ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති එස්. වික‍්‍රමසිංහ මහතාගේ ගල්කිස්ස සේරම් පාරේ නිවෙස බිඳ රුපියල් අසූලක්ෂයක බඩුමුට්ටු පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. රුපියල් තිස් ලක්ෂයක් වටිනා රොලෙක්ස් අත් ඔරලෝසුවක් ද, රුපියල් ලක්ෂ පනහක ඇමෙරිකා ඩොලර්, යුරෝ ආදී මුදල් ද සොරාගෙන ගොස් ඇත. නිවැසියන් ගෙදර නොසිටි විටෙක ජනේල කවුළුවකින් ගෙට ඇතුළු වී ඇති බවත් පොලිසිය කියයි.
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ඔත්තුකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
සබරගමු විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබාදීම සම්බන්ධයෙන්සමනල වැව පොලිසිය වෙත ලද පැමිණිල්ලට අදාළව වැඩ බලන පොලිස්පතිවරයාගේ
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ සිසුවකුට පහර දුන් සිසුන්ගේ පන්ති තහනම් කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව ව
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින නිල සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් 05/03 දින පස්වරුවේ පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු පැය 48 කාලයකට රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගත්බව බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසය කියයි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ශ්‍රී ලංකන් ගුවන් සභාපතිගේ ගෙට හොරු පනිති
මෙල්බන් වැසියා Monday, 11 June 2012 04:13 AM
මෙච්චර සල්ලි ගොඩක් ගෙදර තියා ගත්තේ ඇයි?
සූකිරි Monday, 11 June 2012 04:20 AM
පව් දෙයියනේ නොකා නොබී හම්බ කරලා මේ දුප්පතා ගත්ත එකම හෝරා යන්තරෙත් මේ කාලකන්නි හොරා ඇන්න ගිහිල්ල නොවැ... දැන් මක්කයි මේ වික්කරම මහත්තය කොරන්නේ? අනේ අපොයි... තරහ වෙන්ට එපා ආයිබෝවන් ඇහුවට ... මමත් පහුගියදාක අපේ පොඩි කෙලී බලන්ටය කියල ඒරොප්පේ යන්ට උන්ට නොවැ... ඒත් හත්තිලව්වූ අහස් යාත්තරවට තෙල් ගහන්න සල්ලි නැතියි කියලා අපිව ගෙනිච්ච් නැහැ නොවැ බොල... දැන් නොවැ මටත් කාරණේ වැටහුනේ ... යකෝ තොපිට යන්න වෙනම අපායක් තියෙන්න ඕන නොවැ ... මම කිව්වේ හොරාට ආයිබෝවන්
බේරි බ්‍රවුන් Monday, 11 June 2012 07:18 AM
මේ සභාපති තුමා කාගේ කවුද කියල දන්නවද ..හොරා දන්නවනම් ඔට්ටුයි පනින්නෑ ඔය ගෙදරට..
චමින්ද Monday, 11 June 2012 07:26 AM
ඕගොල්ලෝ දන්නවද මේ සභාපතිතුමා කවුද කියලා? මම හිතන්නේ හොරාත් දැනගෙන නෙමෙයි පැනලා තියෙන්නේ
බ්‍රවුන් Monday, 11 June 2012 07:27 AM
මේ තරම් සල්ලි තියෙන්න හේතුව ඇයි කියලා ඔය ගොල්ලන්ට තේරෙන්නේ නැද්ද?
චමින්ද Monday, 11 June 2012 08:09 AM
මේ සභාපති තුමා...ස්විස් ඔරලෝසු පාවිච්චි කරත් වෙලාවට වැඩකරේනම් නෑ..
ආචාරිය පුස් ටෝක් Monday, 11 June 2012 07:30 AM
මේ සභාපතිතුමාගේ ගමත් හම්බන්තොට නේද? අනේ මොන තරම් නම් ආශ්චර්යයක්ද?
නිකං සුජිත් Monday, 11 June 2012 07:37 AM
හැබෑටම එයා මස්සිනාද දන්නේ නෑ
සුජිත් Monday, 11 June 2012 08:29 AM
මේකට මොනවගේ පරීක්ෂණයක්ද කරන්න හිතන් ඉන්නේ...
