ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කේප් ටවුන්හිදී ඊයේ (25) පැවැති තුන්වැනි විස්සයි20 තරගයේදී කඩුලු 5 ක ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ අනුව තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය තරග දෙකට එකක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.
පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දු ඕවර 20 අවසානයේදී කඩුලු පහක් දැවී ලකුණු 169ක් රැස් කර ගැනිමට සමත් විය.
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු පහක් දැවී ලකුණු 170ක් ලබා ගත්හ.
තරගයේ පන්දුවෙන් පන්දුව විස්තර වාර්තාව සඳහා http://tinyurl.com/hqssa9y වෙත පිවිසෙන්න
තරගයේ විස්තරාත්මක වාර්තාවක් සඳහා http://sinhala.wisdensrilanka.lk/ වෙත පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තරගයෙන් තේරුණු දෙය තමයි, ඔය ලොකු නම් තියන අය ගැහුවෙ නැතිවුණාට දිනන්න පුළුවන් කියන එක. මට හිතෙන්නේ දේශපාලනයේ වුණත් ඔය ටිකමයි කියලා. අලුත්ම කට්ටියක් ආවොත් අපේ රට මීටවැඩිය හොඳටම කරයි (නි)
අන්තිමේදී එහෙනම් අපේ කොල්ලො දිනුවා! (නි)
අපෙන් සුබ පැතුම් ඔබට! (නි)
ඔය කියන ලොකු නම්, තරඟ දිනලා දෙනකොට අද වගේම එදත් ඔයාට හොඳද ජගත්..? කෙළෙහිගුණ නොදන්නාකම, අර මොකක්ද එකකට වඩා ලොකුයිලු. (නි)
නියඟය අවසන් වී වට වැස්ස වගේ (නි)
ග්‍රහය මාරුවුණානේ. දැන් ඒ ගිය ග්‍රහය එනතුරු දිනුම් ගනීවි (නි)
නියමයි කොල්ලනේ! හැමදාම එක දිගටම අසාර්ථක වෙන අය දිගටම කණ්ඩායමේ රඳවාගැනීමේ අනුවණ තීරණ නිසයි අපි දිගින් දිගටම පැරදුනේ. දැන්නම් සුදුස්සාට සුදුසු තැන ලැබෙන කාලයක් උදාවීගෙන එනවා වගේ. දික්වැල්ලල සීකුගේලා අසේලලා සදකන්ලා වගේ දක්ෂ කොල්ලෝ තව ඉන්නවා. එයාලටත් අවස්ථාව දෙන්න. නම්දරාපු ක්‍රීඩකයෝ දිගටම අසාර්ථක වෙනවා නම් ඉවත්කරලා නවකයකුට අවස්ථාව දෙන්න. අපි කොහොමහරි මීළඟ ලෝක කුසලානේ දිනන්න උත්සාහ කරමු. නායකත්වයට හොඳම සුදුස්සා උපුල් තරංග. උප නායකත්වයට සුදුස්සා චාමර කපුගෙදර. (නි)
දික්වැල්ල, ප්‍රසන්න ඔබලා අපිට නැතුවම බැරි ක්‍රීඩකයන්. ඉදිරි තරඟාවලි වලදිත් කැපිලි නැතුව මේ ක්‍රිඩකයන්ම යොදවන්න. (නි)
ජගත්,නිමල්, ඔයාලා කියන දේ හින්ද නෙමෙයි අපි දිනුවේ. අනිත් කණ්ඩායමේ පන්දු රකින්නන්ගේ දුර්වලතාවය නිසා. (නි)
නිත්‍ය නායකයි උපනයකයි අයින් කරන් නම් අපේ කොල්ලෝ ටික තරග දිනවී කියල හිතෙනවා. ජය වේවා ශ්‍රී ලංකා !!! (ම)
