මේ තිදෙනාම රූ රැජිණ කිරුළ දිනූ සුරූපිනියන්ය. ශ්‍රීමාලි ෆොන්සේකා ගැන මුලින්ම ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා කතා කරන්නට පටන් ගත්තේ ආසියානු විවාහක රූ රැජින (2012) කිරුළ රටට ගෙන දීමත් සමගය. ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස නාම යෝජනා වී ඇති ශ්‍රීමාලි මේ සූදානම් වන්නේ එළැඹෙන විසි වැනි දා චීනයේදී රටවල් එකසිය ගණනක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත ලෝක විවාහක රූ-රැජිණ තරගය නියෝජනය කිරීමටය.
සුරූපී මොනාලි මේ සූදානම් වන්නේ 2013 ලෝක සංචාරක රූ රැජිණ තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමටය. ඇයට ඒ අවස්ථාව ලැබුණු හැටි පවසන්නේ මෙලෙසිනි.
මෙවර මිස් ශ්‍රී ලංකා තරගයේදී මිස් පර්සනැලිටි හෙවත්, පෞරුෂයෙන් හෙබි සම්මානය හිමිවුණේ මටයි. ඊට පෙර වාසනා දන්තනාරායන මහත්මිය යටතේ ඇති ආර් ඇන්ඞ් වී එන්ටර්ටේන්මන්ට් සංවිධානය කළ ලෝකයේ හොඳම නිරූපිකා තරගයට ඇතුළත්ව සිටියා. ඉන් පසුව දෙරණ වීව් පෞරුෂයෙන් හෙබි සම්මානය ලැබීමත් සමග 2013 ලෝක සංචාරක රූ රැජිණ සඳහා ශ්‍රී ලංකාව නියෝජනයට සුදුසුකම් ලැබුවා.
එසේ පවසන මොනාලි චීනයේ පැවැත්වෙන සංචාරක රූ රැුජිණ තරගයට පිටත්ව යාමට සූදානම් වෙද්දී ”ලස්සන කළු කෙල්ල” නමින් අද බොහෝ දෙනා අතර ප‍්‍රකට අනෙක් සුරූපිය කවුද කියා බලමු. ඇය නමින් සොලංගි ක‍්‍රිස්ටිනා ගුණවිජය වේ. ශ්‍රී ලංකා දැල්පන්දු සහ පැසිපන්දු ක්ෂේත‍්‍රයට ඇය අමුත්තියක නොවෙයි. ඒ අංශ දෙකෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කිරීම ඊට හේතුවයි. අඩුම වයසින් ශ්‍රී ලංකාව නියෝජනය කළ දැල්පන්දු ක‍්‍රීඩිකාව ලෙස ප‍්‍රකටව සිටින සොලංගි, පසුගියදා පැවැති දෙරණ වීව් ශ්‍රී ලංකා රූ රැජිණ තරගයේදී - ශ්‍රී ලංකා රූ රැජිණ ලෙස කිරුළ දිනාගත්තාය. ක‍්‍රීඩා අංශයෙන් ජාතික කණ්ඩායම නියෝජනය කළ ක‍්‍රීඩිකාවක ලෙස රූ රැජිණ කිරුළ දිනාගත් එකම සුරූපිනිය ඇයයි. මෙවර ශ්‍රී ලංකා රූ රැජිණ වීමත් සමගම ඉදිරියේදී පැවැත්වෙන ලෝක මිහිකත රූ රැජිණ තරගය සහ ලෝක නිරූපිකා තරගය සඳහා ඇය ශ්‍රී ලංකා නියෝජනය ලැබ සිටින්නීය.
ලස්සන කළු කෙල්ල නමින් ක්ෂේත‍්‍රයේ ප‍්‍රකටව සිටින සොලංගිගේ පදිංචිය රුක්මල්ගමය. වයස අවුරුදු 22කි. උස අඩි 5යි අඟල් 10කි.
නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකාවෙන් පාසල් අධ්‍යාපනය හදාරා ඇති සොලංගි කළමනාකරණ අංශයේ උසස් අධ්‍යාපනය ලබන අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් පැසිපන්දු කණ්ඩායම නියෝජනය කරන්නීය. එම අංශය මෙන්ම දැල්පන්දු අංශයෙන් ද ශ්‍රී ලංකාව නියෝජනය කළ ඇය අද පැසිපන්දු අංශයෙන් පමණක් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නීය. ඇයට සිටින්නේ, අම්මා-තාත්තා සහ නැගණිය පමණි. නැගණියද ඇයගේ අඩිපාරේ යමින් ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම නියෝජනය කරන්නීය.
සුරූපී මොනාලි දිසානායකගේ වයස අවුරුදු 23කි. සිරිමාවෝ බාලිකාවෙන් අධ්‍යාපනය ලද ඇයගේ ගම කඩවතය.
අම්මා - තාත්තා - අක්කා ඇයගේ පවුලේ උදවියයි. නැව් සමාගමක සේවය කරන මොනාලි වෛද්‍යවරියක වීමේ අරමුණ ඇතිව ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළට මුහුණ දුන්නාය. නමුත් පසු කලෙක ඇයගේ මිතුරියන් නිරූපණ ක්ෂේත‍්‍රය නියෝජනය කිරීමත් සමගම ඇයට ද එම ක්ෂේත‍්‍රය ගැන උනන්දුවක් ඇති වූ බව පවසන්නීය.
ලෝක විවාහක රූ රැජිණ තරගය නියෝජනය සඳහා අවස්ථාව ලබා සිටින සුරූපී ශ්‍රීමාලි ෆොන්සේකා පෝල් පෙන්ඩර්ස් නමින් ඇයගේම රූපලාවන්‍ය ආයතනයක් පවත්වාගෙන යන්නීය.
මෙවැනි තරග නියෝජනය කිරීම ගැන ඇය පවසන්නේ මෙලෙසිනි.
”සමහර විට ඉස්සර මෙවැනි තරග නියෝජනය කරන විට ලෝකයේ බොහෝ දෙනා හිතුවේ ශ්‍රී ලංකාව කියන්නෙ ඉන්දියාවේ කොටසක් කියලයි. සමහර රටවල් අදටත් හිතන්නෙ එහෙමයි. ඒත් පසුගිය කාලවලදී ශ්‍රී ලංකාව මෙවැනි ජාත්‍යන්තර තරගවලින් ජයග‍්‍රහණය කළ නිසා දැන් දැන් ශ්‍රී ලංකාව ගැන ලෝකයේ නොදන්නා අයත් දන්නවා. ඇත්තටම පුංචි වුණත් අපේ රට ස්වාධීන සුන්දර රාජ්‍යයක් කියන පණිවුඩය මට දෙන්න පුළුවන් නම්, අන්න එය තමයි මෙවැනි තරගවලට දායක වීමෙන් මට ඇති සතුට සහ අරමුණ.
ශ්‍රීමාලි එසේ ඇයගේ අරමුණ ගැන ප‍්‍රකාශ කරන විට මොනාලිගෙන් අපි ඇහුවෙ තරුණියන්ට මේ තැන සුන්දර තැනක් ද කියලයි.
”ඇත්තටම ඕනෑම තැනක් සුන්දර කරගන්න පුළුවන් වෙන්නෙ අපි සුන්දරව හිටියොත් විතරයි. මේ ක්ෂේත‍්‍රයේදී හෝ වෙනත් ඕනෑම තැනකදී අපි - අපේ සීමාව හඳුනාගන්න ඕනෑ. මිනිස්සු බලාගෙන ඉන්නෙ කතා හදන්නයි. මොකද මිනිස්සුම හදාගත්ත මතයක් නිසයි. අන්න ඒ මතය වෙනස් කරන්න පුළුවන් වෙන්නෙ අපි හරියට හිටියොත් විතරයි.
ඇත්තටම මෙවැනි තරග අපේ රටට හොඳයි.
ඇත්තටම අද වන විට එය ඉතා හොඳ දෙයක්. මොකද අපි ලෝකයට ගිහින් ජය ගෙනාවොත් ඒ කීර්තිය රටටයි. මෙවර චීනයේ පැවැත්වෙන සංචාරක රූ රැජිණ තරගයට රටවල් 135ක් පමණ දායක වෙනවා. ඔක්තෝබර් 11 වැනිදා පැවැත්වෙන අවසන් තරගයේදී ශ්‍රී ලංකාවට ජයක් ගෙනදීම මගේ අරමුණයි. සංචාරක කර්මාන්තයේ දියුණුවට - ප‍්‍රවර්ධනයට එය තවත් ලොකු පියවරක් වේවි.
