සෞදි අරාබියේ රියාද් සිට කිලෝ මීටර් 1200 පමණ දුරකින් පිහිටි අභා ප්‍රදේශයේ පේස්ට්‍රි කඩයක රැකියාව කරන ලද මොහොමඩ් සම්ස්හුල් සාමාන් නමැති ශ්‍රී ලාංකිකයෙකි,අද පළවූ සෞදි පුවත් පතක වාර්තාවකට අනුව සිද්ධිය මෙසේයි.
සෞදි අරාබියේ අභා නගරයේ සිට කිලෝමීටර් 50 ක් පමණ දුරින් පිහිටි මුහායෙල් ප්‍රදේශයේ වයස අවුරුදු 10 ක පමණ සෞදි ජාතික දරුවෙකු විසින් පැදැවුණූ මෝටර් රථයකට යටවී ශ්‍රී ලාංකිකයෙක් මරුමුවට පත් විය.
පේස්ටි කඩයක සේවය කළ සම්ස්හුල් සාමාන් පාර මාරු වෙද්දී මරණයට පත්වී ඇත .
මෙම මරණය පිලිබදව දැනටමත් පොලිස් පරීක්ෂණ සිදුවෙමින් පවතින බව ජෙඩා කොන්සියුලර් කාර්යාලය කියයි.
කෙසේ වුවද ශ්‍රී ලංකාවේ ඔහුගේ ඥාතීන් හට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන්ගේ කැමැත්ත මත මෘතදේහය මුහයිල් ප්‍රදේශයේ මිහිදන් කිරීමට ජෙඩා කොන්සියුලර් කාර්යාලය පියවර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙක මෙහෙම ලෙසියෙන් අරින්න බෑ. මානව සංවිධාන නිදිද? විදේශ කටයුතු භාර ඇමති තුමනි, මෙය ලියන්නේ ඔබටයි. විදේශ ගත ශ්‍රී ලාංකිකයා ගේ විදේශ විනිමය මේ රටට කැප නම් රීෂානාගේ අත්වැරදීමට මරණ දඩුවම දුන්නානම්. නිවහල් ශ්‍රී ලාංකිකයන් හැටියට අප මෙයට සටන් කර ඒ මිය ගිය සහෝදරයාගේ පවුලට වන්දියක් අරන් දිය යුතුයි. ගුවන් තොටේදී ලියාපදිංචි වෙලාද යන්නේ කියලා හොයා බලා මුදල් අයකරගන්නා නිළධාරියනි, ඔබටත් මෙයට වචනයක් හරි ලිවීමේ වගකීම ඇති බව අමතක කරන්න එපා. (නදී)
අපි පෙන්නන්න ඕනේ මුළු ලෝකෙටම වරදට දිය හැකි උපරිම දඩුවම සෞදි රජයේ නීතිය අනුව මරණ දඩුවමයි. නමුත් ලංකාවේ අපිට මනුස්ස කමක් තියෙනවා. වරදට දඬුවම දෙවියන්ට බාර දෙන්න. (නදී)
අපේ කණගාටුව. අලුත් අැමතිනියට වැඩක්. පැදෙව්වේ අවරුදු 10 ක දුවෙක් නම් එ්ක සෙල්ලම් කාර් එකක් වෙන්න ඇති. ලංකාවෙ නම් ලොකු අයත් තුවක්කු වගේ සෙල්ලම් බඩුත් පාවිච්චි කරනවනේ. (නදී)
ජෝයි ගොඩ්රි මාතලගේ ඔබ හරියටම හරි. ෂරියා නීතිය අනුව ළමයෙක් නොව කව්රු උනත් බෙල්ල කපන්න ඕනා. (නදී)
දැන් අපි බලමු එයාල අපේ රිසානට වගේ ඒ ළමයා ටත් දඩුවම් කරයිද කියලා. එයාලා නීති හදාගන තියෙන්නේ එයාලගේ වාසියට. (නදී)
අනේ රිසානට කල දේම කරන්න කියන්න. හිස කඳෙන් කපල දාන්න කියන්න. ඒ අයටත් දරු කැක්කුම දැනෙන්න ඕනේ. (නදී)
හරිම කනගාටු සිද්ද්යෙක් සල්ලි දීලා බෙරෙයි (නදී)
හොඳයි අපි දැන් බලමු, ෂරියා නීතියට අනුව රිසානට දඬුවම් කළා වගේ, සෞදි අයටත් ඉස්ලාම් නීතිය ක්‍රියාත්මක වෙනවද කියල? (දිල්)
හිස ගසා දැමි යුතු වරදක් (නදී)
මිය ගියේ එක දරු පියෙකි. දරුවා ලැබීමෙන් පසු ප්‍රථම වරට පියා විසින් ලංකාවට එන්න ඇඳුම් ගන්න යනකොට තමයි මේක වෙලා තියෙන්නේ. (නදී)
අනේ මිනිසුනේ අරුන් අර මිලේච්ඡ සරියා නීතිය අල්ලාගත්තාට අපිට පුලුවන්ද මුළු හදවත්න්ම අර අවුරුදු 10 ළමයාගේ ඔලුව කප්පන්න කියන්ඩ. අපි උන් තරම් බාල මිනිසුන් නොවේ.(නදී)
ඒ ළමයාටත් අපේ රිසානාට කරා වගේ මරණ දන්ඩනය නියම කරයිද. එයාලගේ රටේ නිසා එහෙම කරන එකක් නැහැ. ඔය කැලේ නීතිය එයාලට වාසි විදියට හදාගෙන තියෙන්නේ. (නදී)
ෂරියා නීතිය අනුව රිසානාට කල දේම කරනවා. නීතිය නීතියම වෙන්න ඕනා (නදී)