චීනයේ හයියැන්ග් නුවරදී පැවැත්වෙන 3 වැනි ආසියානු වෙරළ (බීච්) ක‍්‍රීඩා උළෙලේ වොලිබෝල් තරගාවලියේ අද (12) සහභාගි වු සියලූ තරග ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම් සමත්වුහ. ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් පිරිමි ‘ඒ’ පිලේ මලිත යාපා සහ අසංක ප‍්‍රදීප් විසින් තුර්කිස්තානය (21/9, 21/12) පරාජය කරන ලදහ. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් දෙකම ඊයේ තුර්කිස්තානය සහ මොන්ගෝලියාව පරදවා ජය ගත්තේය. තුර්කිස්තානය (21/4, 21/5) ක් ලෙස පරාජය කළ ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ පිලට ගීතිකා ගුණවර්ධන සහ තක්‍ෂිලා ගුණසිංහ ඇතුළත් වුහ.නිරෝෂා ලක්මිණී සහ බී. ජී. ගුණසිංහ ශ්‍රී ලංකා කාන්තා ‘බී’ පිල නියෝජනය කරමින් (21/18, 21/7) ක් ලෙස මොංගෝලියාව පරාජය කිරීමට සමත්වුහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව අද ජපානෙ පරද්දලා කාන්තා පිරිමි ශූරතා දෙකම දිනුවා නේද?