සොලංගි ද මේ ලද අවස්ථාව වෙතින් උපරිමය කර ලංකාවට කීර්තියක් ගෙන දීම අරමුණ බව පවසන්නීය. මෙලෙසින් ක‍්‍රීඩාවට මෙන්ම රූ රැජිණ වීමට ඇයට ඇයගේ උස සහ බුද්ධිමත් බව ඉවහල් වූ බව කියන සොලංගි, දිහා බලන සමහරු හිතන්නේ ඇය වෙනත් රටක තරුණියක යැයි කියාය. කෙසේ වෙතත් සොලංගිට මේ සියල්ලට අමතරව ගැයුමට ද හැකියාව ඇති බව කිව හැකිය.
”නෙත්යුග රන්තරු යුවළ තමයි
තොල්පෙති නාදළු වලට සමයි
මගෙ හද ඔබෙ සුව යහන තමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි”
ගීතය වගේම තවත් බොහෝ ගීත සොලංගිට ලස්සනට ගයන්න පුළුවනි. මෙලෙසින් විවිධ වූ හැකියාවන් සමග දක්ෂතා පෙන්වන මේ සුරූපිනියන් තිදෙනා රූපයට පමණක් මුල්තැන් දී කටයුතු කරන අය නොවන වග සපථ කරයි. ජීවිතය සමනළියන් සේ සැහැල්ලූවෙන් ගත කිරීමට අකමැති වුවද, අරුත්බරව සරලව - සැහැල්ලූවෙන් ගතකිරීම අරමුණ බව ද සඳහන් කරයි. රූ සපුව සහ ඒ සිතිවිලි කර පින්නාගෙන ශ්‍රී ලංකාවට කීර්තිය ගෙනදීම වෙනුවෙන් ලෝකයේ පියඹා යන මේ තිදෙනාට ඒ කිරුළු රටට ගෙනෙන්නට අවකාශය ලැබේවායි අපි සුබ පතමු.
හැඩගැන්වීම්: ශ්‍රීමාලි ෆොන්සේකා (පෝල් පෙන්ඩර්ස්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලූලා නැති වලට කනයා පණ්ඩිතයා......... (ස)
සෑම කාන්තාවක්ම ලස්සනයි ..කියන තැන ඉදල මේ අයගේ ලස්සන බලන්න....ඔය රුප රාජිනි තරග වල විනිශ්චය දෙන විදිය ගැන අපිට ලොකු අවබෝධයක් නැහැනේ....මෙයාලගේ මොකක් හෝ විශේසත්වයක් ඇති අපි නොදකින.......විනිශ්‍ය මන්ඩලය දැකපු.....අ මොනවා උනත් අපේ රට ඉන්දියාවේ කොටසක් නොවන බවනම් දැන් ලෝකයම දන්නවා..... ඒ බව නම් මම හොදටම දන්නවා.... (නදී)
ලස්සන ඔහොම බලන්න බැහැ. ලස්සන බලන්න ලස්සන හදවතක් තියෙන්න ඕනේ. මිට වඩා ලස්සන ගැටිස්සියෝ ගම්වල ඉන්නවා. කැළේ පිපෙන කැළේටම පරවෙනවා.(නදී)
මීට වඩා ලස්සන කෙල්ලො කොච්චර ඉන්නවද? (ස)
අනේ මන්දා පවු තමයි එත් හැමෝම වාගේ මට නම් මෙයාලගේ ලස්සනක් පෙන්න නැහැ. අනිත් ඒවා බලපැවත් ඉස්සෙල්ලම බලන්නේ රූ රැජිනක් නම් ලස්සන නේද. අනික මොකට ඔය හැටි මේකප් දානවද. අපේ අය ගොඩක් ලස්සන මේකප් නැතිව. (අ)
රූ රැජිනලා ද මේ. (ස)
