IMG-LOGO

ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් වර්තාව නිකුත් වෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

අතීතයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නැවත සිදු වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ වගවීම සහ රාජ්‍ය ආයතන තුළ ගැඹුරු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක විය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ නව රජය මානව හිමිකම් සහ ප්‍රතිසන්ධානය ඉදිරියට ගෙනයාම සඳහා ජාතික සංවාදයකට අවතීරණ විය යුතු බව එම වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකාව දේශපාලනික වශයෙන් සන්ධිස්ථානයක සිටින බව එම වාර්තාවෙන් පිළිගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් සියලු ජන කොටස්වල සහ සෑම තරාතිරමකම මිනිසුන්ගේ මානව හිමිකම්වලට දැඩි ලෙස බලපෑමක් එල්ල කර ඇති බව එම වාර්තාවේ සඳහන් වේ.

කුරිරු ආරක්ෂක නීති මත යැපීම සහ සාමකාමී විරෝධතා මර්දනය කිරීම වහාම අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය එම වාර්තාව මගින් රජයෙන් ඉල්ලා සිට ඇත.

මිලිටරිකරණය දෙසට ගමන් කිරීම ආපසු හරවමින්, ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාකරමින් සහ දණ්ඩමුක්තිය අවසන් කිරීමට කටයුතු කරමින් නව කැපවීමක් පෙන්නුම් කරන ලෙස එම වාර්තාව මගින් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් අත් අඩංගුවට ගනිමින් මහජන විරෝධතා මර්දනය කිරීමට රජය දැඩි පිළිවෙතක් අනුගමනය කර තිබෙන බව එම වාර්තාවේ සඳහන් වේ.

දැඩි ලෙස මිලිටරිකරණය වූ පරිසරයක් තුළ උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාව ශ්‍රී ලංකා රජය ගැන සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව එම වාර්තාවේ දැක්වේ.

 



අදහස් (1)

ශ්‍රී ලංකාව ගැන මානව හිමිකම් වර්තාව නිකුත් වෙයි

Perera Wednesday, 07 September 2022 10:58 AM

කෝ මානව හිමිකම්? දූෂණයට විරුද්ධව උද්ඝෝෂණ කරන තරුණයන් හිරේ දැම්මම?

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site