ශ්‍රි ලංකන් ගුවන් සේවයේ සිදුවී යැයි කියන වංචා හා දුෂණ සම්බන්ධයෙන් කටඋත්තරයක් ගැනිමට හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ හා ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන බරපතල වංචා හා දුෂණ විමර්ශන ජනපති කොමිසමට ලබන 26 වැනි දා කැඳවීමට යයි. නිශාන්ත වික්‍රමසිංහ ශිරන්ති වික්‍රමසිංහගේ සහෝදරයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩු මිලට ගුවන් පතක් අරන් ලංකාවට යන්න ගුවන් යානයක් නැතිව විදවන්නේ අසරණ අපි.අපේ කරුමෙට ජෙනරාල්ව ජනාධිපති කරව ගන්න ලැබුනේ නැහැනේ. (අ)
ඕක තේරෙන්නේ නැති අය තව කොච්චර ඉන්නවද (අ)
මේවගේ හොරු රට පාලනය කෙරුවෙ නෑ කිසිම දවසක ලක් ඉතිහාසේ (අ)
මොකද ගොඩක් පරක්කු එයාල කොමිසමට ගෙන්වන්න්න (ම)
මේකනම් මට පුදුම සතුටු දායක පුවතක් (ම)
ඉස්සර අපි දෙවියනේ කියල ලංකාවට අවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ.එත් ගසා කාම කොච්චරද කියනවනම් අද වෙනකොට අපිට වෙනත් ගුවන් යානයකින් දෙපාරක් ලංකාවට එන්න යන වියදමක් ශ්‍රී ලන්කන් එකේ යන්න ගෙවන්න සිද්ද වෙනවා. (ම)
රාජපක්ෂලාගේ හොදයි නරකයි කියල කොටස් දෙකක් නැහැ.ඉන්නේ "සුපිරිම" කටිටියක් පමණයි.(ම)
මොකට බලන් ඉන්නවද?කුදලාගෙන ගිහින් ගහල කරපු ගසා කෑම් කටින්ම අරගෙන ඉක්මනින් නඩු අහල හිරේ යවනවා මිසක්.(හේ)
දැන්වත් ජෙනේරල් ෆොන්සේකට සියලු විමෂණ කටයුතු බාර දෙන්න.ලස්සනට කරලා ගසා කාපු මහජන මුදල් ටිකත් නැවත ජනතා සතු කර,දැඩි දඩුවම් දීල ප්‍රගතිය පෙන්වාවි.(හේ)
ශ්‍රී ලන්කන් ගුවන් සේවය තමයි වැඩිම මුදලක් අය කරන්නේ.එත් පාඩු නම් අපිව නොමිලේ එක්කරගෙන ගිහින් නෙමෙයිනේ පාඩු ලබල තිබෙන්නේ.(හේ)
ගුවන් තොටුපොළේ දවස ගානේ අල්ල ගත්තු රත්තරන් ටොන් ගානට මොකද වුනේ?බදු ගෙවන්නෝ හැටියට අපිට අහන්න අයිතියක් තිබෙනවා.(හේ)
මේ ඔක්කොම විනාශ කරලා වගේ.(හේ)
අලුත් පක්ෂේකින් අවම පරණ ඒවා ඉවරයි?(හේ)
ඔක්කොම නෑයොනේ.(හේ)
දැන් ඉතින් බේරුමක් නෑ.(හේ)
හැමෝම ඔතෙන්ට යන්නේ කටඋත්තර දෙන්න විතරයි .ඇතුලට දැම්මත් ඇප පිට නිදහස් ,මේවා ඔක්කොම ටෙලි නාටක .(අ)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
ඒ කියන්නේ සුපරීම හොරු ටික ද (අ)
දැන් මොනවා කිවුවත් ජනතාව පිළිගන්නේ නැහැ. (නි)
මෙයාලා ගැන නම් අහන්නත් ලැජ්ජයි (නි)
තිලක් ඔය හරියට හරි , ඔයවගේ හොරු දඬු කඳෙ ගහන්න ඕන (අ)
මෙයාගේ කටඋත්තරය ගන්න කොමිසමට අභයරාමයට යන්න වෙයිද දන්නේ නැහැ. (නි)
කට උත්තරයක් අරගෙන විතරක් නතර උනොත් ඒකෙනුත් වැඩක් වෙන්නේ නැහැ. (ර)
මෙයාවත් අලුත් පෙරමුණට අරගෙන තනතුරක් දෙයිද? (නි)
පහුගිය දවස්වල තිලක් අදහස් නොදා හිටියේ යහපාලනයෙන් මිනිසුන්ට වූ දේවලට ලැජ්ජාවෙන්. දැන් ආයෙත් පන ඇවිල්ලා (නි)
මේ ඩොලර් කෝටි ගණනක පාඩුවට හේතුව ගුවන් යානා සමාගම් පාලනය ගැන කිසිම දැනුමක් නොමැති නිලධාරීන් පත්කිරීමයි. නමුත් කණගාටුවට කරුණ නම් ගොඩක් දෙනෙකුට මෙම තත්වය තේරුම් ගැනීමට අපහසුවීමය (නි)
හතර වරිගයටම බෙදලා කියලා දැන් අපි දන්නවා (නි)