ඉතාලියේ නාපොලි නුවර පදිංචිව සිටි දුම්මලසූරිය පදිංචි තරුණයෙක් (24) පසුගිය දා සිදු වූ රිය අනතුරකින් මිය ගියේය. මාර්ගයක පයින් ගමන් කරන විට වාහනයක් මොහුව හප්පාගෙන ගොස් ඇති බවත් සිරුර සොයා ගැනිමට හැකි වූයේ අනතුර සිදුව පැය කිහිපයකට පසුව බවත් නාපෝලි පොලිසිය කියයි.
මියගිය තරුණයාට ඉදිරියේදී විශාල වන්දි මුදලක් ලැබීමට නියමිත බැවින් සිරුරට අයිතිවාසිකම් කීමට දෙපිරිසක් ඉදිරිපත්ව ඇති නිසා එය ශ්‍රී ලංකාවට එවිම පමාවෙතියි දැන ගන්නට ඇත. මේ හේතුව නිසා මියගිය තරුණයාගේ ගමන් බලපත්‍ර අංකය ලබා දෙමින් ලංකාවේ සිටින දෙමාපියන් සොයා දෙන ලෙස ඉතාලි පොලිසිය රෝම තානාපති කාර්යාලයෙන් ඉල්ලා ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වු තානාපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ඔහුගේ දෙමාපියන් හදුනාගෙන ඔවුන් විදේශ කටයුතු අමාත්‍යංශයට ගෙන්වා, මියගිය තරුණයාගේ දේහය ලංකාවට ගෙන්වා ගැනිමට නීතීමය කටයුතු කරගැනිම සදහා නාපොලි නුවර සිටින පැතුම් ජයසිංහ නැමති අයකුට නීතීමය බලය පවරා තිබේ.
ඒම ලියවිලි රෝම තානාපති කාර්යාලය මගින් නාපොලි පොලිසියට ලබා දී ඇතත් තවත් වෙනත් පිරිසක් මියගිය තරුණයාගේ සිරුර මල්ශාලාවකට රැගෙන ගොස් ඇතැයි පැතුම් ජයසිංහ එසැණට පැවසිය.
තරුණයාගේ ඥාතීන් කියාගන්නා එම පිරිස හා තවත් පුද්ගලයෙකු ද සමග එක්ව ඉතාලි ජාතික නීතීඥයින් දෙදෙනෙකුගේ ද සහාය මේ සඳහා ලබාගෙන ඇත.
තානාපති කාර්යාලයෙන් විමසීමේ දී කියා සිටියේ මියගිය තරුණයා ගේ සිරුරේ භාරකාරිත්වය පැතුම් ජයසිංහ සතුවන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිය ගිය අහිංසකයාගේ දේහයට දෙයියන්ගේම පිහිටය්! හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට.(නදී)
අහෝ අපේ සිංහල ජාතිය මුදල් ලැබෙනවා නම් අම්මව පවා විකුනගෙන කයි.(නදී)
මම ෆේස් බුක් හි පැතුම් ජයසිංහ කියන නම පිලිබදව සොයා බැලීමක් කලා එම පැතුම් කියන මොහු ශ්‍රී ලාංකිකයන්ගේ ලිය කියවිලි වැඩ කරන කෙනෙක් වන අතර ඒජන්සියක් මගින් ශ්‍රී ලාංකිකයන්ගේ වැඩ මුදලට කරදෙන්නෙක්. ඒ නිසා මොහු ගැන විශ්වාසයක් තියන්න අමාරුයි. හැකිනම් මියගිය තරුණයාගේ මව හෝ පියා ඉතාලියට ගෙන ඒමට කටයුතු කරනවානම් අගනේය.(නදී)
කරුණාකරලා ඒ තරුණයාගේ දෙමවිපියන්ට වන්දි මුදල් ලබාදෙන්න. අතරමැදියන් එපා.(නදී)
කරුණාකර මෙම මුදල් රජයේ භාරයට ගෙන ලංකාවේ විදේශ අමාත්‍යාංශය හරහා මෙම මුදල් ලංගම ඥාතියාට ලැබෙන්න සලස්වන මෙන් රෝම තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටිමි.(නදී)
