(නාලක සංජීව දහනායක)
ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදුවූ බව කියන අක‍්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ වාර්තාව අද (2) ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පිළිගන්වනු ලැබීය.
ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ වාර්තාව එහි සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා විසින් ජනපතිවරයාට පිළිගන්වන ලදී.
2006 ජනවාරි 01 වැනිදා සිට 2018 ජනවාරි 31 වැනිදා දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකන් කේටරින් සමාගම හා මිහින් ලංකා පෞද්ගලික සමාගම යන ආයතනවල සිදුවූ බව කියන අක‍්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පසුගිය වසරේ ජනවාරි 31 වැනිදා ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත්කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක පත්කරපු දවස්වල තිබ්බ තරහ මරහ දැන් වෙනස් වෙලා නිසා කුණු කුඩෙට දායිද දන්නේ නැහැ.
සල්ලි කන කොමිසම්
මෙතෙක් කල් පත්කරපු කොමිෂන් වාර්තා? එකත් දැන ගත්තේ පත්තරෙන් කියාවිද දන්නේ නැහැ.