ලෝකයේ විශාලතම ඇමැති මණ්ඩලයක් ඇත්තේ ශ්‍රී ලංකාවේ බව ගිනස් වාර්තා වෙබ් අඩවිය සඳහන් කරයි.
එම වෙඩ් අඩවියට අනුව 2005 නොවැම්බර මස දිවුරුම් දුන් ඇමැති මණ්ඩලයට කැබිනට් ඇමැතිවරු පනස් දෙදෙනෙක් ඇතුළත් වූහ.
එය ලොව එක් රටක වැඩිම ඇමැති මණ්ඩලය ලෙස ගිනස් පොතේ දැක්වේ.
ඉන් පසුව ද වරින් වර ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් දිවුරුම් දී ඇත.
තවත් නියෝජ්‍ය ඇමැතිවරුන් නව දෙනෙක් පසුගිය 10 වැනි දා ජනපති ඉදිරියේ දිවුරුම් දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගීනස් වාර්තාවට සුබ පැතුම්. අපි ධනාත්මකව බලමු. (දිල්)
ලංකාව දැන් ලෝකෙම ආශ්චර්ය වෙලා වගෙයි?(දිල්)
උද්ධමනය, සිය දිවි නසා ගැනීම, දියවැඩියාව,මත් පැන් භාවිතය, රට තුළ මත් කුඩු අතිරික්තයක් තිබීම, විශාල පරිමාණයේ වංචාවල් යට ගැසීම වැනි ක්‍රියාකාරකම් අතින්ද අප රට ඉදිරියෙන්ම සිටිනවා. ආශ්චර්යකි! (නි)
ඇත්ත තමයි (නි)
මේක නම් කඩයි? (නි)
කෝ මේ අපේ බන්දුල පෙරේරා? ඇමතිකමක්වත් ලැබිලද සද්ද නැත්තේ? (නි)
මොවුන්ට ඡන්දය දෙන අය ඉන්තාක් කල් මොවුන්ට මොළය පෑදෙන්නේ නැහැ (නි)
අපි කවදාවත් ඕක කිසි ජගතෙකුට කඩන්න දෙන්නේ නැහැ. (නි)
රටේ ආශ්චර්ය මේක වෙන්න ඇති. (නි)
කාටද ආඩම්බර? (නි)
ඇමති මණ්ඩලය නිසා විතරද අපේ රට ගිනස් පොතට යන්න ඕනෑ? වැඩියෙනම දහම් දෙසන රට.. තරඟයට බණ කියන, කියවන රට.. "පිළිවෙතින් පෙළගැසී", කළ හැකි සෑම පහත් වැඩක්ම කරන මිනිස්සු ඉන්න රට... (නි)
අනේ හැබෑටම, මේවා දකින්නෙ නැද්ද ලොකු ලොක්කෝ? (නි)
ඔය වාර්තාව නම් කල්ප ගණනකට කඩන්න ලැබෙන එකක් නොවේ (නි)
ඉතින් හොදයිනේ. කාටද ආඩම්බර? (නි)
කීයක් පත්වුණහම මොකෝ රට දියුණු වෙනවා නම්....? (නි)
ලෝකයේ ඉන්නා මෝඩම ඡන්දදායකයෝ ඉන්නේ අපේ රටේ වෙන්න ඇති. (නි)
මේ අයට පඩිය දේනේ කව්ද? ජනාධිපති තුමාද ? මහා ජනතාවද ?පඩි නැතිවද රට හදනන තව අවරුදු 200ක් ව්තර යාවි. (දිල්)
නිෂනි, ඔයා කන්නේ තණකොළද? මෙහෙම හිතන අය තවමත් මේ සමාජයේ ඉන්නවනේ? ලංකාවට දෙවි පිහිටයි . (නි)
හැම දෙයක්ම වපර ඇහෙන් බලන්න එපා. ඇමතිවරු වැඩි වුණා කියන්නේ මහජනයාට සේවය කරන්න ආයතන වැඩි වුණා කියන එකයි. ඒකෙන් වාසිය අපිටයි. (නි)
