ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති එස්. වික‍්‍රමසිංහ මහතාගේ ගල්කිස්ස සේරම් පාරේ නිවෙස බිඳ රුපියල් අසූලක්ෂයක බඩුමුට්ටු පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. රුපියල් තිස් ලක්ෂයක් වටිනා රොලෙක්ස් අත් ඔරලෝසුවක් ද, රුපියල් ලක්ෂ පනහක ඇමෙරිකා ඩොලර්, යුරෝ ආදී මුදල් ද සොරාගෙන ගොස් ඇත. නිවැසියන් ගෙදර නොසිටි විටෙක ජනේල කවුළුවකින් ගෙට ඇතුළු වී ඇති බවත් පොලිසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර සල්ලි ගොඩක් ගෙදර තියා ගත්තේ ඇයි?
පව් දෙයියනේ නොකා නොබී හම්බ කරලා මේ දුප්පතා ගත්ත එකම හෝරා යන්තරෙත් මේ කාලකන්නි හොරා ඇන්න ගිහිල්ල නොවැ... දැන් මක්කයි මේ වික්කරම මහත්තය කොරන්නේ? අනේ අපොයි... තරහ වෙන්ට එපා ආයිබෝවන් ඇහුවට ... මමත් පහුගියදාක අපේ පොඩි කෙලී බලන්ටය කියල ඒරොප්පේ යන්ට උන්ට නොවැ... ඒත් හත්තිලව්වූ අහස් යාත්තරවට තෙල් ගහන්න සල්ලි නැතියි කියලා අපිව ගෙනිච්ච් නැහැ නොවැ බොල... දැන් නොවැ මටත් කාරණේ වැටහුනේ ... යකෝ තොපිට යන්න වෙනම අපායක් තියෙන්න ඕන නොවැ ... මම කිව්වේ හොරාට ආයිබෝවන්
මේ සභාපති තුමා කාගේ කවුද කියල දන්නවද ..හොරා දන්නවනම් ඔට්ටුයි පනින්නෑ ඔය ගෙදරට..
ඕගොල්ලෝ දන්නවද මේ සභාපතිතුමා කවුද කියලා? මම හිතන්නේ හොරාත් දැනගෙන නෙමෙයි පැනලා තියෙන්නේ
මේ තරම් සල්ලි තියෙන්න හේතුව ඇයි කියලා ඔය ගොල්ලන්ට තේරෙන්නේ නැද්ද?
මේ සභාපති තුමා...ස්විස් ඔරලෝසු පාවිච්චි කරත් වෙලාවට වැඩකරේනම් නෑ..
මේ සභාපතිතුමාගේ ගමත් හම්බන්තොට නේද? අනේ මොන තරම් නම් ආශ්චර්යයක්ද?
හැබෑටම එයා මස්සිනාද දන්නේ නෑ
මේකට මොනවගේ පරීක්ෂණයක්ද කරන්න හිතන් ඉන්නේ...
ආචාර්ය සුජිත්, දෙන්නකෝ ජෝක් එකක් හිනා වෙන්න
දැන් කෝල් එකක් ආව හොරාව සුදු වෑන් එකක් ඇවිත් උස්සල කියල..
ලොකු හොරුයි පොඩි හොරුයි...
USD 38000 ගෙදර තියාගත්තේ කොහොමද . අර කාටදෝ USD 450 තියාගත්ත කියල නඩු දැම්ම නේද ?????
හොරා ගැන පොලීසියෙන් බලා ගනී ...අයිතිකාරය ගැන ආධායම් බදු දෙපාර්තමේන්තුවෙන් බලා ගනීයි?
මහත්වරු හා මහත් හොරු දෙගොල්ලොම එකයි....
ශ්‍රී ලංකන් එක පාඩු ලබල තියෙන්නේ ඇයි කියලා දැන් දන්නවා....
මේ ගෙදර තිබුණු සල්ලි... අනේ ඉතින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය පාඩු ලබනවා කියන එක අහන්න දෙයක් යැ
ඔයා දුක් වෙන්න එපා විකී.මම අපේ ගෙදර තියෙන බිත්ති ඔරලෝසුව එවන්නම්
අනේ මම එහෙම නෑ අනේ ...මේ දවස්වල සිල් අරන් ඉන්නේ..ඔයා බය වෙන්න එපා...
මහජනතාවගේ සල්ලි , මෙයාලටනම් නැව ගිලුනත් බෑන් චූන්..
කවුරුකරත් වැඩේ වැරදියි.....
