මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති කුසලාන දේශිය තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ අද (16) පැවැති තරගයේදී (දිවා/රාත‍්‍රි) දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා (සෙසු) පිල කඩුලූ 3 කින් දිමුත් කරුණාරත්න මෙහෙයවන ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ පිල පරාජය කිරීමට සමත් විය.

ඩිල්රුවන් පෙරේරා (නොදැවී 38) සහ රංගන හේරත් (නොදැවී 27) ශ්‍රී ලංකා (සෙසු) පිලේ 8 වැනි කඩුල්ල සඳහා පන්දු 36 කදී ලකුණු 54 ක නොබිඳු සම්බන්ධතාවක් පවත්වමින් ජයග‍්‍රහණය දක්වා රැුගෙන ඒමට සමත් වූහ.

ඩිල්රුවන් පෙරේරා පන්දු 31 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහක් සමගින් නොදැවී ලකුණු 38 ක් ද, රංගන හේරත් පන්දු 21 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 27 ක් ද, රැස් කළහ.

ශ්‍රී ලංකා (සෙසු) පිල වෙනුවෙන් උපුල් තරංග පන්දු 121 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහක් සමගින් ලකුණු 102 ක් රැස් කළේය.
කෞෂාල් සිල්වා පන්දු 122 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 99 ක් රැුස්කරමින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ පිල ලකුණු 258 ක් දක්වා රැගෙන ඒමට සමත් විය.

ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා ඒකාබද්ධ කණ්ඩායම

ශී‍්‍ර ලංකා ඒකාබද්ධ කණ්ඩායම් ඉනිම

දිමුත්කරුණාරත්න    -    ක.මු. කළා ප. පෙරේරා     3    
මහේල උඩවත්ත    -    ඇ. කපුගෙදර ප. කුලසේකර     9
කෞෂාල්සිල්වා    -    ඇ. චන්දිමාල් ප. කුලසේකර    99
ජෙහාන්මුබාරක්    -    ඇ. චන්දිමාල් ප. වෙළගෙදර    54        
සචිත‍්‍ර සේරසිංහ    -    ඇ. වෙළගෙදර ප. එරංග    38
චතුරංග දසිල්වා    -    ඇ. කුලසේකර ප. පෙරේරා     1
දිල්හාර ලොකුහෙට්ටිගේ  -    නොදැවී    35
ඉසුරු උදාන    -    ඇ. හේරත් ප. කුලසේකර     0
මදුර ලක්මාල්    -    ඇ. කණ්ඩම්බි ප. වෙළගෙදර     0
මාලිංග බණ්ඩාර    -    නොදැවී     3    
අතිරේක            16

එකතුව  ඕවර50 කදී කඩුලූ 8ක් දැවී  258

කඩුලුවැටීම:

1-9, 2-22, 3-131, 4-194, 5-197, 6-244, 7-244, 8-246

පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයා :

අකිල ධනංජය

පන්දු යැවීම:
නුවන් කුලසේකර: 10-0-45-3, දිල්රුවන් පෙරේරා: 10-0-48-2, චානක වෙළගෙදර: 10-0-62-2, ශාමින්ද එරංග : 9-0-52-1, රංගන හේරත්: 10-0-46-0, ශෙහාන් ජයසූරිය : 1-0-1-0

ශී‍්‍ර ලංකා කණ්ඩායම් ඉනිම

ශෙහාන්ජයසූරිය    -    ඇ. සේරසිංහ ප. ලොකුහෙට්ටිගේ    0    
උපුල් තරංග    -    ප. ලොකුහෙට්ටිගේ                                 102    
ලහිරු තිරිමාන්න    -    ඇ. උදාන ප. ලොකුහෙට්ටිගේ    4
දිනේෂ් චන්දිමාල්    -    ප. උදාන    5        
තිළිණ කණ්ඩම්බි    -    ඇ. බණ්ඩාර ප. උදාන    7            
චාමර කපුගෙදර    -    ක.මු. කළා ප. ද සිල්වා    49    
දිල්රුවන් පෙරේරා    -    නොදැවී    38    
නුවන් කුලසේකර    -    ඇ. උදාන ප. ලක්මාල්     6    
රංගන හේරත්    -    නොදැවී    27
අතිරේක            21

එකතුව  ඕවර 49.4 කදී කඩුලූ 7ක් දැවී 259

කඩුලු වැටීම:

1-0, 2-23, 3-34, 4-80, 5-175, 6-188, 7-205

පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ :

ශාමින්ද එරංග, චානක වෙළගෙදර

පන්දු යැවීම :
දිල්හාර ලොකුහෙට්ටිගේ : 10-1-38-3, සචිත‍්‍ර සේරසිංහ : 7-0-23-0, මදුර ලක්මාල්: 6-0-51-1,ඉසුරු උදාන : 10-0-58-2, අකිල ධනංජය : 5-0-16-0, මාලිංග බණ්ඩාර : 6-0-39-0, චතුරංග ද සිල්වා : 5.4-0-25-1