නිශානි, ඔව් අනේ කීයක් පත් වුණහම මොකෝ..? බස් ගාස්තු, දුම්රිය ගාස්තු, බඩු මිල එහෙම ගණන් යනවා මේ විදියට ඇමතිලා පත් වෙන්න පත් වෙන්න... එතකොට පුදුම විදියට රට දියුණු වෙනවා. (නි)
මේ පාර ඡන්දෙ කටුගාපු එක ගැන මම අවංකවම සතුටු වෙනවා (නි)
කොච්චර හොඳද? ලංකාවේ ඉන්න බුද්ධිමත් ජනතාව ඉතාමත් බුද්ධිමත් නායකයන් රැලක් ඡන්දෙ දීලා පත්කරගෙන දැන් ලංකාවේ නම ගිනස් පොතටත් දාගෙන. (නි)
වෙන කියන්න දෙයක් නැති නිසාත්, කිව්වා කියල වැඩක් නොවන නිසාත් "ජය වේවා" කියන්නම්. (නි)
ඇත්තම කියානවානම් මෙච්චර මැති ඇමති වරු පත් කරන්නේ ආණ්ඩුවේ පැවැත්මට මිස රට යහපතට නම් නොවේ. (දිල්)
අපි මතක තබා ගත යුතු ප්‍රධානම කාරණය මේ සියල්ලන්ටම වැටුප්, නිල නිවාස, වාහන, ඉන්ධන, දුරකථන, කාර්ය මණ්ඩල යනාදී සියල්ලටම ගෙවිය යුත්තේ අපි දුක් මහන්සියෙන් හම්බ කරන මුදල් බව.අනේ මෙහෙම ආශ්චර්යක්. (නි)
මේ මදි නේද තවත් පත්වීම් දෙමු (දිල්)
මැද පෙරදිග ගිය කාන්තාවන්ගේ දහදියෙන්, කදුලෙන්, පෝෂණය වන එකම ඇමති මණ්ඩලය ඉන්න රට වෙන්න ඇති මේ (නි)
හිප් හිප් හුරේ! (නි)
ආසියාවේ ආශ්චර්යය කියන්නෙ ඕකට තමයි. (ස)
සුනිල් කියන්නෙ මේ වාර්තාව කල්ප ගානකට කඩන්න බැරිවෙයි කියලා. අනේ සුනිල්, ලබන පාර මැතිවරණයෙන් මේ වාර්තාව කඩන්නෙත් අපේ අයම තමයි (නි)
මේ සමහර අය ඊර්ෂ්‍යාවට අදහස් දානවා. මේ ඇමතිවරුන්ගෙන් අපිට වන සේවය අගය කළ යුතුයි. (නි)
ඔය ඇමතිවරුන්ගේ පඩි නඩි,යාන වාහන, මුදල් හදල්,විදුලි බිල්,දුරකථන බිල්,අතට පයට සේවකයෝ.... ඔය සියල්ලම ගෙවන්නේ රටේම විසිරී සිටින අන්ත අසරණ මිනිසුන් කන බොන පාන් කෑල්ලෙන්,පරිප්පු ටිකෙන්,බත් ටිකෙන්,විදුලි බිලෙන්,දුරකථන බිලෙන්,......., හිගන්නා පවා මහජන මුදලට දායක වෙනවා.ඒ නිසයි අපිට අහන්න අයිතියක් තියෙන්නේ මේ වැඩවල තේරුම මොකක්ද කියලා (නි)
මේ වගේ රටක ඉපදුණාට මම දුක් වෙනවා (නි)
නිශානි,මොනවා වැඩිවුණත් කමක් නැහැ, පුන්නකු වල මිළට එහෙම අත තියනවා නෙමෙයි. නිශානි ,බන්දුල පෙරේරා වගේ අයට ඉතිරි කරන්න ඕනෑ. (නි)
ඔන්න ඔහොමලු වුණා කියන්නේ. (නි)
නිශානි වගේ අය තමයි අද වැඩිපුර ඉන්නේ. (නි)
ඊළඟ වාර්තාව වැඩිම මෝඩ ඡන්දදායකයන් ඉන්න රට. (නි)
