ශ්‍රී ලංකාව සමස්ත ජනගහනයෙන් සියයට 10ක් එන්නත් කිරීමට දක්නට ලැබීම සතුටට කරුණක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් ගේබ්‍රියේසස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකාව සැප්තැම්බර් මාසය වනවිට එන්නත්කරණය වැඩසටහනේ ඉලක්කයක් තබා ඇති බවත් මේ වනවිට ජනගහනයෙන් සියයට 10ක් සම්පූර්ණයෙන් එන්නත්කරණයට ලක් කිරීමට එම ඉලක්කයට ගමන් කිරීමේ මාවතට පිවිසීමක් බවත් හෙතෙම සඳහන් කර ඇත.
වයිරසය පාලනය කිරීම සඳහා ගෙන ඇති මහජන සෞඛ්‍ය සහ සමාජ ක්‍රියාමාර්ගවලටත් නිරන්තරයෙන් අවධානය සිටීම සම්බන්ධයෙනුත් ශ්‍රී ලංකා රජයට සහ ශ්‍රී ලංකාවේ ජනතාවට ස්තූතිවන්ත වන බව ද ඔහු පවසා ඇත.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගේ ට්විටර් පණිවුඩය ස්තූතිය පළ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත.
ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියකුටම ප්‍රතිශක්තිකරණය තහවුරු කිරීමට කැප වී සිටින බවත් සියලු දෙනා එක්ව විජයග්‍රාහීව නැගි සිටිය යුතු බවත් හෙතෙම සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටු කඳුළුද දැනෙයි ?
ඔබ ලංකාව ගැන සතුටු වුණාට අපි නම් සතුටින්... මේ ලෝකයේ කාලකණ්ණිම දේශපාලකයෝ ඉන්නේ මේ රටේ... ඒ අය රට කනවා...
ලෙඩා මළත් බඩ සුද්දයි.