ශ්‍රී ලංකා චෙස් සංගමය සංවිධානය කළ ශ්‍රී ලංකා විවෘත චෙස් තරගාවලියේ (2012) ශූරතාව දිනා ගැනීමට ජී. සී. අනුරුද්ධ සමත්විය. බොරැල්ල මැගසින් උත්සව ශාලාවේදී පැවැති මෙම තරගාවලියේදී අනුරුද්ධට තියුණු තරගයක් ලබා දුන් ආර්. වීරවර්ධන අනුශූරතාව ලැබීය.අනුරුද්ධ සහ ආර්. වීරවර්ධන තරග වට 9 අවසානයේදී සම ලකුණු (8.5) ලබා සිටි අතර අනුරුද්ධ ඉදිරියෙන් සිටි ක‍්‍රීඩකයන් පරාජය කිරීමේ වාසියෙන් ශූරතාව හිමිකර ගත්තේය.සී. යු. සිල්වා ලකුණු 8.0 ක් ලබා තෙවැනි ස්ථානය ලැබීය. තරගාවලියේදී වත්මන් ජාතික චෙස් ශූරයා වන ඉසුරු අලහකෝන් අට වැනි ස්ථානයට පත්විය. ජයග‍්‍රාහී අනුරුද්ධ ජාතික චෙස් තරගාවලියේ අනුශූරතාව දිනාගත් ක‍්‍රීඩකයාය.ජාතික චෙස් ශූරී සචිනි රණසිංහ දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd