ඉතාලියේ ලිංඥානෝ නුවර සබ්බියාදෝරෝ ගෘහස්ත ක‍්‍රීඩාංගනයේ පැවැති ජාත්‍යන්තර සම්ප‍්‍රදායික කරාටේ ශූරතාවලියෙන් රන් පදක්කමක් සහ රිදී පදක්කමක් දිනාගැනීමට ඉතාලියේ පදිංචි ශ‍්‍රී ලාංකිකයකු වන ඩබ්ලිව්. ඒ. ඒ සඳුන් ලක්සිරි සමත් විය.
වයස අවුරුදු 18 ත් 35 අතර කිලෝග‍්‍රෑම් 84 අඩු බර පන්තියේ කුම්තේ ඉසව්වෙන් රන් පදක්කම හිමිකරගත් සඳුන් කාතා ඉසව්වෙන් රිදී පදක්කම හිමිකරගැනීමට සමත් විය.
මෙම තරගාවලියට ප‍්‍රංශය, ජර්මනිය, ඕස්ටේ‍්‍රලියාව, ස්විස්ටර්ලන්තය, හංගේරියාව, පින්ලන්තය සහ ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 900 ක් පමණ සහභාගි වූහ. තරගාවලිය පසුගිය සති අන්තයේදී ඉතාලියේ ලිංඥානෝ නුවර සබ්බියාදෝරෝ ගෘහස්ත ක‍්‍රීඩාංගනයේ පැවැත්විණි.
සඳුන් ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු කරාටේ ක‍්‍රීඩකයකු වන අතර ඔහු මේ වන විට ජාත්‍යන්තර කරාටේ විනිසුරුවකු සහ පුහණු කරුවකු ලෙස ඉතාලියේ සේවය කරයි. ඔහු වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙන් සුබ පැතුම් සඳුන්.ඔයා ඉතාලියේ ට්‍රේවිසෝ නගරයේ නේද ඉන්නේ? මම හිතන්නේ ඒ ඔයා වෙන්න ඕනෑ. (නි)
අපෙන් සුබ පැතුම් පුතේ.ඔයා රට විරුවෙක්.ඔයා අපේ රටට ආඩම්බරයක්! (නි)
මරේ මරු. අපේ ලංකාවේ මේ මල්ලිට මගෙන් ආදර සුබ පැතුම් ! (නි)
වටිනා වස්තුවක් අපේ රටට.අපි වැඩ කරන ඉතාලියටත් අපේ ලාංකිකකමටත් මම ඒ ක්‍රීඩාවට ආස කෙනෙක් (නි)
ඔයානම් හොද වැඩ කාරයෙක් බව නිසැකයි. අපේ සුබ පැතුම්. අපිටත් බැරිද ඔයාගේ ඕවා ඉගන ගන්න? (නි)
ඔහොම යමු. මරේ මරු. අපෙන් සුබ පැතුම්. ඔයාගේ දුරකතන අංකය දෙන්න පුලුවන්ද ? ඒකත් ලංකාදෙපයේ පල කරන්නකෝ.අපෙන් සුබ පැතුම් ! (නි)
අන්න හරි අපි කැමතියි ඔයාව කන්ටෑක් කරගන්න ක්‍රමයක් දානවා නම්. ලංකාදීපයට , මම වඩාත් කැමතියි දුරකථන අංකය දානවා නම්.මගෙන් ආදරණිය සුබ පැතුම් ඔයාටත් අපේ ලංකාවටත් ලංකාදීප නිව්ස් වලටත්. මොකද මම මෙයාව දන්නා කෙනෙක්. ලංකාවේ තිබුන 10 සාෆ් ගේම් එකේදී හමුවෙලා තියනවා.මම මෙයාගේ කන්ටෑක් නම්බර් එක හොය හොයා හිටියේ. ෆේස් බුක් එකෙත් බැලුවා ඒත් හොයා ගන්න බැරුව ගියා. දැන් තමයි ලංකාදීපෙන් දැක්කේ. ලංකාදීපයට නැවතත් ස්තුතියි. සදුන් ඔයාට මගෙන් සුබ පැතුම්! (නි)
ලස්සන වැඩකාර ක්‍රීඩකයාට අපෙන් සුබ පැතුම් . ඔයා නම් නියම වැඩකාරයෙක්. ආඩම්බරයි ලාංකික අපිට.ඔබට දිගු ගමනකට අපෙන් සුබ පැතුම්! (නි)