
(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ සභාපතිව කටයුතු කරමින් ශ්‍රී ලංකා රජයට පාඩුවක් සිදු කළේ යැයි කියන එම සමාගමේ හිටපු සභාපති ඇන්තනී නිශාන්ත වික්‍රමසිංහ සැකකරු ලබන 01 දින දක්වා රක්ෂිතව බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද නියෝග කළේය.
නාවල ප්‍රදේශයේදී ඊයේ දහවල් අත්අඩංගුවට ගත් සැකකරු 2014 ජනවාරි 22 දින මැලේසියාවේ කෝලාම්ලාම්පූර්ණ නුවර සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිත යූ එල් 319 ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම මගින් රජයට පාඩුවක් කිරීම.,එම වසරේම ජනවාරි 26 දින මාළ දිවයින සිට ලංකාව හරහා ප්‍රංශය බලා යන ගුවන් මගීන් 75 දෙනෙකු යූ එල් 563 දරණ ගුවන් යානයෙන් පිටත් කර හැරීම මගින් ඇමරිකන් ඩොලර් 19160ක් රජයට පාඩු කිරීම හා 2014 දෙසැම්බර් දහනමයෙන් දින කටුනායක 18 කණුව පැවති මැතිවරණ රැලියක ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් 1250000.00 මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ බලයට පත්වන දේශපාලකයින්ට රට දියුණු කිරීමට අවශ්‍ය වූයේ ඉතා සීමිත පිරිසකට පැමිණි... බහුතරයක් දේශපාලනයට පැමිණියේ බලය ලබාගැනීම, ඔවුන්ගේ හෝ පවුල්වල හිතවතුන්ගේ ව්‍යාපාර කිරීමට රජයේ මුදල් අයථා ලෙස යෙදවීම, මුදල් දේපල ඉපැයීම, වරප්‍රසාද ලබාගැනීම වැනි පුද්ගලික කාරණා නිසාවෙන් බව රටේ පුරවැසියන් දනී.. සහ මෙතෙක් සිදුවූ දේශපාලන කාරණා අනුව පැහැදිලිව පෙනෙන්නට ඇත. ලංකාව දියුණු කිරීමට සහ ජනජීවිතය නගාසිටුවීමට නම් දූෂණයට එරෙහිව ක්‍රියා කළයුතු බව IMF සහ ලංකාවේ විදේශ තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටියේය. එවැනි විදේශ ඉල්ලීම් මත පාර්ලිමේන්තුවේ සම්මතව දැනට ක්‍රියාත්මක වන්නා වූ දුෂණ විරෝධී පනත නිසා ලංකාව දුෂණයට එරෙහිව ක්‍රියාත්මක වන රටක් බවට විස්වාසය වර්ධනය වෙමින් තිබේ.
කරන කලට ලවු මිහිරිය මිනිසේ, විදින කලට දුක දැඩිවෙයි ගිනි සේ.
රට බංකලොත් කළේ මේ කණ්ඩායම. අර මහින්දානන්ද වගේ ගොඩ කාලෙකට ඇතුලට යවන්න තියෙන්නේ. දිට්ඨදම්මවේදනීය කරුමය පලදෙන බව මේ ආත්මෙම දැන ගන්න.
අර එයාර් බස් ගනුදෙනුවේදී ඩොලර් මිලියන 2 අල්ලසක් ඉල්ලා ඒකෙන් ඩොලර් මිලියන 1 තම බිරිඳගේ ගිණුමට බැර කරගත් බවට චෝදනා ලබා බ්‍රිතාන්‍ය අධිකරණයකින් වරදකරු වූ ශ්‍රී ලන්කන් එකේ හිටපු ප්‍රධාන විධායක ධුරය දැරූ කපිල චන්ද්‍රසේන නමැති පුද්ගලයාට විරුද්ධව ලංකාවේ අධිකරණයක නඩු පැවරුවා... ඔහුගේ නඩුවට වුනේ කුමක්ද කියලා විපරම් කරන්න... සමහර විට පසුගිය ආණ්ඩු කාලේ ඔහුත් ඩීල් එකක් දමලා මාරු වුණාද කියලා දන්නේ නැහැ. අර හිර ගෙදර හිර කාරයෝ ගෙදර ගියා වගේ...
මම මේ ප්‍රශ්නය කෙලින්ම යොමු කරන්නේ ආනන්ද විජේපාල පොලිසිය භාර ඇමැති තුමාට සහ දිලීප පීරිස් මහතාට දැනට වසරකට පමණ පෙර රටේ විශාල ආන්දෝලනයකට ලක්වූ වීසා මගඩියට කෙලින්ම සම්බන්ධ බවට පැහැදිලිව පෙනී ගිය ටිරාන් අලස්ට විරුද්ධව මම දන්නා තරමින් මේ වනතුරු කිසිම පොලිස් පරීක්ෂණයක් හෝ අධිකරණයේ චෝදනා ගොනු කිරීමක් මේ වනතුරු සිදුවී නැහැ... මේ සම්බන්ධව ප්‍රකාශයක් දෙන්න පුළුවන්ද?
මේක සහ නඩය තමයි... ගුවන් සේවය කාබාසිනියා කරේ....
මාර චෝදනා මේවා... බස්වල සෙනග අඩු වුණොත් ඩිපෝ අධිකාරිවරුන්ටත් නඩු වැටෙයි. ඔහොම යමු.
හිටපු ආණ්ඩුවල හොර අල්ලනවා නම් NPP තවත් අවුරුදු 20ක් වත් බලයේ ඉන්න වෙයි.
ඒ කාලෙ වටකරගෙන හිටිය කිකිලියෝ එක්ක කූඩුවට යන්න තිබුණා නම් නරක නෑ නේද?
කිසිම උගත්කමක් සුදුසුකමක් නැති නෑයෙක්ව දාගෙන හතර වරිගෙම ඉන්න අය, ඔවුන්ගෙ අය බුරුතු පිටින් පිනට හිතේ හැටියට සවාරි ගැහැව්වා.