ආචාර්ය අජිත් Monday, 11 June 2012 08:03 AM
ආචාර්ය සුජිත්, දෙන්නකෝ ජෝක් එකක් හිනා වෙන්න
චමින්ද Monday, 11 June 2012 08:07 AM
දැන් කෝල් එකක් ආව හොරාව සුදු වෑන් එකක් ඇවිත් උස්සල කියල..
ගාමිණී-කුවෙයිට් Tuesday, 12 June 2012 03:13 AM
ලොකු හොරුයි පොඩි හොරුයි...
සරත් Monday, 11 June 2012 09:09 AM
USD 38000 ගෙදර තියාගත්තේ කොහොමද . අර කාටදෝ USD 450 තියාගත්ත කියල නඩු දැම්ම නේද ?????
චමින්ද Monday, 11 June 2012 09:11 AM
හොරා ගැන පොලීසියෙන් බලා ගනී ...අයිතිකාරය ගැන ආධායම් බදු දෙපාර්තමේන්තුවෙන් බලා ගනීයි?
රජිත් මංජුල, Monday, 11 June 2012 02:41 PM
මහත්වරු හා මහත් හොරු දෙගොල්ලොම එකයි....
නිවී Tuesday, 12 June 2012 07:04 AM
ශ්‍රී ලංකන් එක පාඩු ලබල තියෙන්නේ ඇයි කියලා දැන් දන්නවා....
රෑපසිංහ Tuesday, 12 June 2012 02:08 PM
මේ ගෙදර තිබුණු සල්ලි... අනේ ඉතින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය පාඩු ලබනවා කියන එක අහන්න දෙයක් යැ
ඇටිකිච්චා Tuesday, 12 June 2012 08:01 AM
ඔයා දුක් වෙන්න එපා විකී.මම අපේ ගෙදර තියෙන බිත්ති ඔරලෝසුව එවන්නම්
සකලබුජන් Monday, 11 June 2012 03:40 PM
අනේ මම එහෙම නෑ අනේ ...මේ දවස්වල සිල් අරන් ඉන්නේ..ඔයා බය වෙන්න එපා...
දිනේෂ් Monday, 11 June 2012 10:45 AM
මහජනතාවගේ සල්ලි , මෙයාලටනම් නැව ගිලුනත් බෑන් චූන්..
සී.සී.එල් මීඩියා Tuesday, 12 June 2012 08:49 AM
කවුරුකරත් වැඩේ වැරදියි.....
සී.සී.එල් මීඩියා Tuesday, 12 June 2012 08:51 AM
ප්‍රියන්ති එයාගෙ ගති ගුණ ගැන හැමදාම ගොඩක් කමෙන්ට්ස් දානවා වගේ..
ජගත් Monday, 11 June 2012 04:22 PM
පිරුණු කළෙන් වතුර ටිකක් ගත්තට කමක් නෑ..
සරත් Monday, 11 June 2012 11:48 AM
අම්මෝ මේ තරම් වටින ඔරලෝසුවක්,හොරා ඒකේ වටිනාකම නොදැන ගන්න ඇත්තේ...විකුණගන්නත් බැහැනේ ...සමාව දෙන්න හොරාට..
පෙරේරා Sunday, 10 June 2012 05:50 PM
හොරාට මගේ සුබ පැතුම්!!! ඒ උනාට ඔයාට හිතන්න තිබුන "අනේ ඉතින් ඔය ටිකත් අපෙන්ම නේද මුන් ගන්නේ" කියල.
දුප්පතා Sunday, 10 June 2012 06:39 PM
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම දුවන්නේ පාඩු පිට නමුත් සභාපතිගේ ගෙදර මෙවැනි වටිනා බඩු, මේ හැර කොච්චර වත්කම් තියේවිද? මෙතුමා අවුරැදු 10ක් තිස්සේ අදායම් බදු ගෙවනවද දන්නේ නෑ නේද?
රනේෂ් Sunday, 10 June 2012 06:40 PM
වීඩියෝ කැමරා කැඩිලද? අර කටුගෙට වුණා වගේම වැඩක්
සුදේෂ් Sunday, 10 June 2012 07:06 PM
ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙච්චර පාඩු ලබද්දී මෙයාගේ ගෙදර තියෙන සල්ලි නේද?
