ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සහ අයථා ක්‍රියා සිදු වුයේ දැයි සෙවීමට වරාය හා ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් සිව් පුද්ගල කමිටුවක් පත් කරයි.
නීතීඥ ජේ සී වැලිඅමුණ සභාපතිවරයාය.යු එච් පලිහක්කාර, බී ඒ ඩබ්ලිව් අබේවර්ධන සහ එම් කේ බණ්ඩාර යන මහත්වරු සෙසු සාමාජිකයෝය. අතුරු වාර්තාව මාර්තු 15 වැනිදාට පෙරද අවසන් වාර්තාව මාර්තු 30ට පෙරද ඉදිරිපත් කරල ලෙස නියම කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තෙන්ම සොයන්න ඕන (බ)
අර්ජුන ඉන්න කණ්ඩායමට මම කැමති නෑ. හැබැයි එය ළඟදි හොඳ තීරණ දෙකක් ගත්ත. එකක් නම් හම්බන්තොට වරාය වඩාත් පලදායී විදියට පවත්වාගෙන යාමට ගත තීරණය. අනෙක ශ්‍රීලන්කන් ගුවන් සේවයේ අඩුපාඩු හා වැරදි සෙවීම. මේ දෙකම වෛරි භාවයෙන් තොර දේවල්.(අ)
වැඩ හොයලා විතරක් මදි. ඊට අදාල දඩුවම් හා නැවත එවැනි හොර සිද්ධ නොවෙන්න වැඩපිලිවෙලකුත් හදන්න ඕනේ. අපොස/පෙල විතරක් ඇති අයට මෙවගේ ජාතික වැදගත් කමක් ඇති තැන්වල සභාපතිකම් දුන්නෙ කවුද කියලත් රටට හෙලි කරන්න. අනික තමන්ට නිසි අධ්‍යාපන සුදුසකමක් නැත්න්ම මේ වගේ තැන්වල තනතුරු බාර ගන්න, උගත්තු මැද සිට වැඩ කරන්නත්, උගතුන්ට සොච්චම් පඩියක් ගෙවද්දි තමන් සුපිරි වරප්‍රසාද ගන්න මොන තරම් ලැජ්ජා නැති කමක් තියෙන්න ඕනෙද? (අ)
දින 100 දී පුරාවිද්‍යාව විතරයි (බ)
වැරදි හොයන්න කමිටු පත් කර කර ඉන්නවා වගේම ඒ කමිටුවලින් ගන්න තීන්දු තීරණ ඉක්මන් කරලා රටට පෙන්වන්න බලන්න ක්‍රියා කරන්න.(හේ)
ගුවන් සේවිකාවන්ගේ ලාංකිකයන්ට පෙන්නන ආඩම්බර කම අඩු කරන්න. ඒ හිනාවක් නැති මුණු දැක්කම හරියනවද. (හේ)
කමිටු විතරක් නම් මදි. කමිටු නම් ගණන් කරන්න බැරිතරම් එදා ඉඳලම තිබුනා අපේ රටේ. කමිටු විතරක් පත්කරලා ක්‍රියාත්මක වුණේ නැත්නම් ඒකත් නිකන් සල්ලි කාදැමීමක් විතරයි. (නි)
හොඳ වැඩක් (නි)
ගුවන් සේවිකාවන් යන්නේ යානයටත් වැඩිය අඩි පහක් උඩින්. ලංකාවේ ගුවන් මගින් දැක්කම මේ ගොල්ලන්ගේ මුණු නිකම් වෙල්ල වැහුම් වෙනවා. ඉතින් කොහෙද ලාභ ලබන්නේ. (අ)
ඕක හදන්න බැහැ කරුණාකර ඔකේ පාලනය නැවත අවුරුදු 10 විතර එමිරෙට්ස් එකට දෙන්න , ඕකට අවුරුදු පතා වියදම් කරන රුපියල් කෝටි 2000 පමණ වෙනවා. ජනතා වගේ මුදලින් වසරකට ලංගමට බස් 400 බැගින් අරගෙන පාරට දැම්මනම් වසර 2-3 විතර අපේ බස් සේවාව හොඳ තත්ත්වයකට ගෙන එන්න තිබුණා , එතකොට ජනතාවට මෙයට වඩා සේවයක් වෙනවා, එමිරෙට්ස් මගින් පාලනය කරන කාළේ ශ්‍රී ලන්කන් එකෙන් හොඳ සේවාවක් මගීන්ට සැපයුවා (අ)
බොරු සද්ද විතරනේ.(හේ)
කළ දේවල් හොයන්නේ ඉදිරිය ගැන හිතලද? ගිය දේ ගියා කියලා ඉන්න නෙමෙයි අපි කියන්නේ. ඒත් ඉතින් පරණ දේවල් හොය හොයා ඉන්නවා මිසක් අලුතින් මොකුත් කරන්නේ නැද්ද? (නි)
තමන්ගේ දේවල් ගැනත් හොයලා බලන්න (දිල්)