මගීන් දෙසිය පනස් දෙදෙනෙකු රැගෙන ලංඩන්හි හීතෘ ගුවන්තොටුපොළ බලා කටුනායකින් පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 503 දරණ ගුවන් යානය අද අළුයම හදිසියේ ස්ටෑන්ස්ටීඩ් ගුවන්තොටුපොළට ගොඩ බස්වා ඇත.
මෙරටින් පිටවුහල් කරනු ලැබූ බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙකු එම යානයේ ගමන් කර ඇති බවත් ඉන් එක් අයෙකු තමන් ලග බෝම්බයක් ඇති බව කාර්‍ය මණ්ඩලයට පැවසීම නිසා මෙය සිදුවූ බව එම ගුවන්සේවය කියයි.
පසුව ගුවන් නියමුවෝ මේ බව ලගම ඇති පාලන මධ්‍යස්ථානයට දන්වා ලැබුනු උපදෙස් මත ස්ටෑන්ස්ටීඩ් ගුවන්තොටුපොළට යානය ගොඩ බස්වා ඇත.
බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ විසින් සියල්ල පරීක්ෂා කිරීමෙන් අනතුරුව යානය හීතෘ ගුවන්තොටුපොළ බලා යලි ගමන් අරඹා ඇත. බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ විසින් බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
මේ වන විට ඔවුන් දෙදෙනාගේද ආගමන විගමන කටයුතු පරීක්ෂා කරමින් පවතින බවත් අනතුරුව ඔවුන් දෙදෙනාද මුදා හැරීමට නියමිත බව වාර්ථා වෙයි.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රී ලංකන් යානය හදිසියේ ගොඩ බස්සයි
චින්තක Saturday, 21 September 2013 11:58 AM
ඇයි මේ අයට ගුවන් යානයක ගමනට බාධා කිරීම, ගුවන් යානයක ගමන් ගන්න මගීන් බිය ගැන්වීම කියන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන නඩු පවරන්නේ නැත්තේ? ගුවන් යානයේ ගමන් ගන්න අයගේ අයිතිවාසිකම් නැද්ද? (නි)
ධම්ම Saturday, 21 September 2013 12:11 PM
සුද්දොත් දැන් තුට්ටු දෙකේ වැඩ කරන්නේ. (නි)
සමන්ත Saturday, 21 September 2013 12:20 PM
විහිළුවට බර කොල්ලෝ දෙන්නෙක් (නි)
රෙමා Saturday, 21 September 2013 12:27 PM
බලාගෙන ගියාම එන්ගලන්ත ජාතිකයොත් ඉන්නවා ලංකාවේ වගේ අය. අපරාදේ නිදහස් කරන්නේ. අලාබය ගෙවන්න කියන්න ඕනෑ, මගීන්ට සිදුවුණ බය අපහසුතාවය කොපමණද? (නි)
උපාලි Saturday, 21 September 2013 12:34 PM
ඔව් ඔව් උන් දෙන්නව මුදා හරින්න. මගීන් රස්තියාදුවීම, ගුවන් ගමන ප්‍රමාදවීම, මගීන් සහ කාර්ය මණ්ඩලයට අනවශ්‍ය බියක් ඇතිකිරීම ආදිය ප්‍රජාතන්ත්‍රවාදයට එකඟයි නේ. (නදී)
රනිල් Saturday, 21 September 2013 12:36 PM
රඹුක්වැල්ල නෙවෙයි නම් කමක් නැහැ.(නදී)
සංජු Saturday, 21 September 2013 12:47 PM
දෙයියනේ! බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනා හිනෙන්ද දන්නේ නැහැ කියලා තියන්නේ? (නි)
පුබුදු Saturday, 21 September 2013 01:12 PM
බ්‍රිතාන්‍ය ජාතිකයන් බව හොදටම විශ්වාසද ? (නි)
ලුම්බිණි Saturday, 21 September 2013 01:22 PM
මේ සඳහා වුණ කරදරයට මේ දෙන්නගෙන් අලාභය ගත යුතුයි. (අ)
ලලිත්-එස්.එල් Saturday, 21 September 2013 02:37 PM
බෝම්බ? අපෝ අපිට නම් ඕව එපා. තිබුනත් එහෙමම දාලා එන්න.(නදී)
කුමාරණ Saturday, 21 September 2013 03:38 PM
අපේ එකෙක් ඕක කළා නම් ලෝකේ පුරාම නිව්ස් පල කරාවි. මානව හිමිකම් කොමිසමටත් යාවි, ගුවන් ගමන් සිමා කරාවි. බොහෝ අනතුරු ඇගවීම් නිකුත් කරාවි. අනේ මෙහෙමත් ලොවක්. කවුරු ,කවදා,කොහොම මේ අවනඩු අසාවිද?(නදී)
ටෙනිසන් Saturday, 21 September 2013 04:05 PM
යම් විදිහකින් ගුවන් යානයේ හදවත් රෝගියෙක් හිටියා නම්.? 250ක්වූ මගීන්ට ප්‍රාණ බිය ඇතිකළාට මේ අයට නීති ප්‍රකාරව කටයුතු කරන්නේ නැද්ද? (නි)
ප්‍රේමලතා Sunday, 13 October 2013 12:55 AM
මම හිටියා නම් 250 සමග එකතුවෙලා ඒ දෙන්න දානවා බෝම්බයත් එක්කම ඒකෙන් එළියට (නි)
පුක්කුස වීරේ එඩ්මන්ටන් Saturday, 21 September 2013 05:27 PM
කෝ අර පත්තරයක් පත්තරයක් ගානේ ෆොටෝ දාගන්න සමිති කාරයෝ? මේකට විරුද්ධව නැගී හිටින්නේ නැද්ද? (නදී)