(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සංශෝධනය නොකර ලබන 06 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා මාතරදී අද පැවසීය.
වරින් වර ඉදිරිපත් කළ පනත් කිහිපයක් වෙනුවට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය වෙනුවෙන් එක් පනතක් ඉදිරිපත් කරන බවත් එහි හොද මෙන්ම නරක ද තිබෙන බවත් ඒ මහතා සදහන් කළේය.
නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සම්බන්ධයෙන් එම පනතේ යම් යම් වගන්ති තුළින් බාධා එල්ල විය හැකි බවට තමා ඇතුළු කොමියුනිස්ට් පක්ෂයේ නිගමනය වී තිබෙන බවත් එබැවින් අදාල පනත සංශෝධනය කර ඉදිරිපත් කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් දැනටමත් ඉල්ලා තිබෙන බවද වීරසිංහ මහතා සදහන් කළේය.
අදාල පනතට විරුද්ධව ඡන්දය දී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් ලෙස තව දුටත් ආණ්ඩුවේ සිටීම සදාචාර සම්පන්නදැයි මාධ්‍යවේදීන් විමසූ විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ අදාල පනතට පමණක් විරුද්ධ වන බවත් එම තීරණය තම පක්ෂයේ තීරණයක් වන බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ සවේන්ද්‍ර, මේ අයට පනතේ යහපත ගැන පහදලා දෙන්න.
මේ පනත 2018 පැවැති ආණ්ඩුවත් ගෙනාවා. ජෙප්පන්ගේ විරුද්ධත්වය නිසා පළවෙනි වරට අකුලා ගත්තා. දැන් මේ රජයත් එම පනත ගෙනෙන්නේ මෙය රටට අවශ්‍ය පනතක් නිසයි. බලයට එන රජයන් මේ පනත ගෙනෙනවා. බලයට ඒමක් ගැන හිතන්න බැරි ගොබ්බ රැළ විරුද්ධ වෙනවා. ඒ පුරුද්දක් හැටියට හා අපිත් ඉන්නවා කියලා රටට කියන්න. වෙළෙන්දෙක් ආවාම ගෙයක කොහේදෝ මුල්ලක ඉන්න බල්ලෙක් මමත් ඉන්නවා කියන්න බුරනවා වගේ...