ප්‍රියන්ති එයාගෙ ගති ගුණ ගැන හැමදාම ගොඩක් කමෙන්ට්ස් දානවා වගේ..
පිරුණු කළෙන් වතුර ටිකක් ගත්තට කමක් නෑ..
අම්මෝ මේ තරම් වටින ඔරලෝසුවක්,හොරා ඒකේ වටිනාකම නොදැන ගන්න ඇත්තේ...විකුණගන්නත් බැහැනේ ...සමාව දෙන්න හොරාට..
හොරාට මගේ සුබ පැතුම්!!! ඒ උනාට ඔයාට හිතන්න තිබුන "අනේ ඉතින් ඔය ටිකත් අපෙන්ම නේද මුන් ගන්නේ" කියල.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම දුවන්නේ පාඩු පිට නමුත් සභාපතිගේ ගෙදර මෙවැනි වටිනා බඩු, මේ හැර කොච්චර වත්කම් තියේවිද? මෙතුමා අවුරැදු 10ක් තිස්සේ අදායම් බදු ගෙවනවද දන්නේ නෑ නේද?
වීඩියෝ කැමරා කැඩිලද? අර කටුගෙට වුණා වගේම වැඩක්
ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙච්චර පාඩු ලබද්දී මෙයාගේ ගෙදර තියෙන සල්ලි නේද?
පත්තර වලින් නොකිව්වට ජනතාව දේවල් දන්නා බව ප්‍රතිචාර වලින් පේනවා
අයි අයියෝ... රුපියල් තිස් ලක්ෂයක් වටිනා රොලෙක්ස් අත් ඔරලොසුවක්? හපොයි මේ මුදලින් නිවාස අහිමි කෙනෙකුට නිවසක් හදලා දෙන්න තිබුණා. ඕවා දැන් කාලේ අතේ බැදගෙන යන එකත් භයානකයි. අතත් එක්ක කපාගෙන යන්න පුළුවන්.
හොරු පනින එක නම් සාමාන්‍ය දෙයක්.නමුත් මෙච්චර සල්ලි ආවේ කොහෙන්ද කියලා හොයලා බලන්න වටිනවා
රටේ නායකයාගේ මස්සිනාගේ ගෙදරටත් හොරු පනිනවානම් අපි ඔබලාගේ ගෙවල්වලට දෙවියන්ගේම පිහිටයි. නමුත් මෙවන් හොරකම් පිළිබදව අපට කියන්නට තිබෙන්නේ කටුගෙට පමණක් නොව රජ ගෙදර නෑදෑයන්ගේ ගෙවල්වලටත් ඇතුළුවීමට හොරුන්ට විශේෂ අවසර පත්‍ර අවශ්‍ය නොවන බව නේද?
ඇත්තටම විදේශීය මුදල් ගෙවල් වල තියා ගන්න පුලුවන්ද? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ
මෙච්චර ධනයක් ලැබුණේ කොහොමද කියලා බැලුවා නම් හොදයි
පවු.අසරණයින්ට නිතරම කරදර
හොරු ටික අල්ල දුන්නනම් පොලිසිය ඉතුරු ටික බලා ගන්නවනේ
මොනව උනත් වෙලාවට වැඩකරන හොරෙක් වෙන්න ඇති...
ඕන තැනක හොරකමක් කරන්නේ පිරිමි තමයි.පිරිමි ඉපදිලා ඉන්නේම කාමයේ වරදවා හැසිරෙන්නයි හොරකම් කරන්නයි බොරුකියන්නමයි. එහෙම කරන ගමන් බොරුවට අපිට බනිනවා.සල්ලාලයින්ට ඔහොම වෙලා මදි.
මෙපමණ විදේශ මුදල් ගෙදර තිබුනේ කොහොමද?
විදේශ මුදල් ලක්ෂ 50 තියාගත්තට නඩු නැද්ද මෙයාට...
මොනව උනත් හොරාට ඔරලෝසුව අතේ බඳින්න මිසක් විකුණන්න නම් වෙන්නෑ
මේ තියෙන්නේ ශ්‍රී ලංකන් එකේ නැතිවුනූ බඩුද දන්නේ නෑ. අනේ මන්දා. මට නම් තේරෙන්නේ නෑ
වෙලාවට හොරු පැන්නේ...නැත්නම් මේව අපි දන්නේ නෑ නේ...
පැනපු හොරු අල්ලන ගමන්ම එතුමාට ඔය තරම් සල්ලි ලැබුන හැටිත් ටිකක් හොයල බලන්න පොලිස් මහත්තුරුනේ.