හර්ෂණ තුෂාර සිල්වා
ශ්‍රී ලංකාව දිගින් දිගටම සංක්‍රාන්ති යුක්තියේ ප්රතිලාභ අහිමි කරගනිමින් සිටින බව සත්‍ය, යුක්තිය, හානිපූරණය සහ නැවත ඇති නොවීම සහතික කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ද ග්‍රෙයිෆ් අද (23) පැවැසීය.
සංක්‍රාන්ති යුක්තිය ස්ථාපිත කිරීමෙන් එක් පාර්ශ්වයකට පමණක් ප්රතිලාභ හිමිවන්නේ නැතැයි කී එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා ශ්‍රී ලංකාව සංක්‍රාන්ති යුක්තිය යනු කුමක්දැයි නිවැරැදිව හඳුනාගත යුතු බව ද කීවේය.
කොළඹ එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සත්‍ය, යුක්තිය, හානිපූරණය සහ නැවත ඇති නොවීම සහතික කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ද ග්‍රෙයිෆ් ඉහත කරුණු කීවේය.
ශ්‍රී ලංකාව තව බොහෝ දේ කළ යුතුව තිබෙනවා යැයි ද එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා එහිදි කීය.
දින 14ක මෙරට සංචාරය අවසන් කරමින් නිර්දේශ සහිත වාර්තාවක් ද ඉදිරිපත් කළ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා ශ්‍රී ලංකාව පුළුල් සංක්‍රාන්ති යුක්තිය උපායමාර්ගයක් ස්ථාපිත කළ යුතු බව ද යෝජනා කර තිබේ.
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාව ක්ෂේත්‍ර කිහිපයකින් වර්ධනයක් පෙන්නුම් කළ ද සංක්‍රාන්තිය යුක්තිය ඉටු කිරීමේදී සහ තවත් බොහෝ ක්ෂේත්රවල ප්‍රමාදයක් පෙන්නුම් කරන බවත් කීය. එම ප්‍රමාදය පුළුල් හා සියලු පාර්ශවවල සහභාගීත්වය සහිත සංක්‍රාන්ති යුක්ති වැඩසටහනක් ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ තිබෙන අධිෂ්ඨානය ප්‍රශ්න කරන බව ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත මේ අය කියන කියන විදියට අප සියල්ලෝම ව්‍යායාම සදහා අපගේ "ශරීර කූඩුව කියන කියන පැතිවලට නැමිය" යුතුය.
යුධ අපරාද වගේම කොටි කරපු අපරාධත් හොයන්න ඕනේ. කොටින්ට පොදු සමාව රණවිරුවන් පෝරකයට. මොකද්ද මේ නිතිය. කොටි 13,000 ක් පුනරුප්තපනය කරලා දඩුවමකින් තොරව සමාජ ගත කරලා.
සංහිදියාවෙන් බලය බෙදීම උතරේ දේශපාලකයන්ට හොදය. උතුරේ ජනතාවට වන සෙතක් නැත. අප උතුරේ බෙදුම්වාදී දේශපාලනය පිනවිය යුතු නොවේ. එය වැරදී පුර්වාදර්ශයකි. අප කල යුතු වන්නේ උතුරේ දෙමල ජනතාවට ඇති ප්‍රශ්න වලට පිලිතුරු සැපීමය. උතුරේ දෙමල දේශපාලනය පිනවීම ඉතා භයානකය. එය කෙමෙන් කෙමෙන් රට බෙදන තැනට තල්ලු කර ඇත. රට බෙදුණු විට අපට සදහටම ඉතුරුවෙන ප්‍රශ්නයක් ඇත. එය දැන් ඉන්දියාව සහ පකිස්ථානය අතර ඇති ප්රශ්නය මෙන් වනු නොඅනුමානය.
මොකක්ද මේ සංක්‍රාන්ති යුක්තිය කියන්නේ.
ලංකාවේ ඉන්න පටු මානසිකත්වයෙන් හා ජාතිවාදී බාල හැඟීම් වලින් වල්මත් වූ මිනිසුන්ට හරි දෙය වැරදියටත් වැරදී දෙය හරි විදියටත් පෙනීම රටේ අවාසනාවක්. ඇත්ත වශයෙන් අපේ රටේ මිනිසුන්ගෙන් අඩක්ම වගේ මෝඩයෝ. නමුත් ඔවුන් හිතාගෙන ඉන්නේ අනෙක් මිනිස්සු මෝඩයෝ කියල. මේවා නිවැරදි කරන එක හරිම අමාරු වැඩක් . .
මේ සේරම තරහින් ඉන්නේ බෞද්ධයන් එක්ක, මේක අන්‍ය ආගමික වුනානම් කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන්වත් එක්වෙලා මේ අයව පරද්දවමු.
මේ නිවට පාලකයින් මේ රට පාවා දෙන බව හොඳින් තේරුම් ගත යුතුයි මුන් කිසි දිනෙක මේ රටට යහපතක් නොකරයි.බටහිරයන්ගේ සහ කොටි අවතාරයන්ගේ රූකඩ වී හමාරය. එනිසා මහා ජනතාව මේ නිවට නියාලු ද්‍රෝහී නඩය පලවා හැරිය යුතුය.අමාරුවෙන් කැප වීමෙන් (රාජපක්ෂ දේශපාලන නායකත්වය සහ රණවිරුවන් )බේරා ගත් රට මේ යහපාලනය යයි කියා ගන්න දුෂ්ට දේශ ද්‍රෝහීන් විනාශ කරමින් සිටී එනිසා මහජනතාවනි දැන් මේ නඩය පලවා හැරීමට කාලය පැමිණ ඇත.
ඔව් ඔව් සහතික ඇත්ත. රටට ගිය කල!!
ඔවු අපි සියලුදෙනාම ඔලුවෙන් සිටගත යුතුය.