ඇන්ජලෝ මැතිව්ස්ගේ (නොදැවී 80) විශිෂ්ට ඉනිම නිසා සංචාරක පාකිස්තානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (18 වැනිදා) පැවති  පස්වැනි සහ අවසාන එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලූ 02 තියුණු ජයක් අත්විය. තරගයේ වීරයා සම්මානය ඇන්ජලෝ මැතිව්ස් දිනා ගත් අතර තිසර පෙරේරා තරගාවලියේ  වීරයා ලෙස සම්මාන ලැබිය. පාකිස්තාන කණ්ඩායම  ඕවර 50 කදී කඩුලූ 07 ක් දැවී 247 ( ඉම්රාන් ෆර්හාත් 56, අෂ්හර් අලී 30, මිස්බා උල් හක් 32, උමර් අක්මාල් 55, ජිවන්ත මෙන්ඩිස් 30/2, නුවන් කුලසේකර 53/2) ශ්‍රී ලංකාව  ඕවර 49.4 කදී කඩුලූ 8 ක් දැවී 248 (කුමාර් සංගක්කාර 40, දිනේෂ් චන්දිමාල් 54, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 80, සොහෙල් තන්වීර් 42/3, සහිඞ් අෆ්රිඩි 48/2)