මම කැමති සොලංගිට. ඇය හරිම ලස්සනයි. ඇයට හොඳ උසක් තියෙනවා. ගැහැණු අය අතර උස අය අඩු නිසා උස කෙනෙක් හිටියොත් කැපිලා පේනවා හරිම ඉක්මනටම. ඒ වගේම ක්‍රීඩා කරපු නිසාද දන්නේ නැහැ ඇගේ සිරුරේ හැඩය හා නම්‍යශීලී බව ඉතාම ඉහළින් පවතිනවා. ඒ නිසාම මට නම් සොලංගි හරිම රූමත් යුවතියක් (අ)
අපට ලස්සන නැති උනාට පින්තුර ගත්තු කෙනාට ලස්සන පේන්න ඇතිනේ?.(නදී)
රූ රැජින නෙමෙයි මටනම් පේන්නේ ධාවන ශූරියක් වගේ ?.(නදී)
කැමරා කාචයට පෙනෙනවා මදි ඇති.මේක ඉතින් ඇස් දෙකෙන්ම දැකලා තමා දැනගන්න වෙන්නේ (නි)
මට නම් මේ ගොල්ලෝ ලස්සන නැහැ.... (ස)
අර හැමෝම කීව වගේ උස ළමයා තමා ටිකක් හරි පෙනුමට ඉන්නේ. අනික් දෙන්න කොහොම රුප සුන්දරියෝ උනාද දන්නේ නැහැ. ඇත්තටම ලංකාවේ කොච්චර ලස්සන හොඳ රුප තියන කෙල්ලෝ ඉන්නවද. රූප සුන්දරියකට තියෙන්නම අවශ්‍ය කේශ කලාපෙත් නැනේ මෙයාලට. (ස)
කළු උස ලමයා නම් ගතියක් තියනවා අනිත් දෙන්න අනේ මන්දා ?අපේ ඇස් වල දෝෂයක්ද?.(නදී)
පිස්සු නැත්නම් ෂෝක්. අනේ ලංකාවේ ලස්සන කෙල්ලෝ ඇත්තෙම නැද්ද මීට වඩා.. (ස)
පවු අනේ හරි දුකයි මේ අය ගැන (දිල්)
රෝස පාට ඇඳුම ඇඳන් ඉන්න ළමයා ලස්සන රෝස මලක් වගේ ලස්සනයි. (ස)
මේක කුහක කමින් කියන දෙයක් නෙමෙයි . මේ තුන්දෙනාගේ කිසිම ලස්සනක් මට පෙන්නේ නෑ.(නදී)
මේ තුන්දෙනාම ලංකාව වෙනුවෙන් නියෝජනය කිරිම රටට ආඩම්බරයක්.(නදී)
අනේ මන්ද, මෙයාලට රූ රැජින කිවොත් රු රැජිනට මොනවද කියන්නේ. මෙයාලද ලංකාවේ ඉන්න ලස්සනම අය. රන්ජිත් මහත්මය කිව වගේ ඇස් වල දෝෂයක්ද කොහෙද.(නදී)
මේ කවුද අනේ? (ස)
අපිට පාන්ද? අපිව පාරේදී දැක්කත් මෙයාල හිනා වෙන්නේ නැහැ .. (ස)
කෝ ඉතින් රූප සුන්දරියෝ? (නි)
කොහොමත් රූ රැජින තෝරන්නේ ලස්සන බලල නොවේ. ලස්සනත් ඉවහල් වෙනවා නමුත් පොදු දැනුම සහ අනෙකුත් ක්‍රියා කාරකම් කිහිපයක්ම ඊට බලපානවා. ඒ නිසා හැමෝම කියනවා වගේ මෙයාල හරියට "දුරට ඇපල් ලඟට පැපොල් වගේ" ලස්සන කියන වචනෙටත් මෙයාලටත් කිසිම සම්බන්ධයක් නැහැ. .(නදී)
ලංකාවේ මීට වඩා ලස්සන අය නැද්ද? (නදී)
ඇත්තටම මෙයාලට වඩා ලස්සන අය ලංකාවේ නැද්ද? (නි)
මේ නංගිලා තුන්දෙනාටම රෝමයේ සිටි ශාන්ත වැලන්ටයින් සාන්තුවර මුනිතුමාගේ බැල්ම අරාක්ෂාව ලැබේවා! (නි)