ඒ වගේම , ලංකාවේ සීයට අනුවක්ම මෝඩ සහ ත්‍යයාගශීලී බහුතරය ඉන්න රට හැටියට වාර්තාගත වෙනවා. (නි)
ලංකාවත් කොහොම හරි ගිනස් වාර්තාවක් තිබ්බා එහෙනම්.ජය වේවා! (නි)
මේ අයට වියදම් කරන සල්ලි ප්‍රමාණය බැලුවා නම් එකත් ගිනස් වාර්තාවක් වෙන්න පුළුවන්. (ස)
අපේ අය දාන අදහස් කියවාගෙන යද්දී පිස්සු හැදෙනවා.මේ වගේ දෙයක් විවේඡනය කරනවා.කොහේහරි සංවර්ධනය කරනවා දුටුවම මේ සියල්ල අමතක කරලා එය වර්ණනා කරනවා. කවුරුහරි මට කියන්නකෝ.අපි හැමදාම මේ විදිහටද ඉස්සරහට යන්නේ? (නි)
ධනන්ජය ,සල්ලි සෑම රටකින්ම ණයට ගත් ඒවා. මේ නාස්තිය නැවත්තුවොත් කොච්චර රට දියුණු වෙයිද? මෙයාලා පොරොන්දු වුණේ ඇමතිලා අඩු කරනවා කියලා නේද? හරි විපක්ෂයක් නැති නිසා වෙන මොනවා කරන්නද? කෑගහලාවත් මේවා නවත්තන්න බලන එකයි මේ වෙලාවේ කරන්න තියෙන්නේ. (නි)
ඇයි අර ගූගල් වෙබ් අඩවියේ වචනයක් හොයලත් අපි වාර්තාවක් තැබුවා නේද? (නි)
කාටද ආඩම්බර? (නි)
ණය ටික වියදම් කරන්න මෙතරම් ඇමතිවරු මොකටද...? අනික අපි දරු පවුල් ගැටගහගන්නෙත් කොයිතරම් අමාරුවෙන්ද? ඒ මදිවට දැන් ඇමතිවරුන්ටත් එක්ක අපි හම්බකරන්න ඕනෑ. මේකද ආශ්චර්යය කියන්නේ. (නි)
තව 10 දෙනෙක් කියනවා මිසක් දැන් කීයද කියලා කාටද කියන්න පුළුවන්? ලංකාවේ දැන් (අදට) ඇමතිවරු කී දෙනෙක්ද කියලා කාටවත්ම හොයා ගන්න බැරුව ඇති. (නි)
ආශ්චර්යය..... (ස)
වර්ග සැතපුම් 25000 සහ කෝටි දෙකක ජනගහනයක් තියන අපේ රටේ පාලකයන් දිහා බැලුවම හිනායනවා. මේ කොතරම් ඇමතිලා හිටියත් අවනීතිය, දූෂණය වංචාව, හොරකම ඉහවහා ගිහිල්ලා. මෙතන ඔළු ගාන වැඩි උනාට වැඩක් නැහැ, ඔලුව ඇතුලේ මොලයක් නැතිව. (දිල්)
රට හැමතැනම ගිනස් වාර්තා තියල තිබෙන්නේ, ලෝක ගිනස් වාර්තා පොතට ඇතුලත් නොඋනට කරන්න බැරි වුණේ එකම දෙයයි ගැනියෙක් පිරිමියෙක් කරන්නත් ,පිරිමියෙක් ගැනියෙක් කරන්නත්, (දිල්)
විජේසිංහ ඔබගේ අදහසෙන්ම ,ඔබේ මොලේ තරම විද්‍යාමාන වෙනවා. (ස)
ඔවුන්ට ජයම වේවා! දුප්පතාට තව බදු වැඩි වේවා! (නි)
ඡයවේවා අපේ ඇමති මණ්ඩලයට නොබිදෙන වාර්තාවක් තැබුවාට (නි)
අශාන්, නිශානිගෙ මොළය අවතක්සේරු කරන්න එපා. (නි)
ආණ්ඩු පක්ෂේ ඉන්න සියලු දෙනාට ඇමති කමක් බර දුන්නොත් මිට වැඩිය හොද නැද්ද ? රටත් දියුණු වෙයි. පක්ෂේත් දියුණු වෙයි.(නදී) .
