IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකන්-මිහින් ලංකා අක්‍රමිකතා සෙවූ කොමිෂන් සභාවේ වාර්තාව නීතිපතිට

(ඩයනා උදයංගනී)

ශ‍්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදුවු බව කියන අක‍්‍රමිකතා  සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ වාර්තාවේ සඳහන් නිර්දේශ අනුව ඉදිරි නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා එය නීතිපතිවරයා වෙත යොමු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට හා නීතිපතිවරයා වෙත යොමු කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම, ශ‍්‍රී ලංකන් කේටරින් සමාගම සහ මිහින් ලංකා පෞද්ගලික සමාගම යන ආයතනවල 2006 වසරේ ජනවාරි මස පළමු වන දින සිට 2018 වසරේ ජනවාරි 31 වැනිදා දක්වා සිදුව ඇති බව කියන අක‍්‍රමිකතා පිළිබඳ සොයාබැලීම සදහා ජනාධිපතිවරයා විසින් සාමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විතව මෙම කොමිෂන් සභාව පත්කරනු ලැබිණි.        

එම කොමිෂන් සභාව විසින් විවිධ පාර්ශව වලින් ලබාගත් ලිඛිත හා වාචික පැමිණිලි සහ වෙනත් තොරතුරු පරීක්ෂා කර බලා නිර්දේශ 32 ක් ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවද ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කළ යෝජනාවේ දැක්වේ.



අදහස් (5)

ශ්‍රී ලංකන්-මිහින් ලංකා අක්‍රමිකතා සෙවූ කොමිෂන් සභාවේ වාර්තාව නීතිපතිට

sirimal Wednesday, 28 August 2019 10:23 AM

ජනාධිපතිතුමා ඔය කොමිසම පත්කරපු දවස්වල හිටිය මතයේ නෙවෙයි දැන් ඉන්නේ. ඉතින් ඔය වාර්තාව නීතිපතිතුමා ළඟ පුස්කයිද දන්නේ නැහැ..

:       0       246

Chanak los angeles Wednesday, 28 August 2019 09:10 PM

ඔය ජනපති කොමිසම අමු ප්‍රෝඩාවක්. අද වෙනකොට ජනපති කොමිෂන් කීයක් රටේ තිබුණද? කීයක වාර්තා එළියට දැම්මද? කී දෙනෙකුට දඬුවම් කර තිබේද? ඔහොම ජනතාව රටටන අය යළි ඉපදෙන්නේ වව්ලන් වෙලා එල්ලී ජීවත්වෙන්න...

:       0       144

Vernon Thursday, 29 August 2019 03:56 AM

පාර්ලිමේන්තුවට සහ මහජනතාවට වහාම ඉදිරිපත් කරන්න. මහජන මුදලින් කල කොමිෂන් වාර්තා මහ ජනතාවට ලබාදීම අත්‍යවශ්‍යය. නීතිමය කටයුතු කිරීම වෙනත් කාරණයකි. දෙකම සමාන්තරව සිදුවිය යුතුය .

:       0       63

peiris Thursday, 29 August 2019 06:50 AM

පහුගිය රජයේ බරපතල වංචා 33 අදාල විමර්ශන කොමිසන් වාර්තා නීතිපති ළඟ ඵලවෙනවා නේද තාම? මහබැංකු කොමිෂන් වාර්තාවේ හන්ගගත්තු පිටු එක්ක ඒ වාර්තාව එළියට නොදාන්නේ මන්ද? ජනාධිපතිතුමා පත්කරපු පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසම් වාර්තාව ප්‍රසිද්ධ නොකරන්නේ ඇයි..?

:       0       78

Wasudewa Thursday, 29 August 2019 06:59 AM

මේ මුදල් සොරකම් සුළුපටු නැහැ. බිලියන් ගණන් ගිලලා තියෙන්නේ පවුල් පාලනයෙන්. මේවා මහ හෙනගහන අපරාධ... ඔය ජනපති කොමිසම අමු ප්‍රෝඩාවක්... ඔය කොමිසම්වලට වියදම් කරන මහජන මුදල් අපරාදේ.

:       0       343

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site