපේ "හබරලිය මුදලාලි" ගේ නම් හොද්ද බොර වෙන බව පෙන්නනවා. අවුරුද්දකට එක බැගින් රට වටේට තරු පහේ හෝටලය බැගින් ඉදිකරගෙන යන්න ඔහු පටන් අරගෙන තිබෙන බව පෙනෙනවා. ඡන්දෙ පැරදුන හඟුරන්කෙත පැත්තේ ගෙම්බෙක් පස්සේ දොරෙන් පාර්ලිමේන්තුවට ඇවිත් නැවත බක බක ගාන්න පටන් අරන්, ප්රජාතන්ත්රවාදය දෝරේ ගලනවා..
ප්රජාතන්ත්රවාදී පදනම කොච්චර ශක්තිමත්ද කියනවනම් ඡන්දෙ තියන්න ඕනෙත් නැහැ!
ලෝක වටේ ගිහින් ණය හිගා ගෙන ඇවිත් රට ආපස්සට ගෙනයාම අතින් ශක්තිමත් ...