මිට වැඩිය ලස්සන අය ඉන්න එක වෙනම දෙයක්. ඒත් මේ ඉන්න අයට මෙහෙම කියන එක වැරදියි නේද? මොකද ඒ අය දැන් එතෙන්ට ගිහින් ඉවරනේ. (නි)
මෙයාලා දැකලා මගේ මුහුණ ඇඹුල් උනා අනේ.(නදී)
මේ තුන්දෙනාගේ මුහුණු ලස්සන මදි කියලයි මටත් හිතෙන්නේ. මොකද ඔක්කොටම කලින් ලස්සන මුහුණක් තියෙන්නේ ඕනෑනේ. හරියට අයිශ්වර්යා වගේ. (නි)
රටට ආදරේ මිනිස්සු හැමදාම මහ පාරේ. (නි)
අනේ මන්දා මේ අයද ලංකාවේ ඉන්න ලස්සනම අය.(නදී)
තුන්දෙනාම ලස්සන ඔසරියක් ඇදගෙන හිටියනම් . (අ)
රූ රැජිනක් වෙන්න ලස්සන පමණක් නෙමෙයි බලන්නේ. මෝඩ කතා කියන්න එපා (නි)
මෙහෙමත් කෝලම්! (නි)
අපේ රට නියෝජනය කරන්න උගත්, ලස්සන ළමයි අවශ්‍යයි (නි)
මෙයාලට සුබපතනවා ,අනිත් අයත් ඇ කුද නොකියා හිටියොත් හොදයි. ශ්‍රී මාලී ආසියානු විවාහක රූ රැජිනක්වූ කෙනෙක්..(නදී)
සාමා, තුන් දෙනාට එක ඔසරියක් අන්දවන්න බැහැනේ (නි)
මේ ගොල්ලෝ හොදට මේකප් එහෙම දාලා මෙහෙම නම් ,මේකප් ටික ඇරලා ගත්තොත් කොහොමට හිටීද? (නි)
තුන්දෙනාගේ උසේ තරම දාලා ඉන්න සපත්තු වලින් පේනවා (නි)
මටත් කියන්න තියෙන්නේ ශිවන්ති කියල තියෙන එකම තමා. මෙලෝ රහක් නැහැ. .(නදී)
අදහස් දාන අය වෙත, ලස්සන අය ගමේ හිටියට වැඩක් නැහැ. තරඟෙට ඉදිරිපත් උනේ නැත්නම්, කරුණාකර එයාලවත් උනන්දු කරවන්න. (ස)
තරගයේ ප්‍රතිපල දැන්ම හිතාගන්න පුළුවන් (නි)
මරේ මාරු කතා ටික, .(නදී)
ලස්සන ගැහැණු ළමයි ටිකක්... (නි)
මම නම් පොලට යනකොට දැකල තියනවා මීට වැඩිය ලස්සන කෙල්ලෝ. මම හිතන්නේ රූ රැජිනක් කියන්නේ අපි කියන ලස්සන වෙන්න බැහැ. අමුතු ඒවා බල්ලලා තමයි තෝරනවා ඇත්තේ.(නදී)
මෙයාලට වඩා ලස්සන යුවතියන් ඉන්නවා (නි)
මේ ලෝකේ රහක් නැහැනේ. (ස)
මීට වැඩිය ලස්සන අය අපේ රටේ ඉන්නවා. ඒත් ශ්‍රීමාලි අමුතු ගතියක් තියෙනවා..(නදී)
ඉරිසියාවට එහෙම නෙමෙයි, මන්දා කැමරාවේ වැරැද්දක්ද මගේ ඇස්වල වැරැද්දක්ද? මට නම් කිසිම ලස්සනක් නැහැ. ලංකාවේ කොයි තරම් ලස්සන ගැහැනු අය ඉන්නවද? (නි)
ඇත්තම කිව්වොත් කොල්ලෙක්ට මේකට ප්‍රතිචාර දක්කවන්න අවශ්‍ය නෑ හේතුව "නදී" කියන කෙනා හොඳට වැඩේ කරගෙන යනවා....(නදී)