මගීන් දෙසිය පනස් දෙදෙනෙකු රැගෙන ලංඩන්හි හීතෘ ගුවන්තොටුපොළ බලා කටුනායකින් පිටත් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 503 දරණ ගුවන් යානය අද අළුයම හදිසියේ ස්ටෑන්ස්ටීඩ් ගුවන්තොටුපොළට ගොඩ බස්වා ඇත.
මෙරටින් පිටවුහල් කරනු ලැබූ බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙකු එම යානයේ ගමන් කර ඇති බවත් ඉන් එක් අයෙකු තමන් ලග බෝම්බයක් ඇති බව කාර්‍ය මණ්ඩලයට පැවසීම නිසා මෙය සිදුවූ බව එම ගුවන්සේවය කියයි.
පසුව ගුවන් නියමුවෝ මේ බව ලගම ඇති පාලන මධ්‍යස්ථානයට දන්වා ලැබුනු උපදෙස් මත ස්ටෑන්ස්ටීඩ් ගුවන්තොටුපොළට යානය ගොඩ බස්වා ඇත.
බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ විසින් සියල්ල පරීක්ෂා කිරීමෙන් අනතුරුව යානය හීතෘ ගුවන්තොටුපොළ බලා යලි ගමන් අරඹා ඇත. බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ විසින් බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
මේ වන විට ඔවුන් දෙදෙනාගේද ආගමන විගමන කටයුතු පරීක්ෂා කරමින් පවතින බවත් අනතුරුව ඔවුන් දෙදෙනාද මුදා හැරීමට නියමිත බව වාර්ථා වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ අයට ගුවන් යානයක ගමනට බාධා කිරීම, ගුවන් යානයක ගමන් ගන්න මගීන් බිය ගැන්වීම කියන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන නඩු පවරන්නේ නැත්තේ? ගුවන් යානයේ ගමන් ගන්න අයගේ අයිතිවාසිකම් නැද්ද? (නි)
සුද්දොත් දැන් තුට්ටු දෙකේ වැඩ කරන්නේ. (නි)
විහිළුවට බර කොල්ලෝ දෙන්නෙක් (නි)
බලාගෙන ගියාම එන්ගලන්ත ජාතිකයොත් ඉන්නවා ලංකාවේ වගේ අය. අපරාදේ නිදහස් කරන්නේ. අලාබය ගෙවන්න කියන්න ඕනෑ, මගීන්ට සිදුවුණ බය අපහසුතාවය කොපමණද? (නි)
ඔව් ඔව් උන් දෙන්නව මුදා හරින්න. මගීන් රස්තියාදුවීම, ගුවන් ගමන ප්‍රමාදවීම, මගීන් සහ කාර්ය මණ්ඩලයට අනවශ්‍ය බියක් ඇතිකිරීම ආදිය ප්‍රජාතන්ත්‍රවාදයට එකඟයි නේ. (නදී)
රඹුක්වැල්ල නෙවෙයි නම් කමක් නැහැ.(නදී)
දෙයියනේ! බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනා හිනෙන්ද දන්නේ නැහැ කියලා තියන්නේ? (නි)
බ්‍රිතාන්‍ය ජාතිකයන් බව හොදටම විශ්වාසද ? (නි)
මේ සඳහා වුණ කරදරයට මේ දෙන්නගෙන් අලාභය ගත යුතුයි. (අ)
බෝම්බ? අපෝ අපිට නම් ඕව එපා. තිබුනත් එහෙමම දාලා එන්න.(නදී)
අපේ එකෙක් ඕක කළා නම් ලෝකේ පුරාම නිව්ස් පල කරාවි. මානව හිමිකම් කොමිසමටත් යාවි, ගුවන් ගමන් සිමා කරාවි. බොහෝ අනතුරු ඇගවීම් නිකුත් කරාවි. අනේ මෙහෙමත් ලොවක්. කවුරු ,කවදා,කොහොම මේ අවනඩු අසාවිද?(නදී)
යම් විදිහකින් ගුවන් යානයේ හදවත් රෝගියෙක් හිටියා නම්.? 250ක්වූ මගීන්ට ප්‍රාණ බිය ඇතිකළාට මේ අයට නීති ප්‍රකාරව කටයුතු කරන්නේ නැද්ද? (නි)
මම හිටියා නම් 250 සමග එකතුවෙලා ඒ දෙන්න දානවා බෝම්බයත් එක්කම ඒකෙන් එළියට (නි)
කෝ අර පත්තරයක් පත්තරයක් ගානේ ෆොටෝ දාගන්න සමිති කාරයෝ? මේකට විරුද්ධව නැගී හිටින්නේ නැද්ද? (නදී)