පාලිත Monday, 11 June 2012 05:08 PM
පත්තර වලින් නොකිව්වට ජනතාව දේවල් දන්නා බව ප්‍රතිචාර වලින් පේනවා
අලිබබා Sunday, 10 June 2012 07:47 PM
අයි අයියෝ... රුපියල් තිස් ලක්ෂයක් වටිනා රොලෙක්ස් අත් ඔරලොසුවක්? හපොයි මේ මුදලින් නිවාස අහිමි කෙනෙකුට නිවසක් හදලා දෙන්න තිබුණා. ඕවා දැන් කාලේ අතේ බැදගෙන යන එකත් භයානකයි. අතත් එක්ක කපාගෙන යන්න පුළුවන්.
පැට්රික් Sunday, 10 June 2012 07:53 PM
හොරු පනින එක නම් සාමාන්‍ය දෙයක්.නමුත් මෙච්චර සල්ලි ආවේ කොහෙන්ද කියලා හොයලා බලන්න වටිනවා
ඔසන් සලාම් - දෝහා Sunday, 10 June 2012 08:14 PM
රටේ නායකයාගේ මස්සිනාගේ ගෙදරටත් හොරු පනිනවානම් අපි ඔබලාගේ ගෙවල්වලට දෙවියන්ගේම පිහිටයි. නමුත් මෙවන් හොරකම් පිළිබදව අපට කියන්නට තිබෙන්නේ කටුගෙට පමණක් නොව රජ ගෙදර නෑදෑයන්ගේ ගෙවල්වලටත් ඇතුළුවීමට හොරුන්ට විශේෂ අවසර පත්‍ර අවශ්‍ය නොවන බව නේද?
සිසිර Sunday, 10 June 2012 08:23 PM
ඇත්තටම විදේශීය මුදල් ගෙවල් වල තියා ගන්න පුලුවන්ද? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ
රංජිත් Sunday, 10 June 2012 09:04 PM
මෙච්චර ධනයක් ලැබුණේ කොහොමද කියලා බැලුවා නම් හොදයි
පොතේ ගුරා Sunday, 10 June 2012 08:28 PM
පවු.අසරණයින්ට නිතරම කරදර
අමිල Sunday, 10 June 2012 08:41 PM
හොරු ටික අල්ල දුන්නනම් පොලිසිය ඉතුරු ටික බලා ගන්නවනේ
Tuesday, 12 June 2012 11:41 AM
මොනව උනත් වෙලාවට වැඩකරන හොරෙක් වෙන්න ඇති...
ප්‍රියන්ති අල්විස් Monday, 11 June 2012 12:41 PM
ඕන තැනක හොරකමක් කරන්නේ පිරිමි තමයි.පිරිමි ඉපදිලා ඉන්නේම කාමයේ වරදවා හැසිරෙන්නයි හොරකම් කරන්නයි බොරුකියන්නමයි. එහෙම කරන ගමන් බොරුවට අපිට බනිනවා.සල්ලාලයින්ට ඔහොම වෙලා මදි.
බන්දුල Sunday, 10 June 2012 09:13 PM
මෙපමණ විදේශ මුදල් ගෙදර තිබුනේ කොහොමද?
පාලිත වීරතුංග Sunday, 10 June 2012 10:26 PM
විදේශ මුදල් ලක්ෂ 50 තියාගත්තට නඩු නැද්ද මෙයාට...
හසී Sunday, 10 June 2012 10:31 PM
මොනව උනත් හොරාට ඔරලෝසුව අතේ බඳින්න මිසක් විකුණන්න නම් වෙන්නෑ
නසා Sunday, 10 June 2012 11:05 PM
මේ තියෙන්නේ ශ්‍රී ලංකන් එකේ නැතිවුනූ බඩුද දන්නේ නෑ. අනේ මන්දා. මට නම් තේරෙන්නේ නෑ
පී.ඩී Monday, 11 June 2012 10:30 PM
වෙලාවට හොරු පැන්නේ...නැත්නම් මේව අපි දන්නේ නෑ නේ...
තිලක් Monday, 11 June 2012 02:37 AM
පැනපු හොරු අල්ලන ගමන්ම එතුමාට ඔය තරම් සල්ලි ලැබුන හැටිත් ටිකක් හොයල බලන්න පොලිස් මහත්තුරුනේ.