අපි ඡන්දය දුන්නේ මේ වගේ මෝඩ වැඩ කරන්න නොවේ.(නදී)
ජීවත්වෙන්න බැරිව රට හැර යාම, සිය දිවි නසා ගැනීම, අඩු පඩිය නිසා රැකියාව හැර යාම , දරුවන්ට කන්න දෙන්න විදියක් නැතිව අම්මලා හූල්ල හූල්ල සිටීම, ගන්න පඩිය දවස් තුනෙන් ඉවර වීම , වැනි දේවලින් ඉදිරියේදි ගීනස් වාර්තා තියන්න පුලුවන්. (ස)
විජේසිංහ මහත්තයෝ, අපි ඔක්කොම ඇමතිවරු වුණොත් නියමයි නේද? ලොකුම ලොකු සේවයක් තම තමන්ටම කරගන්න පුළුවන් අපිට (නි)
ඊට පස්සේ ගීනස් වාර්තාවක් තියාවි ලෝකයේ වැඩක් නොකරන අමාත්‍ය මණ්ඩලයක් ඉන්න එකම රට. ලෝකෙන් උතුම් රට ලංකාවයි. පව් මේ උතුම් රට මෙතරම් සම්පත් තියන රට විනාස කරන හැටි. විදේශ රටවල දුක් විඳිනකොට තමයි දැනෙන්නේ අපේ රටේ අගේ ,,,(නදී)
ආසියාවේ ආශ්චර්යය නොවේ මේක,පෘථිවියේම ආශ්චර්යය (නි)
දෑන් ඉතින් බොරුවට කෑගහන්න හදන්න එපා.අපේම බුද්ධිමත් ජනතාව මොනතරම් දුකක් විදලද මෙ වාර්තාව උරුම කරගත්තෙ? අපිටත් ආඩම්බරයි. (නි)
ඇමති මඩුල්ල නඩත්තු කළවිට අපිට ජීවත් වෙන්න බැරිතරම් බරක් පැටවිලා තියෙන්නේ. කරුණාකර බඩ ගැන නොව රට ගැන හිතන්න දෙසපාලකයිනි. (නි)
ඒ කියන්නේ මේ අය පත්කරපු අපිත් ලෝකයේ නොදෙවෙනිම කට්ටියක් හැටියට ගිනස් පොතට යන්න ඕනෑනේ? (නි)
මාර සතුටක් දැනෙන්නේ..... (ස)
නියමයි හුරේ............(නදී)
පිටිගල දැන්නම් ඔයාගේ මොලේ හදිලා වගේ (ස)
ඇමති මඩුල්ල පමණක් නොවේ කොයි එකටත් හුරේ තියන මනුස්සයෝ ඉන්න එකම රට ලංකාව කියලත් ගිනස් පොතට එක්වේවි .(නදී)
කොහොමද ටිකිරි මොලේ! (ස)
කවුරුවත් දොස් කියන්න එපා.ලංකාව වගේ පුංචි රටක් ගිනස් වාර්තාවක් තියන එක සුළුපටු දෙයක්ද? (නි)
ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යමත් රාජ්‍යයක් කරායාමට උරුමය ලැබීම ගැන හුදී ජනයෙක් වශයෙන් කුමක් (නි)
අපිට ජාතියක් හැටියට කොයිතරම් ආඩම්බරයක්ද? අපි ජන අනුපාතයට ඉන්න මහජන නියෝජිතයෝ ගානෙනුත් හෙට අනිද්දම කඩනවා තවත් ගිනස් වාර්තාවක්. තව තියෙනවා, කෝ මේ ගිනස් කට්ටිය හරියට හොයලා බලන්නේ නැහැනේ. (නි)
අයියෝ අපේ සල්ලි! (නි)