පැතුම් ජයසිංහ ළඟ නාපොලි පදිංචි ගොඩක් අයගේ රහස්‍ය දත්ත (පාස්පෝට් කොපි, හැඳුනුම්පත් කොපි ආදිය, අත්සන්) තිබෙනවා. ඊට හේතුව මොහු රෝම එමබසියේ වැඩ කර දෙන තැරව් කරුවෙක්. මොහු මීට අමතරව ලංකාවෙන් පුද්ගලයන් ගෙන්වීම, මුදලට රැකියා අවස්ථා විකිණීම වාගේ වැඩවලටත් හවුල් වන 'කල දුටු කල වල ඉහගන්නා' ජාතියේ මුදලට ඕනේ දෙයක් කරන වෙන්නප්පුවේ කෙනෙක්. ඒ නිසා මෙහි වංචාවක සේයාවක් මම දකිනවා. මියගිය පුද්ගලයාගේ හිතමිතුරන් මේ ගැන අවදියෙන් ඉඳ රෝමයේ එම්බසියටත්, ලංකාවේ නෑයන්වත්, අවශ්‍ය විටක පොලිසියත් දැනුවත් කරන්න.(නදී)
මිනී කාක්කෝ ඉතාලියෙත් ඉන්නවා එහෙනම්. තවත් අය ඉදිරිපත් වෙන්න පුළුවන්. සමහර විට භාර්‍යාවකුත් ඇති? (නදී)
අපේ රටේ මිනිසුන්ගේ මිනිස්කම් මුදල් ඉදිරියේ හිවල් නැටි බවට පත්වෙනවා. හුගක්ම ඉතාලියෙන් අපිට පෙනෙනවා මිනිස්කම් අඩු ශ්‍රීලංකිකයින්. හැමෝම නෙවි බොහොමයක් නුගත් පාතාලයින් දේශපාලකයින්ගේ යටතේ සිට රැකවරණ පතා ඉතාලියට පලායාමෙන් මොවුන්ගේ ක්‍රියාකාර කම් අධ්‍යනය කිරීමෙන් ,මිනිසුන් සට කපට වෙලා. මගේ හැගීමයි.(නදී)
අපේ මිනිස්සු සල්ලි වලට තියන කෑදරකම මේකෙන්ම පේනවා (නි)
ලෙස්ලි විජේසිංහ,ඔබගේ කීම හරි. සමහර අම්මලාටත් එහෙම අය හරිම උතුම් (නි)
සිංහලයා මුදලට මළපහ වුනත් කන්නට ලැහැස්තියි.අහෝ මෙහෙව් රටක්. (නි)
නම දන්නේ කවුද මේ ළමයාගේ? කරුණාකරලා මට දන්නවා නම් කියනවද? මොකද මමත් දුම්මලසූරියේ (නි)
ඉතාලි වගේ රටක මෙහෙම මැරුන මිනිහත් විකුණන් කන එක පුදුම වෙන්න දෙයක් නැහැ. ලැබෙන වන්දි මුදල් ලබා ගැනිමට මොහු වෙනුවෙන් අයිතිවාසිකම් කියන අය මේ මිනිහා ජිවත් වන කාලයේ කෑවද බිව්වද කියලා හොයා බලපු අයද? (නි)
ඉතාලිය හරි ප්‍රසිද්ධයි ගැහැනු නිසා මිනි මරාගන්න. මුදල් වෙනුවෙන් ඇන කොටා ගෙන මරා ගන්න. මෙන්න තවත් අලුත් සිද්ධියක්. මැරුන මිනිහවත් මුදල් කරන ලංකාවේ කොටසක් ඉතාලි වල ඉන්නවා (නි)
කරුණාකරලා ඩීඑන්ඒ පරීක්ෂණයක් මගින් දෙමාපියන් කව්ද කියලා තහවුරු කරලා වන්දිය ලබාදෙන්න කටයුතු කරනවා නම් හොදයි (නි)
මරණේ ශෝකය නෙමේ තියෙන්නේ සල්ලිවලට තියන පෙරේතකම (නි)
රක්සාවක් නැති,වීසා නැති කෙනෙක්ට වුනා නම්.......? (නි)
කරුණාකර මෙම සහෝදරයට ලැබෙන මුදල් දෙමාපියන්ට කෙලින්ම දෙන්න. අතරමැදියන් ගාවගන්න එපා (නි)
රජයේ භාරයට මුදල් දුන්නොත් හොඳට තියෙයි.(නදී)
ධම්මික පෙරේරා හරි. මේ තවත් එක සිදුවීමක් පමණි, මේ ඉතාලියේ.වෙරෝනා වලත් ඉන්නවා ඔයවගේ පරණ සාමාජිකයෙක්. එයත් මීට හරියටම අවුරුදු අටකට කලින් ඔය විදිහටම දැගලුවා, ඇක්සිඩන්ට් වෙච්ච ලංකාවේ ජෝඩුවක් මැරෙනකම් බලන් හිටියා වන්දි මුදලට විදින්න. ඒ දෙන්නගේ වාසනාවට එදා එයාලා මාස 6ක් විතර හොස්පිටල් ඉඳලා බේරුනා.නැත්නම් අර පරණ සමාජිකයා ඒ වෙනකොට ඉතාලියේ අර දෙන්නට ඉන්න එකම ඥාතියා විදිහට සියලු බලතල අතට අරගෙන සුද්දෙ දෙන්න ලැහැස්ති වෙලා හිටියේ. (නි)
ඒ මනුස්සයා ඉන්න කාලේ ඇහැ ඇරලවත් බලපු මිනිස්සුද දන්නෙ නැහැ දැන් සල්ලි වලට පොරකන්නේ? (නි)