ශ්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර සිඞ්නිහිදී අද (03 වැනිදා) ආරම්භ වූ තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල සියලූ දෙනා දැවී ලකුණු 294 ක් රැස්කළේය.
ළහිරු තිරිමාන්න (91) සහ මහේල ජයවර්ධන (72) අර්ධ ශතක රැස්කිරීමට සමත් වූහ.
ශ්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 87.4 කදී සියලූ දෙනා දැවී 294 (තිලකරත්න ඩිල්ෂාන් 34, මහේල ජයවර්ධන 72, ළහිරු තිරිමාන්න 91, තිලාන් සමරවීර 12, ඇන්ජලෝ මැතිව්ස් 15, දිනේෂ් චන්දිමාල් 24, නුවන් ප‍්‍රදීප් නොදැවී 17, මිචෙල් ස්ටාක් 71/3, ජැක්සන් බර්ඞ් 41/4, පීටර් සිඞ්ල් 46/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළහිරු , මහේල නිසා අපට අද සතුටු වෙන්න පුඵවන්. (ස)
නවකයන්ට තැන දීපු එක ලොකු දෙයක්..!(නු)
ජය වේවා..!(නු)
ජයම වේවා..!(නු)
ජය වේවා ඕස්ට්‍රේලියාවට..!(නු)
තව දවස් හතරකින් බලාගන්න පුළුවං තරගය 3-0 කින් ජය ඕස්ට්‍රේලියාවට කියලා..!(නු)
තිරිමාන්න කොහොමත් නියමයි.. ඒත් දුක 91ට දැවී ගිය එක ගැනයි..!(නු)
මේකත් පරදියි වගේ..!(නු)
එම එස් ඩී. සිල්වා සහ ජසී නිසා අද අපට සතුටු වෙන්න පුළුවන්.(නු)
සංගාගේ අඩුව ලහිරු පිරිමැසීම ගැන සතුටුයි. (ස)
සංගාගේ අඩුව ලහිරු පිරිමැසීම ගැන සතුටුයි.(නු)
මොරටු පුත්‍රයාට ජය වේවා.. පාසලේ නම රැක ගන ඉදිරියටම යන්න..!(නු)
සංගාගේ අඩුව පොඩ්ඩක්හරි පිරවුණේ ලහිරු නිසයි. ලහිරු මල්ලිට සුභ පැතුම්! (නි)
ඔන්න...ලංකා ටීම් එකේ දුර්වලතා ගැන වාර්තාවක් ඉල්ලලාලු..මේ පාර ලංකාවට එනකොට කණ්ඩායමට මොනවා වෙලා තියෙයිද දන් නෑ??(නු)
සංගා, ඔබට ඉක්න් සුව! (නි)
මොකෝ අද මැච් එක මොරටුවයි ඕස්ට්‍රේලියාවයිද ?? (ස)
ජසී. අද මැච් එක වෙනද වගේම ලංකාවයි ඕස්ට්‍රේලියාවයි අතර තමයි , වෙනසකට තියෙන්නේ නවක ක්‍රීඩකයෙක් ගත්ත ලකුණු වල ප්‍රීතිය තමයි, එයයි මොරටු ජවය (ස)