හැමදේටම දේශපාලනය ගාවාගන්න අමුතුම මිනිස්සු ඉන්න රටක් වෙලා මේක දැන්..... (නි)
කසුන්ගේ අදහසට මමත් එකඟයි. ඇයි චන්දිමාල් අයින් කරන්න බැරි තාවකාලිකව හරි. කාගෙවත් නම් ගම්, ලොකුකම් නොවෙයි, අපට අවශ්‍ය තරඟ දිනන්න (නි)
දික්වැල්ල ,කුසල් පෙරේරා ධනන්ජය,ප්‍රසන්න,අසේල, කුසල් මෙන්ඩිස්, සඳකැන්,කපන්න එපා,දිගටම තියාගන්න චන්දිමාල් වැඩක් නැහැ වගකීමක් නැහැ ජ්‍යෙෂ්ඨයෙක් විදිහට අැන්ජෙලෝ ගේ දේශපාලනය නිසා තමා පරදින්නේ (බ)
ඊයේ මැච් එකේ මං දැකපු එක දෙයක් තමයි, අපේ පිතිකරණ ලැයිස්තුව වෙනස් වුනා. කලින් තරග දෙකේම කුසල් මෙන්ඩිස්ට පස්සෙයි සීක්කුගේ ප්‍රසන්න ආවෙ, කුසල්ට වඩා ජාත්‍යාන්තර කරගවල අද්දැකීම් ප්‍රසන්නට වැඩියි. පීඩනයක් එක්ක පන්දුවට පහර දෙන්න ප්‍රසන්නට හොද හැකියාවක් තියනව. බෆල් තරග වලදීත් එයා ඒ බව පෙන්නුවා. කණ්ඩායමේ ප්‍රසන්නගේ ස්ථානය නොවෙස්ව තියේවිනම් ඔහු හැමදාමත් දස්කම් දක්වාවි (බ)
චන්දිමාල් වැඩක් නැහැ දැන්. කිසිම වගකීපක් නැහැ. දික්වැල්ල වටිනා ක්‍රීඩකයෙක්. ධනංජය, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, ප්‍රසන්න, සන්දකරන් දිගටම ක්‍රීඩා කරවන්න.එහෙම වුණොත් අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් වේවි (නි)
ක්‍රීඩකයන්ට මාගේ සුබ පැතුම්! දැන් ඉතින් ලංකාවේ ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා සිතා නිදාගන්නවා (නි)
ඊයේ මැච් එකේ මං දැකපු එක දෙයක් තමයි අපේ පිතිකරු ලැයිස්තුව වෙනස් වුණා. කලින් තරඟ දෙකේම කුසල් මෙන්ඩිස්ට පස්සෙයි සීක්කුගේ ප්‍රසන්න ආවේ. කුසල්ට වඩා ජාත්‍යාන්තර තරඟවල අත්දැකීම් ප්‍රසන්නට වැඩියි. පීඩනයක් එක්ක පන්දුවට පහර දෙන්න ප්‍රසන්නට හොඳ හැකියාවක් තියනවා. කණ්ඩායමේ ප්‍රසන්නගේ ස්ථානය නොවෙස්ව තියේවි නම් ඔහු හැමදාමත් දස්කම් දක්වාවි. (නි)
අරයා නැති නිසා කොල්ලො ටික ජයගත්තා (නි)
දක්ෂයාට නිසිතැන ලැබුණ නිසා ලබාගත් ජයග්රහණයකුයි ඊයේ ලබාගත්තේ. කවුරු කොහොම කිව්වත් මැතිව්ස්ගේ නායකත්වයේ විශාල අඩු ලුහුඩුකම්, කැපිලි, කෙටිලි තිබුණ. පොඩ්ඩක් හැරිලා බලන්න නිමාවුණ ටෙස් තරගාවලිය දිහා. කුසල් පෙරේරා ඉවත්කළ විට ඔහුගේ ස්ථානයට පැමිණි අත්දැකීම් බහුල ආරම්භක පිතිකරුවකු වන උපුල් තරංගට ලැබුණ තැන ගැන. (නි)
සුබ පැතුම්! (නි)
දයාරත්න, ක්‍රිකට් ගැන දන්නා සනත් ජයසුරිය තමයි තේරීම් කමිටුවේ ඉන්නේ. ඇන්ජලෝ ගැන ඔයාලට වඩා සනත්ලා,අරවින්දලා දන්නවා (නි)