ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන දේශිය තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගනයේදී ඊයේ (14) පැවැති තරගයේ ශ්‍රී ලංකා (සෙසු) කණ්ඩායම විසින් ලකුණු 58 කින් ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පාරජය කරන ලදි.
ලකුණු 205 ක ජයග‍්‍රහි ඉලක්කයක් කරා යාම වෙනුවෙන් ඉනිම ඇරඹු ඇන්ජලෝ පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිම ඕවර 37.4 කදී ලකුණු 146 කට සීමා විය.
ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ පළමු කඩුලූ 5 ලකුණු 6 ක් තුළදී දැවා ගැනීමට ශ්‍රී ලංකා (සෙසු) පිලේ ප‍්‍රබල පන්දු යවන්නෝ සමත් වූහ. අනතුරුව ඇන්ජලෝ පෙරේරා පන්දු 58 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 43 ක් රැස් කරමින් තම පිල ගෞරවනීය තත්ත්වයකට රැගෙන ඒමට සමත් විය.
පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා (සෙසු) කණ්ඩායම ලකුණු 107 කට කඩුලූ 7 ක් දැවී දැඩි අසීරු තත්ත්වයකට පත්ව සිටියදී නුවන් කුලසේකර (61) සහ ශාමින්ද එරංග (33) නවවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68 ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ. නුවන් කුලසේකර පන්දු 78 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 61 ක් රැස් කිරීමට සමත් විය.
ලකුණු පුවරුව
ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා‘ඒ’කණ්ඩායම
ශී‍්‍ර ලංකා කණ්ඩායම් ඉනිම
ශෙහාන් ජයසූරිය - ඇ. දික්වැල්ල ප. විමුක්ති පෙරේරා 14
උපුල් තරංග - ප. ලක්මාල් 0
ලහිරු තිරිමාන්න - ඇ. දික්වැල්ල ප. විමුක්ති පෙරේරා 5
දිනේෂ් චන්දිමාල් - ප. ජයරත්න 36
මිලින්ද සිරිවර්ධන - ඇ. විතානගේ ප. විමුක්ති පෙරේරා 0
තිළිණ කණ්ඩම්බි - ඇ. දික්වැල්ල ප. ජයරත්න 20
චාමර කපුගෙදර - ඇ. දික්වැල්ල ප. ලක්මාල් 8
නුවන් කුලසේකර - ඇ. ප‍්‍රියන්ජන් ප. විමුක්ති පෙරේරා 61
රංගන හේරත් - ක.මු.කළා ප. ලක්මාල් 5
ශාමින්ද එරංග - ප. ප‍්‍රසන්න 33
ඡනක වෙළගෙදර - නොදැවී 7
අතිරේක 15
එකතුව ඕවර 44.1කදී සියළු දෙනා දැවී 204
කඩුලු වැටීම :
1-8, 2-22, 3-27, 4-27, 5-76, 6-87, 7-99, 8-107, 9-175, 10-204
පන්දුයැවීම :
සුරංග ලක්මාල් : 10-1-39-3, විමුක්ති පෙරේරා: 7ග1-0-30-4, ඉෂාන් ජයරත්න : 6-0-41-2, සීක්කුගේ ප‍්‍රසන්න : 10-0-41-1, තරිදු කෞෂාල් : 7-0-35-0, ඇන්ජලෝ පෙරේරා : 4-0-12-0
ශී‍්‍ර ලංකා‘ඒ’කණ්ඩායම
ඩිල්ෂාන් මුණවීර - ක.මු.කළා ප. කුලසේකර 0
උදාර ජයසුන්දර - ඇ.චන්දිමාල් ප. වෙළගෙදර 0
කිත්රුවන් විතානගේ - ප. කුලසේකර 4
ඇන්ජලෝ පෙරේරා - ඇ. චන්දිමාල් ප. එරංග 43
අශාන් ප‍්‍රියන්ජන් - ක.මු.කළා ප. වෙළගෙදර 0
නිරෝෂන් දික්වැල්ල - ප. වෙළගෙදර 0
ඉෂාන් ජයරත්න - දුවද්දී දැවී ගියා 3
තරිදු කෞෂාල් - ඇ. සහ ප. හේරත් 11
සීක්කුගේ ප‍්‍රසන්න - ඇ. තරංග ප. හේරත් 23
සුරංග ලක්මාල් - නොදැවී 38
විමුක්ති පෙරේරා - දුවද්දී දැවී ගියා 18
අතිරේක 7
එකතුව ඕවර 37.4කදී සියළු දෙනා දැවී 146
කඩුලු වැටීම:
1-0, 2-4, 3-5, 4-6, 5-6, 6-41, 7-56, 8-88, 9-91,10-146
පන්දුයැවීම:
නුවන් කුලසේකර : 8-1-23-2, චානක වෙළගෙදර : 8-1-36-3, ශමින්ද එරංග: 7-1-20-1, රංගන හේරත් : 9-0-34-2,මිලින්ද සිරිවර්ධන: 3-0-22-0, චාමර කපුගෙදර: 1ග4-0-6-0,ශෙහාන් ජයසූරිය: 1-0-3-0,
..
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඉතින් අනාගත්තනේ.(නදී)